අපි ඉස්කෝලේ ගිය කාලෙ කරපු එක්තරා ඉතා අහිංසක බයිටක් ගැන තමයි මේ post එකෙන් ලියවෙන්නෙ. මේ කතාවෙ කතා නායකයා ඇවිල්ලා අපේ සදාදරණිය සහෝදර පාසලේ ඉගෙන ගත්ත ඒ වචන වලින්ම කිව්වොත් මගේ ගොඩාක් හොඳ ‘බොක්කක්!’ (මූ හදිසියේ මගේ ඔලුව කෑවොතින් නිසා මුලින් butter ටිකක් ගාල තියන එක කෝකටත් හොඳයි! hehe :P )
හොඳයි අපි එයාට කියමු ‘ලක්පති’ කියල! (මේ ඇත්ත නම එහෙම නෙවෙයි!!) මෙයා ඇවිල්ලා හරි ෂෝක් හුරුබුහුටි පාට ළමයෙක්! අපේ යාළු කමටත් දැන් අවුරුදු ගානක් වෙනව. ඒත් වැඩේ තියෙන්නෙ අනේ මේ ළමයට මල පනින්නෙ එහෙම හරීම අඩුවෙන්. අඩුවෙන් කියන්නේ...නිකං පනින්නෙම නැති ගානයි! (ඉතිං මටත් මල පනින්නෙ ඊට පොඩ්ඩ්ඩක් වැඩියෙන් නිසා අපි රණ්ඩු නම් වෙන්නම නැති ගානයි. රණ්ඩු?? ඒ මොනාද ඒ???? හරි ඒක වෙනම කතාවක්.)
ඉතිං...මේ ළමය එහෙම අවුස්සන්න කාටවත් බෑ. එයා එහෙම ඇවිස්සෙන්නෙත් නෑ.. අම්බෝ..හරිම cool පොරක්! cool කියන්නේ.. ice වෙලා, වෙව්ලලා, ඉරිතලනව.. hehe.. හරි හරි.. ඒ ඇති!
කොහොම හරි ඉතිං අපේ මේ ලක්පති අපේ ඉස්කෝලෙ සැලකිය යුතු තත්වයක් තිබ්බ ළමයෙක්. ගොඩක් නෙවෙයි පොඩ්ඩක් එහෙම කට්ටිය දන්නව ඉතිං..(එහෙම තමයි. නැතුව මෙව්ව කියෝලා අරූ තව උඩ ගියොත් එහෙම ආයෙ අපටමයි කරදරේ!! :P ) කොහොම හරි අපි දෙන්නටම සිංහල සාහිත්‍ය බැරි වුණත් (අපි දෙන්නට නෙවෙයි එහේ, මෙහේ හැමෝටම ඉතිං..:P) අපි දෙන්නම ඒ වගේ සංගමේක වැඩ කළා ඉස්කෝල දෙකේ.( ‘කළා’ කියන්නේ.. ‘කරන්න සිද්ධ වුනා!) හරි.. මේ හඳුන්වාදීම ප්‍රමාණවත් මං හිතන්නෙ අපේ කතාවට....
ඔන්න ඉස්සෙල්ලම A/L කරන කාලෙ, මට හිටිය හරි වැදගත් යාළුවො සෙට් එකක්! :P ඒ දවස්වල ඉතිං vacation එකේ ඉස්කෝලෙ extra classes දානවනෙ. කොහොම හරි ලක්පති ගෙ උපන් දිනෙත් මේ කාලෙ දවසක වැටිල තිබුණ. ඉතිං දවසක් අර කිව්ව වැදගත් යාළුවො සෙට් එකේ ඉතාම වැදගත් යාලුවෙක් වෙච්ච අපේ ‘කවියා’ ඌම කියාගන්න විදියට ‘golden idea’ එකක් ගෙනාව අපි අදාල දවසට මොකක් හරි බයිටක් මේ ළමයට දෙමු birthday surprise එකක් වගේ කියල!
