Sunday, October 7, 2012

If only you could be that special person.... :)


This is not something written by me. It's something that I came across in one of our lectures and got into my heart. Thought sharing it would do good to many others as well.. :)

"The special people in  the word

Are the most precious

And the most appreciated people of all

No matter what happens. They always seem to understand.

They go a millions miles out of their way

They hold your hand.
 
They bring you smiles,
When a smile is exactly what is need.
They listen
And they hear what is said
In the spaces between the words.
They care , and they let you know
You’re in their prayers.
 
 
Special people
Always know the perfect thing to do.
They can make your whole day
That no one else could have said.
Sometimes you feel like
They share with you a secret language
That other can’t tune into.
 
 
Special people
can guide you, inspire you
Comfort  you,
And  light up your life with laughter,
Special people
Understand your moods and
Nurture you need,
And they lovingly know just what you’re after.
When your feelings come from deep inside
And the need to be spoken to someone;
You don’t have to hide from,
You share them……
With special people
 
When good  news comes,
Special people
Are the first one you turn to.
And when feelings overflow
And tears need to fall
Special people
Help you trough it all .
 
Special people
Bring sunlight in to your life.
They warm your world with their presence
Whether they are far away or close by your side.
 
Special people
Are gifts that bring happiness,
And treasures that money can’t buy..."
 
 
P:S:
 
Relationships are not about letting go, it's all about holding on, still knowing and understanding all the reasons that you have in order to let go... You can not find a person that is ideally alike you, what's hard and yet necessary is tolerating the imperfections and differences of the one that you love and respecting them... Cuz it always makes them understand how much  you really love them and how true your love is...
 
Life is too short for baseless arguments and discriminations, don't let the person you love just walk out from your life for no proper reason.. cuz it will make you regret a life time once you wake up as a matured person and start searching for a similar love, which you probably will never find again...
 
So just live; love and laugh, enjoy every minute of today and always keep in mind that the people that really love you will never give up on you, no matter what..


Sunday, August 12, 2012

බස් එකේ ගෙම්බෙක්!!!!! :O




ගිය සිකුරාදා ඇවිල්ලා කියන්න බැරි තරම් හරී සෝක් දවසක්! ඔන්න මම පාන්දර එලියට බහිනකොටම අම්බානකට වහින්න ගත්ත. ඊට පස්සෙ හවස එක එක හේතු ගොඩක් නිසා වැඩ ඉවර වෙන්න හොඳටම පරක්කු වුණා. ඔෆිස් එකෙන් අපි එනකොට හවස 6.30 ට විතර ඇති. ඒ ඇවිල්ලා කිලෝමීටරයක් විතර දිග පෝලිමක අග හරියට ජෝඉන්ට් වෙන්න මට අපරාදෙ කියන්න බෑ පුළුවන් වුණා.  මගේ වෙලාවට අපේ ගෙවල් ගාව අයිය කෙනෙකුත් මට පිටිපස්සෙන් ඒ වෙලාවටම පෝලිමට සෙට් වුණා.ඔන්න දැන් බස් එකක් ආව. අපි පෝලිමේ මුල හරියට එනකොට සීට් ඉවර වුණා..

“වෙන එහෙම බස් නෑ, මේක විතරයි තියෙන්නෙ.... නගින අය නගින්න....”

කොන්දා මහත්තයා කෑ ගහනවත් අපිට ඇහුනා.. ඒ වුනාට ඉතිං ඕක හැමදාම කියන බණේ නෙ. අපිත් ඉතිං අපි අහුවෙයි ඕවට.. හූ හූ.. වගේ නගින්නෙ නැතුව හිටගෙන බලාගෙන හිටියා. නැගපු කට්ටියකුත් සීට් නැති නිසා ආපහු බැස්ස. ඔන්න ටික වෙලාවකින් ඒ බස් එක ගියා. දැන් අපි හිටගෙන පාර බලාගෙන ඉන්නව. අර කලින් වගේම දිග පොලිමකුත් ආපහු හැදුන. දැන් ඔන්න ඔහොම ඉන්නව ඉන්නව.... හිටියට වැඩේ කියන්නෙ බස් නෑ... සිකුරාදා කියන්නෙ බස් එක එක හයර් එහෙම යන්න්නෙම නැති දවසක් නිසා කොහොමත් බස් ගොඩාක් එහෙම තියෙනවනෙ...ඉතිං අපි හිටියා හිටියා.. 

