අඳුරු අහසට සඳක් ලූ සේ
එකලු වූ වැයි සිතිමි මාගේ
පොතට ගුලිවී තිබූ ජීවය
ඔටුනු හිමි කුමරිය වු දා ...
පිරිස බෝ මැයි එදා මා වට
බියක අඳුරක සෙයා නොමැතිව
තොසින් මන් මත් වීමි ඉපිලී
රටක් රජයක් දිනූ සේ...
එදා මා හා එක්ව හිනැහූ
මේ කියන්නේ ඔබටයි..
මගේ සතුටේ දී දිරි දෙමින්
ලඟින් හිටපූ ඔබටයි...
ඔටුනු පළඳා සිතූ පමණට
රටක් කරවුම පහසු නැති වග
දැනී කැපවී වෙහෙස වුයෙමි
මගේ රට ලස්සන කරනු වස්...
පළමු පමණට නැතත් එකලත්
මා වටා හිඳ සවිය සැලසූ
වූහ පිරිසක් මේ ගයන්නේ
ලඟින් හිටපූ ඔබටයි...
සඳු වසා දස වධ දෙනා සේ
දුම් නැගී විත් ගිනි ද නොමැතිව
හිස වෙලා පැතිරී ගොසින්
හෙලපු දහඩිය මුගුරු පාගා
කිරුල උදුරා කිනිසි ඇන මට
මරණයට ලක් කෙරී ඉද්දි
මුලින් සිටි ඒ පිරිස කෝ?
එදා මරණින් මා මුදාලා
නගා සිටුවා කඳුළු පිසදා
මා වටා මහ පවුරු බැඳපූ
අතලොසක් වූ ඔබ නිසා
රටක් දිනිමී කිරෙන් සේදී
නිදොස් නිදහස් බව ලබා මා
දණින් හිඳිමින් තුති පුදන්නේ
ලඟින් හිටපූ ඔබටයි...
මගේ සෙත වෙනුවෙන් හඬාපූ
සටන් කර මට අභය දීපූ
හදවතට හැමදාම ළඟ වූ
සදාදරණීය ඔබටයි....
4 comments:
Post a Comment