(අන්න බලන්න කොච්චර අහිංසක පරමාර්ථයක් ද!! නැත්තං ‘මම’ කැමති වෙනවයැ! :D lol )
(අන්න බලන්න කොච්චර අහිංසක පරමාර්ථයක් ද!! නැත්තං ‘මම’ කැමති වෙනවයැ! :D lol )
කොහොම හරි අදාල දවසෙ අපිට chemistry extra class එකක් තිබුණ. දැන් උදේම අපේ සුජී ආපු ළමයි ටිකත් පිරිවරාගෙන අපිට ඉන්න class room එකක් හොයනව. එයා අපිව ඔෆිස් එක ඉස්සරහ තියල ඔන්න ගියා lab එකක් හරි මොකක් හරි free ද බලන්න. අන්න අදාල නැකත එළඹුණා! ඔත්තු බලන වැඩේට කට්ටියක් දාල මමයි, කවියයි, අමයයි, ගීසුයි ෂේප් එකේ ටෙරාසෝ එකට ගියා. දැන් හරි. රඟපාන වැඩේ ඒකමතික කැමැත්තෙන් අමයට භාර දුන්න මොකද එයාට හරි පොඩ්ඩයි රඟපාන්න පුළුවන්. කවියයි මායි එකතු වෙලා කියන්න ඕනි ටික උට ඉගෙන්නුවා. ඊට පස්සේ අපි පොඩි rehearsal එකක් කළා, මම ලක්පති කියයි කියල හිතෙන විදියට අමය කියන ඒවට උත්තර දීල.
දැන් හරි! කවියගෙ ෆෝන් එකෙන් ලක්පතිගේ number එක dial කරල loudspeakers දැම්ම. ගීස් ගෙ ෆෝන් එකෙන් recording දාල! දැන් සියල්ල සුදානම්!!! :D :D
rings යනව. එහා පැත්තෙන් ලක්පතිගේ සුපුරුදු හඬ!
“ඇලෝව්...?”
ඔන්න අමය අපි උගන්නපු දෙබස් ටික කියනව. “හෙලෝ, මේ.. ලක් පනී අමරසේකරද...??”
විනාඩියක නිශ්ශබ්දතාවයක්. මට දැනුත් ලක්පති ගෙ මුණ මැවිල පේනවා!
“කවුද?” ටික වෙලාවකින් ඌ ආයෙ අහනව.
“ලක්පනී අමරසේකර??”
අමයා බබා වගේ අහද්දි අපි සද්ද නොකර ඉන්න අති විසාල උත්සහයක් ගත්ත. ඔන්න දැන් රතු කට්ටට ලඟයි! අපිට ඒක ඒ තරම්ම සාමාන්‍යයිකරණය වෙලා; tone එක වෙනස් වෙද්දි කියතැකි.
“Err.. ලක්..පනී කියල කෙනෙක් නෑ නෙ මිස්, මම ලක්පති අමරසේකර!” අනේ හැබෑද..?? හරි මාරයි!!
(අමය බොහොම සාමාන්‍ය හඬින්) “අර.. අහවල් ඉස්කෝලෙ සිංහල සාහිත්‍ය සංගමේ...?”
“ඔව් ඔව් මිස්..එයා තමයි..” වාක්‍ය ඉවර කරන්නත් කලින් පැනල දුන්න. වඩා හොඳයි! :P
(ඉතා ගරු ගාම්භීරව) “ආහ්.. මම මේ කතා කරන්නෙ පුතා අහවල් ඉස්කෝලෙ ළමයෙක්ගේ අම්ම කෙනෙක්!”
(මේ අහවල් ඉස්කෝලෙ කලින් අහවල් ඉස්කෝලෙ නෙවෙයි හොඳද? මේක අපි දෙගොල්ලොගෙම ඉස්කෝල වලට අදාලත්වයක් නැති, අපට ටිකක් දුර, වෙන කාන්තා පාසලක්).... .
ඔන්න ලක්පති පොඩ්ඩක් cool! ඇයි ඉතිං parent කෙනෙක්ට කතා කරනකොට පොඩ්ඩක් තියෙන්න එපැයි පොඩි මෙව්ව එකක්.
“ඔව් මිස්..කියන්න..”
“ආ..! ඔගොල්ලොන්ගේ තිබ්බ නේද පුතා අර අන්තර් පාඨශාලයිය රචනා තරඟ වගයක්??”
“ඔව් මිස්..”
