Friday, December 23, 2011

සමා වුව මැන මගේ සබඳේ....

සමා වුව මැන මගේ සබඳේ....


ඔබට හැඟෙනා අයුරු මා හට
නොවැටහෙනවා නොවේ සබඳේ....
සිතක් රිදවා රසක් ලැබුමට
සියුම් මා හද කුරිරු නොම වේ..
එහෙත් මේ හැර වෙනත් මගකට
හැක්ද පිවිසිය එක්ව අප හට
මං දෙකක යන වෙනස් ජීවිත
දෙකක් වෙමු අප එක්ව නොහෙනා..

මිතුරේ..
වටහා ගනු මැනවී..
ඔබත් මමත්,..
එක්විය නොහැකී...
මහදේ,
ඔබ වෙත ඇති හැඟුමන්
සුන්දරයි නමුත්
ඒ ආදරය නොවේ...

ඔබේ සිහිනේ කුමරි මා මුත්
මගේ කුමරා ඔබ නොවේනම්
කෙසේ කියමිද ඒ ඔබම වග
මිතුරු සිත පෑරේ කියා ...
සමා වුව මැන මගේ සබඳේ,
බොළඳ මුත් මා සිත මගේමයි...
කෙසේ ඒ රවටම්ද අද මා
ඔබේ සිත මා සතුයි කීවත්.....


7 comments:

මිතුරෙක් විදියට ගොඩක් ලං වුනාම,මිතුරුකමින් ඔබ්බට ගිය සෙනෙහසක් හොයන එක වරදක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ...එඉක ගොඩක් සුලභ සහ සාමාන්‍ය සිද්ධියක්...හැමදාමත් වගේ, ලස්සන කවි ටිකක් නංගියා...
 
බොහොම ස්තූතියි අයියා.. ඔව් සුලභ සහ සාමාන්‍ය සිද්ධියක් තමයි. හැඟීම් කියන්නෙ ඉතින් හිතා මතා ඇති කරගන්න ඒවා නෙවෙයි නෙ.. :)
 
හ්ම්ම්ම්ම්.... සිරා නංඟා... :p
 
නංඟා???!!!!! :P :P මේ මේ මේ... එන්ඩ එපා වැරදි ආමන්ත්‍රණ දෙන්න මලින්ත...hehehe.. and anyway, thank youuu buddy!! ^_^
 
Dz z nc akki...oya kiwwa hari meka mage blg pst ekata tikak samanai, bt mage blg pst eke thiyena eka mama grl kenek ekka haule liwwa ekak! :)
 
hehe.. thankxx malliya!! ow itin..wt i said was the theme is much alike :P :D
 
වැදුනා. හදවතටම.
 

Post a Comment