එතකොටම ඔන්න හෙණ ගැහුවා වගේ නිල ලත් ආරංචියක් ආවා අනේ අර කොන්දා මහත්මය කිව්වෙ ඇත්ත, ඒක තමයි ආපු අන්තිම බස් එක කියල.. ඒක ඇහුව විතරයි අර අලී පෝලිමේ හිටපු සේරම කට්ටිය කොහේ ගියාද දන්නෑ අන්තිමට මායි අර අයියයි තව කීප දෙනෙකුයි විතරක් ඉතුරු වුණා.. අපිට එහා පැත්තෙ දැන් අලුත් පාර බස් එකක් තියෙනව අපි දැක්ක.. ආහ් හරි ඒකෙ යමු කියල හිත හදාගෙන ගිහින් බලද්දි අපරාදෙ කියන්න බෑ ඒකෙ ටයර් එකක හුලන් ගිහිං.. ඒකෙ ඩ්‍රයිවර් සහ කොන්දා මහත්වරු එහෙට මෙහෙට දුව දුව හිටපු හින්ද මේක හදාගෙන කොහොම හරි යයි කියල අපි හිත හදාගෙන හිටිය..

ඔහොම ඉන්නකොට ඉන්නකොට යාන්තම් 7.30 විතර වෙද්දි අනේ අර දෙන්න සෑහෙන්න මහන්සිවෙලා spare wheel  එක දාගත්ත..හුරේ!! වැඩේ හරී!  :D අපි ඩුක් ගාල බස් එකට නැග්ග. මම ඉතාම තදබල නිදිමතේ සහ මහන්සියෙන් හිටපු නිසා නිදා ගත්තම ඔලුව වදින්නෙ නැති, දොරට කෙලින්ම ඉස්සරහ සීට් එක අපි තෝරගත්ත. බස් එකේ සීට් ඔක්කොම පිරෙන්න වත් සෙනග හිටියේ නෑ. හොඳවයින් දෙකක් දාගත්තා ය කියල අපි අනුමාන කරපු තට්ට අංකල් කෙනෙක් ටිකක් වෙලා ඉදගෙන ඉඳලා ආයේ දොර ගාවට ගිහිං “මේක යන්නෙ කීයටද????” කියල අහල හැමෝගෙම රැවුම් ගෙරවුම් වලට ලක් වුණා.. කොහොම කොහොම හරි අනේ දෙයියියියනේ කියල ඔන්න දැන් බස් එක යන්න පිටත් වුණා... AHEM…

ටිකක් වෙලා යනකොට මට එහා පැත්තෙ ඉඳගෙන හිටපු අර අයියා දොර පැත්ත බිම බලා ගෙන ඉන්නව..
මමත් ඉතිං ඉතා ඕනකමින් “ඇයි??” ඇහුව.

“බස් එකේ ගෙම්බෙක් ඉනන්ව!” එයා මද සිනාවකින් මට කියනව..

“ම්ම්ම්ම්ම්ම්මොකා??????!!!!! :O :O” මම උඩ ගිහිං බිම වැටුණ..

“ගෙම්බෙක් ගෙම්බෙක්?? බස් එකේ ගෙම්බෙක් ඉන්නව.. මේ!!” එයා බිමට ඇත දික් කරලා ආපහු කිව්ව..

හපොයියී!! :/ >:O

“අනේ බොරු කියන් නැතුව ඉන්න!”

“බොරු නෙවෙයි.. මේ ඉන්නේ! කකුල් දෙක උඩ තියාගෙන ඉන්න!!”

හා! කමක් නැද්ද? මම මේ පාන් වත් කියාගන්න බැරුව ඉන්නව! කොහොම හරි අපි හිටියේ රෝදෙට පිටිපස්සෙ සීට් එකේ නිසා කකුල් දෙක බිම තියන් නැතුව ටිකක් උඩින් තියාගන්න පුළුවන් වුණා.. අර අයියා මොකක් හරි ජිල් මාට්‌ එකක් කරලා ගෙම්බ දොරෙන් එලියට දාන්න හදනකොටම හෙණ ගැහුව වගේ කොල්ලෙක් පිටිපස්සෙ දොරෙන් බස් එකට නැගල ගෙම්බ හිටි තැනට ආව.. -_- හරිනෙ ඉතිං! ගෙම්බ ආගිය අතක් නෑ දැන්.!!! අර අයිය වටේ පොඩි search පාරක් දැම්ම ගෙම්බ හොයා ගන්න.. ඒත් ම්ම්හු! එහෙනම් ඌ කොහේ හරි මුල්ලකට යන ඇති කියල ඉතිං අපිත් ඊට පස්සෙ පාඩුවෙ හිටිය. දැන් කොන්ද මහත්ත ටිකට් කඩාගෙන කඩාගෙන ඉස්සරහ ඉඳලා එනව. අපි දෙන්නත් චැට් එකක් දාගෙන ඔහේ හිටිය. එක පාරට අර අයිය මගේ දණහිසට ඉස්සරහ සීට් එක දිහා හොඳට බලාගෙන ඉන්නව.

