ආදරේ පිනි පිරුණු මල් වැහි...
පියසරන්නෙමි දෑත් විදා,
පුළුන් රොදක් සේ පාවී..
සෙව්වන්දිය සේ මානෙන් ඉතිරී
වලා වියන් තල ඉරා දමා..
ලොවම සිසාරා එබී බලන්නෙමි
සතුටු ඉමේ නිම් නොහී බිඳී
මල් පියල්ලක සියුම් සැහැල්ලුව
හදට දැනී සියොළඟ දැල්වී...
අවැසි වේ මට ලොවට කීමට,
කෑගසා ඔහු මගේ වග,
මා පැතූ ඔහු - මා පතන වග,
මා පැතූවාටත් වඩා...
ආදරේ පිනි පිරුණු මල් වැහි
මැදින් අහසේ ඈත ඉහලට
පියාසරනෙමි දෑත විදහා,
සිහිනයක සේ....
මතින් වෙලී බිඟු ගුම් නද දෙත්දී,
මමත් රගන්නෙම් මත් වී..
සමනල තටු යට රන් සුනු වැස්සේ,
සැඟවී හිනැහෙමි රහසේ...
සාගර රල සේ සිතුවිලි කැලතී
සියොළඟ කිතියෙන් කුල්මත් වී,
හිරු, සඳු, තරු හැම පහලයි අද මට,
ලොවක් දිනූයෙන් මන්මත් වී...
3 comments:
තුරුල්කර ළඟ තියාගන්න...
එපා දෙන්නට
උදුරගන්නට
ඒ සතුට කිසිම අයෙකුට
කිසිම දිනක....
ලස්සනයි නංගා ...... සතුට පිරිලා ඉතිරෙන ලිපියක්.....
Post a Comment