Sunday, January 29, 2012

මගේ අම්මට....; ගොඩාක් ආදරෙන්..


අම්මා කියන්නෙ හරි පුදුමාකාර වචනයක්. ඒ පුංචි අකුරු තුනේ ගැබ් වෙලා තියෙන ශක්තිය, ආදවගේම අවබෝධය මෙච්චරයි කියල තවත් අකුරු ගොඩකින් කියල ඉවර කරන්න කවදාවත් පුලවන් කමක් නැහැඅවුරුදු විස්සකුත් මාස කීපෙකට කලින් මේ ලෝකෙ ලස්සන විඳින්න මට ඉඩ සලස්සපු මගේ අම්මා ඊට ගොඩක් කාලෙකට කලින් ඒ ලෝකෙ දැකපු වාසනාවන්ත දවස අද..
අම්මට සුබ පතල post එකක් දාන්න උවමනා වුණත් කවියක් විදියට නොදා මේ විදියට ලියන්නෙ මේක සාමාන්‍ය post එකක් විදියට පේන්න මට ඕනි නැති නිසත්, හෑලි ලියන එක මට කවි ගොතනවට වඩා හුරු වගේම නිදහස් දේකුත් නිසා..

මේ අවුරුදු විස්සටම මං වෙනුවෙන් කවුරු හරි කෙනෙක් වැඩිපුරම අඬල තියෙනවනං, දුක් වෙලා තියෙනවනං, වද වෙලා තියෙනවනං ඒ වෙන කවුරුත් ම නෙවෙයි; මගේ අම්මා!
මේ ලෝකෙන්ම මාව වැඩිපුරම තේරුම් ගත්ත සහ මට වැඩිපුරම ආදරේ කරන එකම කෙනත් මගේ අම්මා!
මොන දේ සිද්ධ වුණත් මගේ ජිවිතේ මං වැඩිපුරම ගරු කරන සහ වැඩිපුරම ආදරේ කරන කෙනත් මගේ අම්මා!

මං වෙලාවකට කෑ ගහනව; රණ්ඩු වෙලා තරහ වෙලා ඉන්නව; එකට එක කියනව; එත් මං කවදාවත් අම්මට නොකියා ජිවිතේ කිසිම දෙයක් කරන්නෙ නෑ. තමන්ගෙ අම්මගෙ වටිනාකම ගොඩාක් හොඳින් අත්දැකීම් වලින් අවබෝධ කරගත්ත කෙනෙක් මම. මං ඇඬුවොත්, දුකෙන් හිටියොත්; මගේ පැත්තෙන් මම කොයි තරම් අසාධාරණ වුණත් අම්ම මාව සතුටෙන් තියන්න කරන්න පුළුවන් හැම දේම කරපු සහ කරන බව මම දන්නව. අම්ම මාව කවදාවත් සැක කරලවත්; අනවශ්‍ය නීති දාල බැඳල තියාගන්නවත් හදල නෑ. මං එයාට ගරු කරන්නෙත්, ඒ විශ්වසේ රකින්නෙත් ඒ නිසා...

මං හැමවෙලේම මේක කියන්නෙ නැතිව ඇති.. එත් මං අම්මට ගොඩාක්...ගොඩාක් ආදරෙයි අම්මේ...!!
මං කොච්චර පිස්සු නැතුවත්, කොච්චර මුරණ්ඩු වුණත්, ඒ බව අම්ම දන්නව කියල මම දන්නව.. මුළු ලෝකෙන්ම මාව වැඩිපුරම සහ ඇත්තටම තේරෙන්නෙ අම්මට විතරයි.. එකයි මං අම්මට ආදරේ!!
මේ මුළු සංසාර ගමන පුරාවටම අපි කරපු හැම පිනකම බලෙන් අම්මා දවසක නිවන් දකීවි.. ඒ දවස වෙනකන්, මම  උපදින හැම මතු භවයකදිම  මම වෙන අම්ම කෙනෙක් නං කවදාවත් ප්‍රර්ථනා කරන්නෙ නෑ...