“ඒහ්හ්.. මේ ඉන්නෙ අර ගෙම්බ!!!!” :O
මගේ සියොලඟම සිතල වෙලා ගල් වෙලා වාෂ්ප වුණා.. <:S  <:O
මගේ දණහිසේ ගෑවී නොගැවී මට ඉස්සර සීට් එක පිටිපස්සෙ ඉන්නව කළු, කැත, තඩි, දිග, ඉතාම ජුගුප්සාජනක ගෙම්බෙක්!!!!!! >:O


මම දන්නෑ මට මොනා වුනාද කියල... මම පුළුවන් තරං පිටිපස්සට තද වෙලා ඇස් දෙක වහගෙන අත් දෙකෙන්ම මුණත් වහගත්ත. හොඳ වෙලාවට ඒ වෙද්දි කොන්ද මහත්තය ඒ හරියෙ හිටියෙ. කට්ටිය කොන්දට කියල කොන්ද වහාම ක්‍රියාත්මක වන පරිදි උට මොනා හරි කරන්න ඇති.

“හරි හරි!”
අර අයිය කිව්වම මම ඇස් ඇරලා භීතියෙන් වට පිට බැලුව. වටේම කට්ටිය movie එකක් බලනවා වගේ හික් ගාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවයි, පේන්නැති අය එබි එබී බලනවයි මම දැක්ක.  -_- අනේ ඔව් ඔව්.. බලන්න තිබ්බ කාගේත් කකුල උඩ තඩි ගස් ගෙම්බෙක් ඇලිල හිටියනම් කට්ටිය react කරන හැටි! අනේ මෙන්න සෝක් ගෙම්බෙක් කියල ඌව අරන් දායි! අනේ මගේ කට!  >:(  :@

අපරාදෙ කියන්න බෑ අර අයියත් බොහෝම අමාරුවෙන් හිනාව නවත්තගත්ත!
“තව පොඩ්ඩෙන් සීට් එක කඩාගෙන පිටිපස්සට යනව! ඔයාට මාර ෆිට්නස් එකක් නෙ ආවේ!!!”

ග්ර්ර්ර්..අනේ මේ මගුලක් කතා කරනව! කකුල් දෙක ගාව ගෙම්බෙක් ඉන්නව දැක්කම පිටිපස්සට වෙනවයි, කෑ ගහනවයි ඇරෙන්න වෙන මොනා කරන්නද! ‘උඹ ඔන්න ඔහොම හිටපන් ගෙම්බො! උඹත් යන්නෙ අවිස්සවෙල්ලටනෙ’ කියල නිකං ඉන්නයැ! ඇයි අප්පා! හා!  >.<

“බස් එක ලෙඩ දෙනව මදිවට ගෙම්බොත් ඇවිල්ලා වද දෙනව!!!” කොන්ද කියනව. Hehe..
එයා කඩදාසියකින් අල්ලලා ඌව විසි කරන්න හදල. අර අයිය නම් කිව්වෙ ඌ එලියට විසි වුනේ නෑ කියල..
“කෝ බං ඌ?” එයා ළඟ හිටගෙන හිටපු අර කොල්ලගෙන් ඇහුව.
“දන්නෑ බං!!” එයත් පොඩි උත්සහයක් දරල කිව්ව.
දන්නෑ තමා! ගෙම්බව එලියට දාන්න කලින් නැගල ඌව එලෝල මෙතන! අලියෙක් වගේ තඩි සපත්තු දෙකකුත් දාගෙන එතනටම අවම ‘ආ..කමක් නෑ, උඹ මාව පාගපන්, මං ඉන්නං!’ කියල ඌ එතනම ඉඳි යැ! නගිනකොට පොඩ්ඩක් බලල නගින්නේ එපැයි බස් එකේ බිම ගෙම්බො, ඉබ්බො, සර්පයෝ එහෙම ඉන්නවද කියල!!

