Thursday, December 29, 2011

ෆේස් බූක්.....

ෆේස් බූක්.....


'කම්මැලියි!කීමි මං.
'වරෙන් ෆේස් බූක්'- මගේ මිතුරා,
උදේ දවල් රෑ තුන් වේලටම,
අතරට හා අතුරුපසටත්
ඒකේම පැලපදියම්ව සිටි...
'අපෝ!'
'යන්ඩ හෙම එපා!'
'ඕක මහ පිස්සුවක්!'
'ජරාවක්!'
'ඇබ්බෙහි   වේවි ඕන්!'
'අපෝ මං දන්නවා!සිනාසේ මං...
ඒත් වස කම්මැලියි...
දවසක්, දෙකක්, තුනක්..???
දැන්නම් අමාරුයි ...
ලස්සන හෝම් පේජ් එක!
අහ්ඒතරම් අමාරුත් නැහැ නෙව!
ඇබ්බෙහි වෙන්නද මේකේ මොනව?....,
මං දන්නවනං මං කරන දේ ...
මගේ හිත මට ෆුල් සපෝර්ට්..
හැබෑ තමා.....
මේකේ තියෙන කෑලි ගොඩ!
පාළුව යන්ඩ යාළුවො සේරම! 
ෂාහ්! මල් හතයි!....


කාලේ ගෙවෙනව...
උදේට නිකං පොඩ්ඩක් යනව,
කම්මැලි කමෙන් දවස පටන් ගන්ඩ හොඳ නෑ නෙව!
දවල්ටත් ඉතින්
නෑ නෙව කරන්ඩ වෙන වැඩක්!...
ඒක ඉතිං සුට්ටක් හවස් වෙනකන් ඇදෙනවා,
ඒක වෙනම කතාවක්...
රෑට!
රෑට තමයි හොඳම හරිය!
යාළුවොඅයාළුවො සේරම චැටට එනව...
එක එක ජාතියේ කෙල්ලෝ - එක එක වෙලාවට....
මෙහෙව් කෙල්ලෝ ටිකක් හම්බුනේ නෑ නෙව
මං ඉස්කෝලේ ගිය කාලෙක වත්...
'අඩේ..බුල්ටා! කොහොමෙයි??' 
අම්බෝ!... ඉස්කෝලේ ගියාට පස්සේ කොල්ලෝ ටික හම්බෙච්ච කල්!!....
අනේ!..ෆේස් බූක් නං හරී සෝක්!.. 
කාලෙ ගෙවෙනව....
'කම්මැලියි!යාලුවෙක් මට කියනව...
'අහ්!.... වරෙං ෆේස් බූක්!..............!'   
- බුල්ටා.




7 comments:

හී...අපි බහුතරයක් අත්විඳින ඇත්ත!!! නියමයි නංගියෝ!!! :))) ලස්සනයි.... [මොනවා කිව්වත්,මමනං මේ දැනුත් ඔන්න ඔය මුඋනු පොතේ ඉන්න ගමන තමයි මේ පැත්තේ ආවේ ඔන්න :)) ]
 
හිහ් හී...:D :)) බොහොම ස්තුති වේවා!! .. අනේ මම නම් මේ මුණු පොතක් පැත්තක වත් ඉඳං නෙවෙයි මේක දාන්නේ...හහා...lol :P :P
 
ඕං ඇරියා කෙබ්බයක්.......!!
 
ඔ්ං බලමුකෝ ඒකෙත් හැටි ඈ... මේ... මට රික්වෙස්ට් එකක් දානවද එහෙනං...
 
@ඒෂියන්- හික් හික්..ඒක තමයි.. කොහොමද මගේ හැකියාව!!??? hahaa.. :P :D

@නරකයා- hehe..ඒකනෙ බලමුකො එකෙත් හැටි!!! හිහ් හී.. හා කෝ!! :P
 
රෑට තමා හොදම හරිය
පාලුව යන්නට යාලුවො සේරම
 
hehe...යාළුවො, අයාළුවො සේරම චැටට එනව... :P lol
 

Post a Comment