Saturday, February 20, 2016

',' ', වැස්ස ',' ',


ආයෙමත් වහිනවා..
පිළිස්සෙන ගිනි අව්ව දවාලට පායලා
හවහාට මොර දිදී ආයෙමත් වහිනවා
රළු අහස ඉරි තලා ලොකුම ලොකු වැහි බිංදු
වියළිලා ගිය පොළොව ඉඹිනවා පෙනෙනවා.....
මහ හුළං වැහි මැදින් කැරකෙමින් දුව දුවා
ගස් කොළන් අතු රිකිළි කලතන්න හදනවා
කොහේ කැලතිල්ලක් ද මහා ගස් නට නටා
හුළඟ දෙස ඔච්චමෙන් බලනවා පෙනෙනවා.....

මගෙ හිතත් ඒ වගේ හිටි ගමන් වහිනවා
වේලිලැයි හිතන් දිය ඉහින්නට හදනවා
ඕනැ විට ළඟ නොහිටි මහ හුළං දඟ දදා
අනේ පවු මගේ හිත අවුස්සනු බලනවා....
මං මහා වෘක්ෂයක් දුක් කඳුළු බී වැඩුණු
හුළඟ දැං හිරිකිතයි; හිරිගඩුත් පිපෙනවා
හැකි තරං කැරකිලා ඇති තරං වැහි වැටී
ගියාවේ අපට කුම! හිත මගේ කියනවා.....

Tuesday, January 19, 2016

ලංකාවෙ පිරිමි!!!! (-__-)


හිතේ තියෙන බලාපොරොත්තු ඔක්කොම ඉටු වෙන සුබ  අලුත් අවුරුද්දක් වේවා හැමෝටම කියල ප්‍රර්ථනා කරන ගමන් මම මේ අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලම post එක ලියන්න පටන් ගන්නම්! :) :)

උඩින් කියවෙනව වගේම මේක ලියන්නෙ ලංකාවෙ පිරිමි ගැන. හුඟාක් කාලෙක ඉදං ලියන්න අදහස් ගොඩක් එකතු වෙලා තිබුණ මාතෘකාවක් මේක. අද තමයි ලියන්න නිදහසක් හම්බුනේ. මේක කියවන හැමෝම බොහොම පුළුල් මනසිකත්වෙකින් මේක කියවයි කියල මම හිතනව. සහ තමන්ට අදාළ නැත්තම් කේන්ති ගන්න එහෙම දෙයක් නෑ. :P හරි නෙ?

ලංකාවෙ ගෑණු සහ ඒ අයගේ හැදියාව ගැන කතා කරන්න ගොඩක් අය ඉන්නවා නෙ. ඒත් අපේ පිරිමි සහ ඒ අයගේ හැදියාව ගැන කතා වෙනවා හරි අඩුයි. ඒ නිසා මගේ සහ මම කතා බහ කරපු ගොඩක් ගෑණු පාර්ශවයේ අයගේ අදහස් එකතු කරලා තමයි මේක ලියන්නෙ. එහෙනම් සැරසෙන්... එල්ල වේන් ..හරි? :D

ලංකාවෙ පිරිමි! ඒ අකුරු දෙක ඇහුන ගමන් ඉස්සෙල්ලාම ඔලුවට එන්නේ මොකද්ද? ඔබ හරි! “Sexual Frustration!!!” ඔව් ඒක ඇත්ත. (සමාවෙන්න මම ඒකෙ සිංහල වචනේ හරියටම දන්නෙ නෑ) ඔය මුල අකුරු තුන අන්තර්ජාලයේ හොයපු අය අතරෙන් ලෝකෙන් ම තුන්වෙනි තැන ලෝකෙන්ම උතුම් රට වුණු මේ ලංකාව කියන එක රහසක් නෙවෙයි නෙ. මම අපේ රටේ බහුතරයක් පිරිමි sexually frustrated කියල කියන්නෙ ඒ නිසාම විතරක් නෙවෙයි. එහෙම කියන්නෙ මට සහ මම අවට ඉන්න ගෑණු ළමයින්ට මුණ දෙන්න වුණ අනන්ත අත්දැකීම් සලකලා..



මම බොහොම සාමාන්‍ය පවුලකින් එන සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරන ළමයෙක්. බොහොම සාමාන්‍ය ඩෙනිමක් සහ ටී-ෂර්ට් එකක් ඇඳල රබර් සෙරප්පු දෙකක් දාල බස් එකේ ගමන් බිමන් යන කෙනෙක්. මම එහෙම කිව්වෙ සමහර හරි බුද්ධිමත් මිනිස්සු කියනවා නෙ මෙහෙම පිරිමි “පොළොඹවා ගන්නෙ” අපි මයි කියලා. ඉතින් ඔහොම හිරිකිත සත්තු පොලොම්බවා ගැනීමක් මගෙන් වෙන්නෙ නෑ කියන එක මුලින් කියන්න ඕනි වුණා. අනික මම කැමති ඇඳුමක් මගේ පාඩුවේ ඇඳන් යන්න මේ නිදහස් රටේ මට අයිතියක් තියෙන්න ඕනි! ඇයි නැද්ද?කොහොම හරි ඉතින් මම උදේ කොහේ හරි ගමනක් යන්න එලියට බැස්ස වෙලේ ඉඳලා... ඒ අදාළ තැනට යන කන් ටිකට මගේ ලේ කොච්චර පිච්චෙනවා කියල ද ඕගොල්ලෝ හිතන්නෙ? නිකං දල වශයෙන්?

