කඳුළු පිණි වැහි....
රෑ අහස කළුවරයි
රිදුනු වැහි වලාවන්
වැහි බින්දු පොදි පිටින්
පොලොව සිප හඬනවා.....
තුසර බැඳි කවුළු පත්
මත ඇඟිලි තුඩු යැවී
ගෙවුණු සුන්දර මතක
රූ සිතුම් මවනවා.....
එදා බැලූ හැම දෙසින් පෙනීලා
සිනා සැලූ නිල් ඔබේ දෙනෙත්
කොහේ සෙවූවත් ඇයි අද නැත්තේ?
අඳුර මා වෙලා ඔබ සඟවා...
ඔබ අත නොමැතිව සුරතේ අතැඟිලි,
අඩපන වී සෝ සුසුම් හෙලද්දී
අඳුර මැදින් ඔබ දැන් දැන් එයිදෝ
පෙඟුණු දෑස් තව මග බලනා.....
දවස දැන් දිගු වැඩියි
ඔබේ උණුහුම නැතිව,
බිඳුණු සිත සීතලින්
ඉකිගසා හඬනවා...
හුස්ම ලන හැමවරක්
පාසාම මහ බරක්
හදවතට එකතු වී
විලාපය නගනවා....
7 comments:
නොනිඳ දුක විඳ විඳා....
ලිව්ව කව පද පේලි,
කඳුළු පිනි වැහි මවා....
නොතෙත් මහ පොලව මත,
හිමි හිමින් වැටෙනවා....
සිතේ තිබු දුක හැඳින,
මිහිකතත් හඬනවා....
ඔබේ උණුහුම නැතිව,
බිඳුණු සිත සීතලින්
ඉකිගසා හඬනවා..."
ෆට්ට...
හිතට කොඳුරණ
සිත මද නළ
පුංචි තරු කැට
සාක්ෂි
Post a Comment