කොහොම හරි අපි හතර වටේ බල බල ඔහොම යනකොට එක පාරට බස් එකේ දොර පැත්ත පාත් වුණා! ගෙම්බගේ බලපෑමක් නෙවෙයි ඉතිං.. මෝඩ ප්‍රශ්න අහන්න එපා!! Lol :P
ආපහු ටයර් එකක හුළං ගිහිං! :O හපොයී!!! බස් එක ආපහු නවත්තල ඩ්‍රයිවර් සහ කොන්දොස්තර දෙන්න බැහැල හොඳ විශ්ලේෂණයක් කළා.. බස් එකේ හොඳටම සෙනඟ පිරිලා හිටියෙ ඒ වෙද්දි.. දැන් බැහැපියව් කිව්වොත් අයියෝ මොකද කරන්නේ කියල කට්ටිය බය වෙලා හිටියට දෙයියනේ කියල බස් එක ආපහු යන්න පටන් ගත්ත. ඒකෙන් මේකෙන් ගෙම්බගේ සීන් එකත් කට්ටියටම අමතක වුණා..

අර අයියට එහා පැත්තෙ හිටගෙන හිටපු ආන්ටි එයාගේ අලි මලු දෙක අයියට දීල අයියගේ කරේ නැගල යනකම්ම වද දුන්න.
“පුතේ ඕකේ කණ්නාඩි දෙක තියෙනව.. හැලෙයි.. පොඩිවෙයි... හපොයි මේ බස් එක! අප්පා! අල්ල ගන්න තැනක් වත් නෑ.. හයියෝ.. හිටගෙන යන්න බෑ.. චක්‍..චුක්..!!!”
එයා බැස්සට පස්සෙ ඉතාම සාමකාමී බවක් අපිට දැනුන. කොහොමහරි ගමනාන්තෙට ලං වෙනකොට නම් පුරුදු විදියට බස් එකේ සෙනඟ අඩු වුණා. අර මුලින් කියපු තට්ට අංකල් ජනේලෙ අයිනේ ඉඳගෙන හොඳට නිදි. එහා පැත්ත හිස්. අංකල් ටික ටික ඒ පැත්තට ඇල වෙලා ඇල වෙලා අන්තිමට තට්ටේ සීට් එකේ ඉඳගන්න කෑල්ලේ ඇන ගත්ත දැකල හැමෝම හිනා වුණා.. ඒ අස්සෙ නා නාප්‍රකාර ring tones ඇහෙනවා .. සමහර ඒවා පොඩි කාලෙ සරඹ කරද්දි දාපු music වගේ :D ආහ්! ඒ අස්සෙ තව අංකල් කෙනෙක් බස් එකටම ඇහෙන්න සිංහ නාදෙන් එයාගේ අක්කෙක්ට phone එකෙන් කතා කරලා එයාගේ ‘කොස් ගහ’ බලන්න සෙනසුරාද 2 ටද කොහෙද එන්න කිව්ව.. hehe.. :P

කොහොමින් කොහොමින් හරි රෑ 10 -10.30 විතර වෙද්දි අපි දෙන්න දෙයියනේ කියල බස් එකෙන් බැස්ස.. හම්බෝ.. ශුහ්හ්!!
ඊට පස්සෙ ගෙදර ඇවිත් මම ඇඟ සෝදලා, කාල නිදා ගන්න කලින් යාලුවෙක්ට message එකක් දැම්ම මොකක් හරි අහල. පස්සෙ මම දැක්ක එය මට reply එකක් එවල තියෙනව “Please forward this message to a better friend!” කියල! :O මම උඩ ගිහිං ඇහැරුනා මහා රෑ මැද්දෙ, බලනකොට ඒ reply එක එවල තියෙනව දැකල තියෙනෙ හීනෙන්!!!!! :P hehe..

හාපොයී!!!!  ඒක නම් මහා පුදුමාකාර සිකුරාදාවක්!!! ආයෙ නම් මෙහෙම සිකුරදාවල් එපා! මේ හොඳටම ඇති!!! වැඩිත් එක්ක!!!!