බස් හෝල්ට් එකේ විනාඩි පහළොවකට වඩා හිටියොත් අවංකවම මගේ ඔලුව රිදෙන්න ගන්නවා පාරේ යන ත්‍රී වීල් ඇතුළු අනිත් වාහන වල යන "පිරිමියි" (??) කියා ගන්න මිනිස්සු කියන දේවල් අහල. අඩුම තරමේ හෝන් එකක් ගහන්නෙ නැතුව, හෙඩ් ලියිට් දාන්නේ නැතුව යන්නෙ නැති වහනයක් නැති තරම්. එහෙම කරන එක නෙවෙයි ප්‍රශ්නෙ. මගේ ඇඟේ වදින්නේ නෑ, ඇත්ත! ඒත් ප්‍රශ්නෙ, ඇයි එහෙම කරන්නෙ?

බස් එකට නැග්ග වෙලේ ඉඳලා බහිනකන් විඳින්න වෙන කරදර ඊළගට! ඔය ෆේස්බුක් එකේ එක එක pages වල සිංහල බෞද්ධ කම ගැන, ගෑණු ළමයින්ගේ හැදියාව ගැන එහෙම හරි හිත් වේදනාවෙන් කතා කරන්න අයියලා, අංකල් ලා බස් එකකට ගොඩ වුණාම බලන්න ඕනි හැදියාව! උන් තරම් බස් වල  ගෑනුන්ගෙන් බැණුම් අහන තවත් ජාතියක් නැතුව ඇති! රටේ ලෝකෙට පේන්න කාඩ්බෝඩ් සිල්වත් කමක් පෙන්නන් ඉන්න මේ විදියේ ගොඩක් මිනිස්සු තම තමන්ගේ sexual frustration එක නැති කරගන්න හදන්නෙ බස් එකේ යන ගෑණු පාර්ශවය පිටින් දාල. මේ බස් වල ගිහින් මගේ ලේ පිච්චිලා තියෙන ප්‍රමාණය මෙච්චරයි කියන්න බැරි තරම්. එච්චර හරිම කළකිරීමකට, පිලිකුලකට පත් වෙනවා ලංකාවෙ ඉන්නේ මෙහෙම පිරිමි ද කියල. මුන් ගේ තියෙන්නෙ මොන “ලේ” ද බලන්න හැම ගෑණියෙක් අතටම පිහියක් දීල තියන්න ඕනි!  අවුරුදු ගානක අත්දැකීමෙන් දැන් මගේ නිගමනය තමයි ඕනෑම බස් එකක ඉන්න නාඳුනන හැම පිරිමියෙක් ම ජරා පිරිමියෙක්! කෙනෙක් කියන්න පුළුවන් මම paranoid කියල. නමුත් ඒ විදිය වඩා ආරක්ෂා සහිතයි.


මේ පුංචි උදාහරණයක්.. දවසක් මම ආපු බස් එකේ සාරියක් ඇඳන් වැදගත් විදියට වාඩි වෙලා ගිය අහිංසක අක්ක කෙනෙක්ට ඊට එහා පැත්තෙ වාඩි වෙලා ගිය කොල්ලො යැයි කියාගන්නා සත්තු තුන් දෙනෙක් නා නාප්‍රකාර දේවල් කිය කිය ආවා. මේ එක බොහොම සරළ අවස්ථාවක් විතරයි! ඒ කියන ගමන් කියනවා,
“නංගි තරහ වෙන්න එපා නංගි, අපි වගේ කොල්ලො ඔයාල වගේ කෙල්ලන්ට විහිලු නොකර ආච්චිලට විහිලු කරන්නද!” කියල! මතක් වෙද්දීත් මගේ ලේ පිච්චෙනවා! ඇයි දෙයියනේ! දැන් එතකොට අපේ රටේ කොල්ලොයි කියාගන්න ඒ වගේ කාලකන්නි හිතාගෙන ඉන්නේ බස් වල යන ගෑණු ළමයි ඉන්නේ උන්ගේ විහිලුවට ලක් වෙන්න කියල!??? ඒ කියන්නෙ කොල්ලො නම් කාට හරි මොනා හරි කියන්නම ඕනි? අපිත් බස් වල යන්නෙ ආසාවට නෙවයි. වැදගත් ගමනක් යන්න හරි ,මහන්සි වෙලා අපහු ගෙදර යන්න හරි බස් එකකට නැග්ගම ඒකෙ පාඩුවේ යන්න දෙන්නේ නැතුව මෙහෙම හරි මීට අන්ත හරි කුණු ගොඩක් සෙට් වුණාම ඉතිං හරි, දවසම ඉවරයි!


ඊළගට බස් එකෙන් බැහැල පාරේ ඇවිදන් යද්දි..සංසාරේ!!! “ගුඩ් මෝර්නින්!” එකේ ඉදං “ආ නංගි.., ලස්සනයි ආ, කොහෙද යන්නෙ, hi, සුදූ, චුටි,මැණික..”  විදියට ගිහිං මේකෙ කියන්න බැරි දේවල් වලින් ඉවර වෙන ලිස්ට් එකක් උන් ගාව තියෙනව. මුණට හම්බෙන හැම කෙල්ලටම මොනවාම හරි අද කියනවා.......... කියන තිර අධිෂ්ඨානයෙන් වෙන්නැති මුන් ගෙදරින් එලියට බහින්නේ! ඒ දේවල් වල තේරුමක් තියෙන්න ඕනි නෑ.. කටට එන මොනා හරි කියනවා! කුනුහරුපයක් හරි කමක් නෑ! මොකුත්ම කටට එන්නේ නැත්තම් විසිල් එකක් හරි ඒකත් නැත්තම් නිකං සද්දයක් හරි දානවා. ඇයි මේ? මොකද්ද මෙච්චර අසහනේ? ගෑණු කියන්නෙ දැකල නැති ජාතියක් ද? ඇයි යකෝ ගෙදර අම්මෙක්, සහෝදරියෙක් නැද්ද බලා ගන්න ගෑණු කියන්නෙ මුණුන්ටයිකියල? දැන් ගොබ්බයෙක් වගේ අහන්න එපා  ඉතින් ගුඩ් මෝර්නිග් කිව්වම මොකද වෙන්නෙ, අරකද මේකද කියල. මනුස්සයෙක් දෙයක් කියන විදියක් තියෙනව නෙ. හුස්ම හිර වෙන්න එනවා වගේ කට දෙපැත්තෙන් කෙල බේරගෙන ගුඩ් මෝර්නිග් කියන්නෙ සුබ උදැසනක් කියන ප්‍රර්ථනාවකින් නෙවෙයි. ඔයාවත් මමවත් බබ්බු නෙවෙයි නෙ! -_- වෙන රටවල් වල නම් මේවා නීතියෙන් දඬුවම් ලැබෙන අපාරාධ!

