නැතිද අවසර ආයෙමත්....??
කවුළුවෙන් එපිට පාවී ගෙන එන
සුදෝ සුදුවන් පිහාටුව සේ
දැනුම් තේරුම් නැතිව පාවී
ඈත අඹරේ ඉහල ගිය හැටි
හැමගෙ සුරතල් සිඟිත්තිය වී
ගෙවූ ඒ කාලය කොහිද අද?
නිදහසේ සැරි සැරූ එදවස්
ආයෙ එන්නේ නෑම වාගෙයි..
ආදරෙයි, මට තාම සුවඳයි
මතකයේ ලස්සනම කාලේ
එදා විඳපූ සොඳුරු සිතු අද
කොපුල් මත කඳුලින් ඇඳේ.....
ආයෙත් පාරක් ඇඳ හැඩ බලන්න
සුදු ගවුමක් මට දෙනවද?
කොණ්ඩා කරලක් ගොතලා අම්මේ
හිස සිප මට සමු දෙනවාද?
තවමත් ආසයි වරදක් කරන්න
කඳුළු හලන්නට බැනුම් අසා
වැඩිහිටියෙක් ලූ දැන් ඒ මුත් මා
සිඟිත්තියමයි එදා හුන් .....
යෙහෙළියෝ ගොන්නකට මැදිවී
එක්ව හඬමින් එක්ව හිනැහූ
පළමු පෙම සහ බොළඳ පෙම් බස්
අදට වැඩියෙන් ඇයි වෙසෙස්?
වගකීම්, යුතුකම් එකතුවී
කූඩු කරනට ඇඟිලි බැඳ මා
තැත් දරයි ඒමුත් පෙනෙන්නේ
නැතිද මා ඒ සිඟිතියම බැව්?...
2 comments:
Post a Comment