“ආ..! මගේ දුව පුතා ඔයාලගෙ ඔය තරඟෙකට සහභාගී වුණා..ඔයාල result sheets ඉස්කෝලෙට එවල තිබුණ නේද ගිය සතියෙ?”
“ඔව් මිස් ..ඉතිං?” මූ නිකං මහ ඒජන්ත උන්නාන්සෙ වගේ කතාව! අපිට මිස් කිය කිය මෙතන! :P :P
(ඉතාම serious හඬින්, මහා පුදුමයක් විස්තර කරන්නා සේ) “ඉතිං පුතා අපේ දුවගෙ නම ඒ ලිස්ට් එකේ නෑ නේ!!!! :O ”
තවත් නිශ්ශබ්දතාවයක්.. ලක්පති ඇස් ලොකුකරල අර cartoons වල වගේ ‘මික් මික්’ කියල පිල්ලම් ගහනව මට මැවිල පෙනුන. දැන් නම් සද්ද නොකර හිනා වෙන්න ඉතාම අමාරුයි..
“Errr... ලිස්ට් එකේ..නෑ කියන්නෙ මිස්...???”
“ලිස්ට් එකේ නෑ කියන්නෙ පුතා ඔයාල ඉස්කෝලෙට එවපු result sheet එකේ අපේ දුවගෙ නම නෑ. ඒ අංශෙන් දිනපු කට්ටිය හැටියට තියෙන්නෙ වෙන නම් ටිකක්!!!”
ඔන්න දැන් අපහු රතු කට්ට පැනීමට ආසන්නයි.. හොඳ හොඳ ඒවා අපේ ලක්පතිගේ ළමා මනසට එන්නට ඇතුවාට සැක නැත! hehe..
“ඉතිං මිස් එහෙනම් මිස්ගෙ දුව ඒ තරඟෙන් place කරන්න නැතුව ඇති! ලිස්ට් එකේ තියෙන්නෙ දිනපු අයගෙ නම් විතරනෙ!”
(අපේ අමයා ඒ අතින් සිරා ය! අනේ හිනා යන කතා කියන්න එපා කියන්නා සේ) “හහ්හ්!! place කරන්න නැතුව ඇති?? place කරන්නෙ නැති වෙන්නෙ කොහොමද පුතා??!!! දැන් බලන්න අපේ දුව මේ සිද්ධිය නිසා මානසිකව කඩා වැටිල!!!”
සද්ද නොකර හිනා වීම නිසා අපේ හුස්ම හිර වෙන්න ආසන්නයි. ඔන්න්න රතු කට්ටට තව පොඩ්ඩායී...
“කඩා..වැටිල කියන්නෙ මිස් ඉතිං ඕක ලියන හැමෝටම දිනන්න බෑ නේ! තරඟයක් වුනාම ජය පරාජය දෙකම බාර ගන්න ලෑස්ති වෙන්න ඕන! ළමයි කී දෙනෙක් ඕකට ලිව්වද!!”
“ඔයා එහෙම කතා කරන්න එපා පුතා! අපේ දුව සමස්ත ලංකා පවා place කරපු ළමයෙක්.. දැන් ඔයාලගෙ ඔය තරඟෙ සමස්ථ ලංකා නෙවෙයි නේ!!!”
අන්න්න්න පැන්නා.. මල් පොකුරු පිටින්න්න්...hehehe.. මේ වෙලාවට තමයි ඔලුවෙනුත් එක්ක හිනා යන්නෙ. මූ කියන්නෙ rehearsal එකේදි ඌ වෙනුවට මම කියපු ටිකමයි.
(අධි ගැම්මෙන්) “මොකද්ද.. මොකද්ද දැන් සමස්ත ලංකා නෙවයි කියන්නෙ මිස්?? සමස්ථ ලංකා නෙවෙයි වෙන්නෙ කොහොමද! කවුද කියන්නෙ?? කොටින්ම අපි මේක යාපනේටත් අරන් ගියා!!”
අමය මං දිහා බැලුවා.
“දැන් කවුද මේවා බැලුවේ? මට දෙන්න ඉහල කෙනෙක්ගෙ number එකක් මං කතා කරන්න!”