පිටකොටුවේ වට රවුම ගාවින් යන හැම ගෑනියෙක් දිහාම එතන ඉන්න පිරිමි බලන්නෙ ගණිකාවක් දිහා බලනව වගේ. ඒ හරියේ මිනිස්සු ගාවින් යද්දිත් හරිම පිළිකුල් සහගත හැඟීමක් දැනෙනව.මම මේ කතා කරන පිරිමින්ට වයස බේදයක් නෑ.හැරමිටියෙන් යන වයසක සීයලා ගේ ඉදං පහලට..මේ පොඩි ඇටකිච්චා කොල්ලො පවා දැන් ගෑනියෙක් දැක්කම විසිල් ගහනවා!මොකුත්ම කරගන්න බැරි නම් චිත්ත රුපයක් හරි මවල ඇති!

ඊළඟ එක තමයි, අපේ "ජව සම්පන්න" ලංකාවෙ පිරිමි තමන්ගේ අර කලින් කිව්ව frustration එක නැති කරගන්න කරන තව ශෝකජනක දෙයක් තමයි, අවස්ථාවක් හොයා.......ගෙන ගිහින් කොහේ හරි ඉන්න කෙල්ලෙක්ට තිත්ත කුණු හරුපෙන් fb එකේ බනින එක. අර ගෑනුළමයෙක්ට Enrique කිස් එකක් දුන්නයි කියල අපේ "විනීත" පිරිමින්ගේ ජවය අවදි වෙලා තිබ්බ හැටි දැක්කද fb එකේ? දෙයියනේ කොයි තරම් කැක්කුමක් ද! පවු! හරියට නිකක් ඒ මිනිස්සුන්ගේ කසාද ගෑණු වෙන මිනිහෙක් එක්ක හොටෙල් රූම් එකක ඉදල අහු වුණා වගේ! මේවා හිනා යන වැඩ! අපිට නම් මුන් පේන්නෙ "ඉඹින්න බැරි අත හපනවා" වගේ වැඩක් කරන දුක්ඛිත desperate මිනිස්සු ටිකක් කියලා විතරයි. එහෙම ජීවිතේට දැකලවත් නැති, තමුන්ට කිසි වැරද්දක් කලෙත් නැති කොහේ හරි ඉන්න ගෑනියෙක්ට කුණුහරුප කියද්දි මේ මිනිස්සුන්ට හරි "MANLY" ගතියක් එනව ඇති මගේ හිතේ!

ඔහොම මිනිස්සුම තමයි මුණු පොත පුරාම තියෙන කුණුහරුප pages maintain කරන්නෙයි, ඒ වයේ වමනෙට එන තරම් අප්‍රසන්න comments දාන්නෙයි! අපිට එනවනේ මේක report කරන්න කියල ඉල්ලලා සමහර pages වල links ඒවෙන් පීඩාවට පත්වුණු ළමයින්ගෙන්. එහෙම ගිහින් බැලුවම දෙයියනේ මෙහෙම පහත් මානසික මට්ටමක් තියෙන මිනිස්සු ඉන්න රටකද අපි ජිවත් වෙන්නෙ කියල හරිම සංවේගයක් වගේම පිළිකුලක් ඇති වෙනවා! චික්!


අනික concert එකේදි ම ඔය විසි කරයි කිය කිය නටන undergarment එක විසි කළේ කවුද කියල කවුරුත් දැක්කද? ඕක විසි කළේ පිරිමියෙක් වෙන්න බැරි ද? මම සාධාරණීකරණය කරනවා නෙවෙයි, නමුත් එක වෙන්න පුළුවන් දෙයක්! මේ කෑගහන්නේ හරියට හොයල බලල නෙවෙයි? පිරිමි පාසල් වල big matches වලට ඕනි තරම් ප්‍රසිද්ධ කාන්තා විද්යාල වල uniforms ඇඳගෙන කොල්ලො එනවා! tv එකේ ඈතට එක පාරට පේන්නේ අරුන් අස්සේ අපේ එකෙක් uniform එකෙන් ඉන්නවා වගේ! එහෙමයි කියල ඒ ඉස්කෝලෙට බැනල හරිද?ඒක නෙවෙයි හේතුව! ලංකාවේ ඕනි දෙකට බනින්න ගෑණු ඉන්නවා! මොකද අපේ උන් හිතන් ඉන්නෙ සදාචාරේ සහ හැදියාව ගෑණුන්ට විතරක් තියෙන්න ඕනි දෙයක් කියල! අර පහත් තැනින් යයි ගලා ජලේ කියන්නෙ ඕක තමයි! හරි මගුලක් නෙ!