Tuesday, July 3, 2012

නුඹ අහසක්????!!!!!! :D :D



දවසක් බස් එකේ එනකොට ඇහුන ප්‍රසිද්ධ සින්දුවක පද පේලියක් තමයි මේ පොස්ට් එක ලියන්න පාදක වෙන්නෙ..

“ඇත්තමයි නුඹ අහසක්!!!”

වෙන වැඩකුත් නැති එකේ බස් එකේ ආපු මුළු පැය දෙකකට ආසන්න කාලෙම මේ ගැන කල්පනා කරලා මං පත්
වුණු නිගමන තමයි මේ!!! :D :D

එකක් තමයි මේ ගෑණු ළමයා අහසක් වගේ විහිදී පැතිරී ගිය විසාල තරබාරු දේහයක් තියෙන කෙනෙක් වග.
(මොකද අහස වගේ අසීමිතයි කියල හිතන්න බෑ නෙ අප්පා මනුස්සයෙක්!! ඔන්න තව ආදරේ අහස වගේ වත් කිව්ව නම් කමක් නෑ වත් කිව්ව හැකි!! Lol )

දෙක... එක්කෝ මේ ළමයා මේ කාලෙ අහස වගේ හිටි හැටියේ මූඩ් මාරු කරනව!  නැත්තං ඍතු භේදය අනුව වගේ මේ මූඩ් මාරු කිරීම වෙනස් වෙන නිසාද දන්නෙත් නෑ.. ඒ කියන්නෙ කාලෙකට අඬන්න ගත්තම දිගටෝම අඬනව, ගොරවන්න ගත්තම දිගටෝම ගොරෝනව, හිනාවෙන්න ගත්තම දිගටෝම හිනා වෙනව, සමහර කාලෙට අඬනවද, හිනා වෙනවද, ගොරෝනවද කියල හිතා ගන්න බෑ. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්.. :D

තුන...මේ ළමයා මොන මඟුලක් කළත් වටේ ඉන්න හැමෝගෙන්ම බැණුම් අහන්න වෙන කෙනෙක් කියන අර්ථයෙන් මේක කිව්ව වෙන්නත් පුළුවන්!

මනුස්සයෙක් අහස වගේ නිල්පාට වෙන්න බැරි නිසා එක්කෝ මේ ළමයා වලාකුළු පිරිච්ච වැහිබර අඳුරු අහසක් වගේ හරි, වලාකුළු එකක් වත් නැති මෙලෝ රහක් නැති හිස් අහසක් වගේ හරි වෙන්නැති කියල කියන්නත් පුළුවන්. ම්ම්... පුළුන් වගේ සුදු රැවුලක් තියෙන නිසා මෙහෙම කිව්ව කියල හිතන්න අමාරුයි නෙ නේද?! Heheh.. Lol

සමහර විට ඉරක් වගේ ගිනි බෝලයක් නිතරම ළඟින් ගැවසෙන  නිසා මෙහෙම කිව්ව වෙන්නත් පුළුවන්. ඔය ඉරේ රස්නෙත් එක්ක අහස දිහා ටිකක් වෙලා බලං ඉන්නකොට ඇස් දෙක නිකං නිලංකාර වෙලා යන ගතියක් එනව වගේ අදහසක්?

ම්... මතක හැටියට නම් එච්චරයි ද කොහෙද! තව මතක් වුනොත් පස්සෙ කියන්නම් හොඳේ!!! කොහොම හරි මීට පස්සෙ කවුරු හරි ඔයාට කිව්වොත් එහෙම ඔයා අහසක් වගේ කියල එහෙම මතක් කරලා අහන්න ඒකෙ තේරුම මොකද්ද කියල!!! Hehehe… :D

ප:ලි:

ආහ්...නවත්තන්න කලින් කියන්න ඕනි මේ සිංදුව පෞද්ගලිකව මමත් ආස සිංදුවක්. ඒ වගේම මේක මේ සිංදුවට හෝ ඒකෙ පද රචකයාට පහර ගහන්න වත්, පණ්ඩිත කතා කියන්න වත් ලියපු ‘විචාරයක් නෙවෙයි මගේ සතුට පිණිස කාලෙකට පස්සෙ ලියපු තවත් එක ‘කුරුටු බලියක්’ විතරක් ය කියන එක. ඒ නිසා මේක ඕනවට වඩා serious අරගන්න එපා... හොඳද! :D :D