“බැලුවේ experienced pannel එකකින්. ඒකට principal ගෙයි අදාල හැමෝගෙමයි අනුමතය ලැබිලයි තියෙන්නෙ. කොටින්ම මේකට අහවල් අමාත්‍යංශයේ අනුමැතියත් තියෙනව. අපිට මේ වගේ පොඩි දේවල් වලට කතා කරන හැමෝටම numbers දෙන්න එපා කියල තියෙන්නෙ. කියන්න තියෙන දෙයක් මට කියන්න.”
අමය ආපහු මං දිහා බැලුවා. ඌ පස්සෙ වෙලාවක මට කිව්ව ‘මට හිතුන තමුසෙල දෙන්න එකතු වෙලා මාව බයිට් කරනවද කියල!’ ඇයි අරූ කියන්නෙ කලින් මම කියපුවම නෙ! hehe..ඇඬී ඇඬෙනව!!
(ටිකක් සැරෙන්) “මෙහ්හ්,, මට මේ ඔය ළමයත් එක්ක කතා කර කර ඉන්න උමනාවක් නෑ!”
“ඉතිං මටත් උමනාවක් නෑ! මට මෙහෙම නාස්ති කරන්න කාලෙකුත් නෑ. මොකද්ද.. මොකද්ද මිස් මේ කන්න වැඩේ තේරුම??? මොන එහෙකටද මට කතා කරේ??”
(අපේ අමයා) “බොහ්හෝම ලස්සනයි වැඩිහිටියන්ට කතා කරන හැටි!!!!” LOL
අපේ ඉල ඇට සියල්ල කුඩු වීමට ආසන්නයි!
“මොන්න මගුලක්ද මේ!! මොකද්ද දැන් මට කරන්න කියන්නෙ!?? මොකද්ද..මොකද්ද ඔයා මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ?? ඔයාට මොනවද ඕනේ???”
Fun කෝටියයි!! ඒත් දැන් දැන් රතු කට්ට රක්ත තප්ත වන බව අපට තේරුණා.. අනික කොයි වෙලේ කවුරු කඩා පාත් වෙයිද දන්නෑ නෙ.. ඒ නිසා surprise එකේ අවසානය සනිටුහන් කරමින් (නැගී සිට ගයමු ජාතික ගිය නෙවෙයි!! :P ) අපි කට්ටියම එකට හයියෙන් HAPPY BIRTHDAY LAKPATHYYYYY!!!!! කියල කෑ ගැහුවා! හීඊඊ... :D
තවත් නිශ්ශබ්දතාවයක්.. ලක්පතිගේ කන්දෙකෙන් දුම් දානව වගේ මට පෙනුන. ඊළඟට ඇමතුම විසන්ධි වුණා. මල පැනීමේ උච්චතම අවස්ථාව! අපේ උත්සාහය අති සාර්ථකයි! එදා chemistry වල උගන්නපු හැම දේම ගොඩාක් මතක හිටිය!
ඒත් හොඳම එක තමයි මේ ළමය හිතල තියෙන්නෙ අපි නෙවෙයි වෙන කවුරු හරි call කරල බයිට් කළා කියල. ඒක කළේ මම ඇතුළු අපේ මෝඩ සෙට් එක කියල දැන ගත්තම අර වගේ දහ ගුණයක් විතර ලොකු අග්නි ජාලාවක් මගෙ ඔලුවට පාත් වුණා.. පස්සෙ බොහොම අමාරුවෙන් තමයි යාලු කරගත්තෙ. මේක නම් ලියන්නෙ නිත්‍යානුකුලව අවසර අරගෙන. ඒ නිසා වැඩිම වුනොත් නිලා කූරක් වගේ තමයි පාත් වුනොත් පාත් වෙන්නෙ..hehe..
කොහොම හරි, ඊට පස්සෙත් අපි දහ පාරකට වඩා රණ්ඩු වෙලා මරාගෙන ඇති. ඒත් තාමත් අපි ගොඩක් හොඳ යාළුවො!! ඉතිං ඒකනේ වැදගත් වෙන්නෙ.. මොකද මං හිතන්නෙ ඒ රණ්ඩු වෙන එකත් දැන් ටික ටික සාමාන්‍යයිකරණය වෙලා!!! :D :D
11 comments:
@චූටී - :P :P :P
Post a Comment