වරදවා වටහා ගන්න එපා! මම ස්ත්‍රී මත වාදය දරන feminist කෙනෙක් වත්, සම අයිතීන් ඉල්ලන් සටන් කරන කෙනෙක් වත් නෙවෙයි! සහ මම මේක මුළු ලංකාවටම සාමාන්‍යයිකරණ කරනවා කියල හිතන්න එපා! මටත් ඉන්නවා මම සහෝදරයන්ට වඩා ලඟින් ආශ්‍රය කරන පිරිමි යාළුවො ටිකක්! එහෙම මිනිස්සු නෑ කියල කියනවා නෙවෙයි. තොප්ප්පිය හරියන අයට තමයි මේක ලිව්වේ. පාරේ තොටේ වැඩිපුර හම්බවෙන්නේ අර වගේ sexually frustrated මිනිස්සු කියන එකට පාරේ ගිහින් තියෙන හැම ගෑනු කෙනාම එකඟ වෙයි . ඒ නිසා ලංකාව ගෑනු අපිට  භයානක තැනක් බවට පත් වෙලා! ඇයි ගෑනියෙක් දකින හැම වෙලේම මේ මිනිස්සුන්ට හිතන්න බැරි මේ ඉන්නේ මගේ අම්ම හරි,මගේ ලොකු අක්ක හරි, මගේ චූටි නංගි හරි, මම කසාද බැඳල ඉන්න හරි මම ආදරේ කරන හරි ගෑණි, අහවල් තැනදි මට උදවු කරපු නෝනා හරි වගේ තවත් කෙනෙක් කියලා? ඇයි කෑමක් හරි පාවිච්චි කරන්න තියෙන දෙයක් හරි විදියට අපිට සලකන්නෙ? ඇයි හිතන්නෙ නැත්තෙ මේ ඉන්නෙත් මම වගේ තව කාගේ හරි අම්ම කෙනෙක්, සහෝදරියෙක්, බිරිඳක් කියල? ඇයි ගෞරවේ අපිට දෙන්නෙ නැත්තෙ? ලැජ්ජයි!

ඒ නිසා කවුරු කවුරුත් එලොවටත් නැති මෙලොවටත් නැති ජාතිවාදයක් අල්ලන් නටන වෙලේ, මේ වගේ දේවල් නවත්තන්න මොනව හරි කරන්න උත්සහ කරා නම් වටිනවා! ගිහින් spray කරනවකෝ කාන්තා හිංසනය එපා!!! කියල කොහේ හරි! එච්චර දෙයක් කරන්න අපේ පිරිමින්ට මොලේ පාදගන්න පුළුවන් නම් තව මොනව කරන්න බැරි ද!

පොඩ්ඩක් හිතල බලන්න, මේ කිව්ව එක දෙයක් වත් කවදාවත් තමුන් කරලා නැද්ද කියල. එහෙම නම් රටක් විදියට අපි හිස නමා ඔයාට ආචාර කරනවා! ඔයාගේ අම්ම ඔයගැන ආඩම්බර වෙයි! එහෙම නැත්තම් ඉතින්, තමුසෙගෙ ඇඟේ මොන ලේ තිබ්බත්, තමුසෙට ආයෙත් කවදාවත් පිරිමි ආත්මයක් නම් ලැබෙන එකක් නෑ. කරපු දේවල් වලට වන්දි ගෙවන්න වෙද්දි  හිතාගන්න බැරි තරම් ගොඩක් රිදෙයි!

කෙනෙක් මරණාසන්න මොහොතෙදි මුළු ජීවිතේම තමන් කරපු දේවල් fast forward  කරපු ෆිල්ම් එකක් වගේ ඇස් ඉස්සරහ දිග ඇරෙනව ලු! ඉතිං පොඩ්ඩක් පරිස්සමෙන්! (-__-)



Monday, August 24, 2015

දුම් බීම තහනම්!!!!




පහුගිය දාක අපේ batch එකේ ළමයෙක්ගේ තාත්තා කෙනෙක් අකල් මරණයකට ලක් වෙලා තිබුණා :( මළ ගෙදර තිබුනෙ මොණරාගල නිසා  අපි batch එකටම යන්න බස් එකක් කතා කරගත්තා.
බස් එක කතා කර ගත්තෙ cab service එකකින්. අපරාදෙ කියන්න බෑ මොණරාගල යන්න අපි කතා කරගෙන තිබ්බෙ “කොට seats” තියෙන “138 කඩවත කොටුව” බස් එකක්! දැන් මේ බස් එකක පාරේ ගිහින් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා කොච්චර සුපිරි වේගෙකින්ද මේ  බස් යන්නෙ කියල. කොච්චර වේගෙන්ද කියනවා නම් flying gear එක දාගත්ත නම් පැය කීපෙකින් හඳට වුණත් යන්න පුළුවන්! එච්චරට speed! ෂුහ්!!!

ඉතිං මේ ඉතාම සැප පහසු බස් එකේ රියදුරු තැනට හිටියේ කියන්න තරම් වරදක් නැති මැදිවියේ පසුවන හාදයෙක්. කොන්දොස්තර තැන තමයි මේ කතාවේ එන කතා නායක නොහොත් “the කාලකන්නියා!”

අපි සාමාන්‍ය ව්‍යවහාරයේ “කුඩ්ඩෙක්” කියල කියන හැම රූප ලක්ෂණයක් ම මුට තිබුණ. ඊට අමතරව බැලූ බැල්මට කියන්න පුළුවන් මූ අමු බේබද්දෙක් සහ හෙට අනිද්දා මැරෙන්න ඉන්න එකෙක් කියල. මොකද මුගේ හුස්ම ගන්න කාලය සහ සිගරට් බොන කාලය අතර වෙනස ඉතා........................................................ම පොඩියි!

මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිගරට් වලට විරුද්ධ කෙනෙක්. මීටර් ගානක් ඈතින් සිගරට් දුම වුනත් මට හොඳට දැනෙනවා සහ එකෙන් මම ඉතාම පිළිකුලට සහ අපහසුතාවයට පත් වෙනවා. කෙනෙක් කියන්න පුළුවන් “මම නෙ යකෝ සිගරට් බොන්නෙ, තොට මොකද??? ^&%%#$%@*” කියල! ඔව් ඒක ඇත්ත, තමුන් නිසා කායිකව සහ මානසිකව විපතට පත් වෙන තමුන්ගේ අම්ම තාත්තා ඇතුළු දැන් ඉන්න සහ ඉදිරියට එන්න ඉන්න පවුලේ මිනිස්සුන්ට මිස මට නම් මොකක් වත් නෑ තමුන් සිගරට් බිව්වට, මොකද ඔහොම මිනිස්සු ඉක්මනට මැරිලා යන නිසා ලෝකෙ ඉන්න අඥාන, මුග්ධ ජන ගහනේ අඩු වෙලා අන්තිමට බුද්ධිමත් පිරිසක් විතරක් ඉතිරි වෙනවා. ඉතින් ඒකට මම කැමති! හැබැයි, ඕක බොන එකා බොන්න ඕනි වෙන කවුරුත් නැති, අනිත් මිනිස්සුන්ට වාතයක් නොවෙන තැනක ඉඳන්, විශේෂයෙන් මගේ නහය ඉස්සරහ නැතුව. මොකද කොහෙවත් ඉන්න මෝඩ ගොබ්බයෙක් නිසා මට  සිගරට් බොන්න කිසිම ආසාවක් නැති නිසා. (මම හැකි තාක් ඉතාම සංවර වචන තමයි මේකෙ පාවිච්චි කරන්නෙ, ඒ නිසා සිගරට් බොන එකෙක් මේක කියෝනව නම් තරහ ගන්නෙ නැතුව අවබෝධ කරගන්න තමුන්ලගේ මෝඩ ජනගහය ඇරුනම ලෝකෙ අනිත් මිනිස්සු තමුන් ගැන හිතන් ඉන්නෙ මෙහෙමයි කියල)


මම ඇල්කොහොල් බොන එකටත් තදින්ම විරුද්ධයි. නමුත් බීමත් කමෙයි සිගරට් බොන එකෙයි වෙනස තමයි බොන එකා බීලා බීලා මැරෙන්නේ තනියම. වෙරි වෙච්ච වෙලාවක පොල්ලකින් වගේ ගහලා මැරුවෙ නැත්තං ඌ නිසා වටේ මිනිස්සු මැරෙන්නෙ නෑ. ඒත් සිගරට් බොන එකා එහෙම නෑ, ඌ ඇවිල්ලා මරාගෙන මැරෙන ජාතියේ ඉතාම ආත්මාර්ථකාමී මෝඩයෙක්. ඒ නිසා තමයි මට උන් පෙන්නන්න බැරි.



හරි ඉතිං අපහු කතාවට ගියොත්, මේ බස් එකේ අපරාදෙ කියන්න බෑ ඉස්සරහ උඩින්ම ගහල තියෙනවා බුදු පිළිමයක් සහ තව දෙවි වරු කීප දෙනෙක් ගේ රූප. ඊට පහලින් රතු පාට sticker එකක් අලවල තියෙනව, මොකද්ද එකෙන් කියන්නෙ? ආහ්හ්!! “බස් රථය තුල දුම් බීම තහනම්!!!” හරිද! දැන් මට කවුරු හරි කියන්න බස් රථයේ “foot board” එක කියන්නෙ එකේ කෑල්ලක් ද, නැත්තං බස් එකේ නෙවෙයි ඊට එළියෙන් තියෙන කෑල්ලක් ද කියල. ගොඩාක් මේ තකතීරු අමන සිගරට් කාරයෝ හිතන් ඉන්නේ බස් එකකින් එලියට ඔලුව දාගෙන හරි foot board එකේ ඉඳන් හරි දුම් දානකොට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නෑ කියල. ඔලුව අතගාල බලනව මැටිද තියෙන්නෙ කියල! සමහර විට මැටි නැතුව දුම් වෙන්නත් පුළුවන් පිරිලා තියෙන්නෙ! -_-

කොහොම හරි මම බස් එකට නැග්ගෙ අවිස්සවෙල්ලෙන්. නැගල විනාඩි කීපයක් යන්නත් කලින් මට විතරක් නෙවෙයි බස් එකේ ඉන්න අපි ගොඩ දෙනෙක් ට (විශේෂයෙන් ගෑණු ළමයි) සිගරට් ගඳක් දැනෙනව. ඉතාම සැර ගඳක්, නිකං නහය උඩ සිගරට් එකක් පත්තු කරලා තිබ්බ වගේ. සිගරට් ගඳ නිසා මම ඉතාම ක්ෂනිකයෙන් irritate වෙනවා. මොකද ඒවා ආශ්වාස කරනවා කියන්නෙ අපිත් දුම් බොනවා කියන එක. හැමෝම විමසිලිමත් වුණා කවුද යකෝ බස් එකේ සිගරට් බොන මෝඩයා කියල නමුත් එහෙම එකෙක් පේන්න හිටියේ නෑ. ඉස්සරහ දොරේ කවුරුත් හිටියේ නැති නිසා නිසා දුම් ගහන්නෙ පිටිපස්සේ හිටපු එකෙක් බව තේරුණා. ඇත්තම කියනවා නම් අපේ batch එකේ සමහර උනුත් සිගරට් බොනවා, අපිට උඩ batch වල උනුත් බොනවා, පහල batch වල උනුත් බොනවා ඇති. කොන්දා පේන්න හිටියෙත් නෑ ඒ නිසා කාට බනින්නද කියල නොදන්න නිසා අපි ඔරෝ ඔරෝ නහය වහගෙන පාඩුවේ හිටියා. 


මේක ටික වෙලාවක් මෙහෙම සැරින් සැරේ සිද්ධ වුණා. ඉවසීමේ සීමාව ආසන්න වෙද්දි බස් එක පොඩ්ඩක් නවත්තපු වෙලාවක ඔන්න අර හරි මාර කොන්දා නැග්ගා ඉස්සරහ දොරෙන් සිගරට් එකක් පත්තු කරන්!!! 

මූ අර  “බස් රථය තුල දුම් බීම තහනම්!!!” sticker එක දිහා බලාගෙන අපේ ඇස් දෙක ඉස්සරහ ඉඳන් සිගරට් බොනවා!!! යකෝ මේක හරි මගුලක් නෙ! මට මල පැන්න වුනත් මම බොහොම විනීතව හයියෙන් කිව්ව “සිගරට් බොන අය බැහැල ගිහින් බීලා එනවද!” කියල. එතකොට අර මෝඩ තකතීරු කොන්දා කියනව “එහෙනම් ඉතින් ලංකාව අත ඇරලා යන්න තමයි වෙන්නෙ මිස්” කියල! ගොන් කම් කරලා ඒ ගැන ලැජ්ජ වෙන්නෙ නැතුව තව කියවන්නත් එනවා! මේ ගොබ්බයා හිතන් ඉන්නේ ලංකාවේ බහුතරයක් තාම සිගරට් බොනවා කියල. ඒ උගේ තාත්තගේ කාලේ වෙන්නැති. දැන් සිගරට් බොන්නෙ එකට ඇබ්බැහි වෙච්ච නාකි මිනිස්සු විතරයි. කොල්ලො ප්‍රතිශතයෙන් ඕක බොන්න තමුන්ලා වගේ ආතම ශක්තියක් නැති, තමුන්ට තමුන්ව පාලනය කරගන්න බැරි, හිතන්න මල් පොහොට්ටුවක් තරම් වත් ඔලුවක් නැති මෝඩයෝ විතරයි. මම complaint කළා නම් තමුන්ව පොලිසියට අල්ලන් යනව, මොඩයා!!!

කොහොම හරි ඌ එහෙම කියල බැහැල ගියා. බස් එක ආයෙ ගමන පටන් ගත්ත, ටික වෙලාවකින් ආයෙ එනව සැර සිගරට් ගඳක්!!! ඒ පාර නම් මට අසූ හාරදහට නැග්ගා කියලත් මොකද්ද ආයෙ බොන්නෙ කියල. ඒත් බලද්දි කොන්දා ඉස්සරහ ඉන්නව, උගේ අතේ සිගරට් එකක් නෑ!!! අපි හැමෝම කෙලින්ම හැරුනේ පිටිපස්සේ දොරට. ඔන්න ඉන්නවා, අපේ batch එකේ හොඳ තැනක් තියෙන සහ පහල batch එකේ උන් හොඳින් සළකන සහ ගෞරව කරන කොල්ලෙක්, උගේම වචනෙන් කියනව නම් හුළු අත්ත පත්තු කරන්!!” ඉතිං කාටද කියන්නෙ! අර කොන්දා හිතනවා ඇති මම බිව්වම තමයි මුන්ට තියෙන අමාරුව, උන්ගේම උන්ට සිගරට් බොන්න හොඳයි කියල. ලැජ්ජයි!! ඇත්තටම ලැජ්ජයි!! අපේ මිනිස්සුන්ට මීට වඩා අනිත් මිනිස්සු ගැන හිතන්නන පුළුවන් සංවේදී කමක් සහ ඔලුවක් තියෙන්න ඕනි. කොන්දොස්තර කාරයෙක් සහ කැම්පස් යන කොල්ලේක් අතර වෙනසක් තියෙන්න ඕනි නෙ! පස්සෙ අපි පත් වුණු අපහසුතාවය දැකල ඉස්සරහ හිටපු කොල්ලෙක් ගිහින් උට කිව්ව මම හිතන්නෙ, වැරැද්ද කළේ ඌ නිසා උට තරහ යන්න නැතුව ඇති කියල මම හිතනවා. ඒ වගේම අපරාදෙ කියන්න බෑ ඌ මම දැක්ක විදියට ආයෙ බස් එක ඇතුලේ සිගරට් බිව්වේ නෑ. :)




ඉතිං කොහොම හරි බස් රථය පොඩ්ඩක් වත් කෙටුවේ නැති නිසා පාන්දර තුන වෙද්දී මළ ගෙදරට යන්න අපිට පුළුවන් වුණා. අනේ පැය නවයයි ගිහින් තියෙන්නෙ!!! ඉතාම කාර්යක්‍ෂමයි!! ෂා...!!


ඊට පස්සෙ අපි උදේ 10.30 විතර වෙනකන් ඉඳලා එන්න බස් එකට නැග්ගා අපහු එන්න. එතකොට පණිවිඩයක් අවා අර මහත්වරු දෙන්න දිය ස්නානය සඳහා වැවට ගිහිල්ලා, කොහොමත් එන්න තව විනාඩි පහළොවක්, විස්සක් යයි කියල! -_-

අහ් ඔව්, එයාල නෙ සල්ලි දීල අපි එක්ක ඇවිත් තියෙන්නෙ. වැඩ සිද්ද වෙන්න ඕනි එයාලට ඕනි විදියට නෙ.. ඒ නිසා හිටියා. ඒ දෙන්න නාල කරලා ඇවිත් බස් එකට නැග්ගා. අරුගේ එක අතක පත්තු කරපු සිගරට් එක, අනිත් අතේ ඇඳන් හිටපු තෙත බේරෙන යට කලිසම!! අරකෙන් දුම් විදින ගමන් මූ අර කලිසමෙන් මුණ සහ ඔලුව පිහිදානවා අපි ඉස්සරහ ඉඳන්!! සංසාරේ!!! ඊට පස්සෙ සිගරට් එක අතේ තියාගෙන ම හඳුන් කූරු දෙකක් පත්තු කරලා සිගරට් සහ සුවඳ දුම් මිශ්‍රණයක් ඇල්ලුවා බුදු පිළිමෙට සහ අනිත් දෙවි රූප ටිකට (සංසාරේ.....මෙහෙම මිනිස්සු මොකට ඉපදෙනවද!). සිගරට් කොටේ අන්තිම ටිකත් බීලා හඳුන් කූරු ටික ගැහුව එතන ඉස්සරහ.  ඒ වෙලේ ඉදං මූ කළේ වැටි වැටී නිදා ගත්ත එක. මම දන්නෙ නෑ ඇයි ඌ අපි එක්ක ආවෙ කියල වත්. කන්න බොන්න නවත්තපු හැම වෙලේම මූ කළේ සිගරට් බීපු එක. අපේ batch එකේ කොල්ලන්ට අපි කතා කරන එක එක නම් සහ ඌ,මූ කිය කිය කතා කර කර කිසිම decency එකක් නැතුව  හෙන ලොකු සීන් දාගෙන හැසිරිලා මේ මෝඩ මනුස්සයා හැමෝගෙම අප්‍රසන්නකමට ලක් වුණා. මොකද අපි අපි යාළුවො කතා කරන එක වෙනයි, cab service එකකින් වාහනයක් කතා කරනකොට ඒ මහත්මා ගතිය ඕනි මිනිහෙක් ගෙන් අපි බලාපොරොත්තු වෙනවා නෙ. ඒ නිසා අපි cab service එකේ numberඑක ඉල්ලගත්තා මූ ගැන complaint කරන්න, මොකද එතකොට වෙන මිනිස්සු ටිකක් හරි අපිට වුණා වගේ ලේ කෝප වීමකට ලක් වෙන්න වෙන එකක් නැති නිසා.


ඉතිං කොහොම හරි තවත් පැය නවයකට පස්සෙ ඉතාම සැප පහසු ගමනකින් අනතුරුව මම අවිස්සාවේල්ලෙන් බැහැ ගත්ත. අපරාදෙ කියන්න බෑ එතකොටත් අර මිනිහ නිදි!!!


Wednesday, August 19, 2015

A day at a clinic of a government hospital!


Okay.. HIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIII PEOPLE!!!!!!! :D :D

Aww.. I know I know.. It's almost after an year!!! හරි ඉතිං මම හිතා මතා මග ඇරලා හිටියා නෙවෙයි. So many things came along and yeah.. life has been a roller coaster :P
So this post came out of frustration actually. I couldn't help but to write. I wrote it in my phone so it's in English and I'm sorry it's long. But it includes something I really wanted to let out and share with you guys. And I wrote it in the hospital itself so bear with me if it isn't very appealing or exciting :D

ඉංග්‍රීසි පොස්ට් කියවන්න අකමැති යාළුවන්ට මේකෙ සිංහල version එක මම ඉක්මනට දාන්නම්. එතකන් මේක publish කරන්නම්, හරිනෙ?

Okay so here goes.. "EXCITED!!!!!" :D :D :D


I stand watching people congested and buzzing like bees in a honeycomb, some in sarongs, some in skirts, some in cheeththa and various other clothes,  people of different ages, different classes with different smells.
All of these people have come to see the surgeon, just like my self. We were lucky enough to have a known someone from the staff, i don't know how else you could get to see the doctor before you die. My mom is always in a rush to do everything, she didn't understand the fact when I said our set of numbers are not called so soon. She dragged me along and made me sit in the very front row thinking that I'm up next to find out our set of numbers are not called so soon; like i said. -_-

I tried to calm down n wait while she sat on a behind row n started chatting with all the people around and having a good time. I must say that I am a person very sensitive to smell. N the smell which was coming from the premise was uncomfortable (the hospital smell) and hence I covered my nose with my serviette. And all these women around me started talking to each other "there's some bad smell coming isn't it?" "must be coming from some infected wound"and covering their noses. And the nurse or the attendant woman who was at the door was treating the patients as if it's her hospital and she's angry with them for seeing the doctors for free. Literally, it was so annoying and disappointing maybe because I wasn't used to that.



I played a game on my phone till my lives were over and just then some guy went inside. I didn't notice him that well because tens of people were passing that door some hitting me, jumping over me, stepping on me, pushing me etc and I had started feeling so grateful for my mom who made me sit there and is now having a good time behind.

However as soon as this guy went in these women around me started talking to themselves again. "the smell is reduced a little now isn't it? It's from that guy. I was finding it difficult to breathe even. I don't know how his family people live"

I can not say how disappointed and angry I felt.  Only two things came into my mind. One is what that poor person would feel if he hears what these women with big mouths speak, and if it was me who went inside they would speak the same about me. It's just horrible how people treat each other in a country which is said to be one with greatest hospitality. It was just disappointing ; pathetic!

The crowd started increasing. They were using my chair as a helper for them to keep standing with out considering that a person is actually seated there. I hadn't had anything to eat or drink other than my morning tea and i was sitting in that place filled with Carbondioxide and many other gases I couldn't identify just to get a date for my operation from the surgeon I had previously channeled in a private hospital. When it was almost one and half hours of this, my tolerance threshold exceeded. I felt suffocating and vomitish and so i finally got up and came out to where it wasn't so congested and where there was enough oxygen to breathe. My mom who was having a good time in a back row followed me asking why, and I couldn't help but to be furious at her.

I almost cried outta frustration and she took me to some shop where I had a Milo and calmed my self down. Now after two hours of waiting the doctor finally arrived (after checking on the patients in the ward) and no numbers are being called still after another fifteen or more minutes now .



The people who needs to consult a surgeon in a general hospital need to keep one whole day free to do so, that was the final conclusion I arrived at. And seeing the crowd in the chest clinic my heart just burst. They are shouting and fighting there for numbers and seats and I can't even believe that there are people who still behave like this.

How much time is wasted and how much frustration is caused to these people. The more I think about it, the more I see the drastic difference between the hospitals in the private sector and those in the government sector. But maybe these people are used to it now. Maybe that's why they are just waiting here without complaining while I'm writing this all irritated. I mean I heard a woman next to me saying that she came very early in the morning and ended up receiving number 48 because she didn't know where to go and no one gave her proper directions and she was saying "it's okay only the first time is like this know, things like this has to happen too so that we learn" I mean she was more than okay with it. It was like she had all the time she wanted to spare. So maybe this is the norm here.

Starting to write this was a good idea however. I feel a little better now. Another thirty minutes has passed and hopefully our set of numbers will be called soon.. And once this is over, I pray and hope I would never have to see a clinic of a government hospital again.. Sigh...

P.s.
Okay three hours of waiting and all the doctors including the surgeon just went out. I don't know if that's for tea or what or if they are coming back or not. I just sat again after about one and half hours of standing. I have really run out of patience. Government services SUCKS big time!!!! -_____________-

P.s.
Its 12 noon now. I just stepped out after taking a number for my very minor surgery. My number was 11 in my number category and I waited four hours to see the doctor just to get a date. Sad but that is the state of Sri Lankan government hospitals!!!




Thursday, February 13, 2014

Why I loved him….



Well this post is inspired by a true story which has been experienced by a friend of mine. It is written with her sincere permission and is dedicated on her behalf to all those beautiful couples who celebrate Valentine’s Day today sharing such a wonderful love ^_^
May you all win, succeed and live you love for a life time full of happiness… :)

Once in a blissful day, I met him…,
It was out of nowhere; so sudden and surprising…
We got along “really well” little by little
And the more we got to know each other
The more we fell in love
And every time of seeing each other
We fell in love again and again…..
To love and to be loved like that
Are like the most blessed feelings
In the whole wide universe……..
And now that we’re officially separated (see I used passive voice J
I think back to see
Why did I actually love him……….? :)

I loved him because I knew he loved me;
And for I felt that love deep deep inside…….
I loved him because he made me
Feel so safe, secured and good………..
I loved him because he never left me alone,
For he was always ALWAYS there, right beside me……….
I loved him because he never made me
Feel small, invisible or un-heard………..

I loved it when he held my hand
Like a father escorting his baby girl…..
I loved it when he wipes the sweat
Off of my face like a brother would do……
I loved it when he teased and bugged me
Where we fought like best friends do……
I loved him for treating me like a kid
And I loved him for loving me for who I am…
I loved him for knowing my weaknesses
And yet loving me even more……
I loved him for loving me even when I’m a Buddhist
I loved him for being real himself……..
I loved him for bearing up with me
When I go crazy over every little thing;
Which now really feels like a waste of time…..
I loved him for trying to make me smile
I loved him for making me feel so loved;
The very reason I could never hate him
For not being a Buddhist;
And the very reason we couldn’t let go
Of each other for so long..................



And now though the decision is made
I am at peace in my heart
For I’ve no regrets of our time together
For I know our love was true and pure
For I loved and treasured him as my first love…..
We’ve been living in each others’ lives
For an year or more
And I’ll always love those precious memories
But no that doesn’t mean I will not move on…………………………

I ‘will’ move on;
Cuz I want him to move on and live his life,
Cuz I want him to feel happy and loved again,
Cuz I wanna prove myself that we made the right decision
And all the hazel we went through was worth it……..
Cuz I am a regretless person,
For I loved him once so much that
He could too be proud of his first love………..

So darlings, if you’re today with that precious person who makes you feel the most awesome feeling you’ve so far ever felt, if s/he makes the world around you move slow, if s/he makes you smile whenever you think of em,  make sure you do everything to make yourself stick to them. And if you are one of those very few lucky souls to have such a person beside you, be sincere, open and honest with them. Don’t ever play with such a precious heart for as you all know what goes around always comes around.
And please guys, don’t waste your precious time fighting over little stupid things or hurting each other for fun, cuz time is very limited and precious for every next second is unpredictable.

Live the moment, fight for your love;
But when it comes to making decisions, please, always ALWAYS look up to your brains…. If every bit of fact proves you that you can’t be happy together, be smart and trust your brain in that case rather than trying to convince it. Because not everyone is strong enough to accept such a thing no matter how obvious it is and if you are, well I can only imagine how strong you can be... And don’t ever lose faith in whatever that you are believing, cuz trust me when I say it; everything happens for a reason; and EVERYTHING happens for the best…..

But… if you must let that person go, please please make sure that you’ve tried your best. Be in a position that you don’t have any reason to be ashamed of yourself for you’ve fought your best to save your love before you let it go.
Because then… your heart will be at peace and then… no matter how much it weeps, trust me it will always move on…
Because LIFE… always ALWAYS moves on………

Happy Valentine’s Day folks... with lots of love!!! <3