ජිවිතේ කොච්චර පහලට මම වැටුනත්, මොන අන්ධකාරේක අතරමං වෙලා හිටියත්, ළඟ හිටපු හැමෝම මාව ඇත ඇරලා දාල ගියත්, අම්මා හැමදාමත් වගේ මගේ අතින් අල්ලගෙන මට පාර පෙන්නන බව මං දන්නව... ඒ නිසා මං දැන් ජීවිතේට බය නැහැ!!
අම්මා කියන වචනෙ උත්තරීතර බව මට කියල දුන්නෙ අම්ම! අම්ම මං වෙනුවෙන් විඳපු, විඳින කරදර වලට මම කවද, කොහොම, කී පාරක් සමාව ගත්තත් මදි වග මං දන්නව අම්මේ! මේක කීයටවත් ඒ බීපු කිරේ ණය අරවන්න හදන උත්සාහයක් කියල හිතන්න එපා! අම්මට නොපෙන්නුවත්, මේක මේ පාර මං හදවතින්ම අම්මට දෙන උපන්දින තෑග්ග... අම්ම මට දීපු ඒ ආදරේට, අවබෝධයට, යාළුකමට, ඉවසීමට....හැමදේකටම අම්මට ගොඩාක්... ගොඩාක් පින්!!

අම්මගෙ හිතේ තියෙන හැම ලොකු- පුංචි බලාපොරොත්තුවක් ම ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕනි අම්මේ! මගේ බුදු හාමුදුරුවො අම්මට හැමදාම ආශීර්වාද කරන්න ඕනි.. අම්ම ජිවිතේ හැමදාම සතුටින්, නිදුක් නිරෝගීව, හිනා වෙලා ඉන්න ඕනි.. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනව අම්මේ!!
මොකද ලෝකෙ හැමෝටම වඩා මට වටින්නෙ සහ ළඟ, මගේ අම්මා ‘විතරක් ම’ නිසා...

සුබ උපන් දිනයක් අම්මේ!! අම්ම ‘මගේ’ අම්ම වෙන්න මං කොච්චර වාසනාවන්ත වෙන්න ඕනි ද කියල මට ම තාම හිතා ගන්න බෑ...
“සියක් ආයු ලැබ - මගෙත් ආයු  ගෙන
මටත් වඩා කල්, ඔබ ජිවත් වේවා!!!...
මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ,
විශාඛාව වේවා!!!.....”




11 comments:

අපි කාගේත් ජීවිතවල හැමදේකදිම ලඟින් උන්නු,මොන දේ වුනත් අපිව අත නොහැරපු ආදරණීය අම්මා ගැන එක ලිපියකින් කියල නිම කරන්න බැහැ....

නංගා ගේ අම්මා ගොඩාක් වාසනාවන්තයි...නංගා ගේ ආදරේ පිරිලා ඉතිරෙනවා ලිපිය පුරාවටම... ඇයට මගෙනුත් සුබ පැතුම් අගේ උපන් දිනයට!!

මගේ අම්ම මට දුන්නු ශක්තිය ගැන මෙන්න මෙතනින් කියවන්න : http://goo.gl/8oBy0
 
:) thanks a lot ayya!! :)මම මේක කියවලා ගොඩාක් කල්.. ගොඩාක් ලස්සන post එකක්.. :)
 
අම්මට මගෙනුත් සුභ පැතුම් එක් කරන්න....
 
ඔයා ලියපු මේ වචන ටික අම්මා දැක්කොත් සත්තයී ඇස් දෙකට කදුළු එයී. අම්මෙක්ට දරුවෙක්ගෙන් ලැබෙන්න ඕන ලොකුම තෑග්ග තමයී මේ.
මමත් මගේ අම්මට පැලෙන්න ආදරෙයී. එයා වෙනුවෙන් මට ඕනදෙයක් ඕනම දෙයක් කරන්න පුළුවන්.
''දන් දී පිං දී උදම් වී - පිං සාරෙන් සොබනා
සම්මා සිත් පෑයුවා - අම්මා
ඊට නම් බෑ ඉතිං වන්දි දෙන්න
ආයෙමත් අයෙමත් අම්මා වෙන්න"
අම්මට මමත් හදවතින්ම සුභ පැතුවා කියන්න.
සුභ උපන් දිනක් වේවා
සුභ උපන් දිනක් වේවා
දෙවියන් ඇය රැක දේවා!
 
ලස්සන පෝස්ට් එකක් අක්කි.අම්මාට දීර්ඝායුෂ පතනවා.
 
godak lassana post 1k dr.oya tharamata lassana vachana galapanna beri unath math oya vagema mage ammata adarei.mulu lokema apita nathi unath apita amma innava hamadetama.oyage post 1 kiyavanna gihin as 2kata kanduluth ave matath notherenna.ammata me post 1 pennuvoth oyava badagena adavi.
 
@ඔබ නොදු‍ටු ලොවක්- බොහොම ස්තුතියී..! :) :)

@බට්ටි - :) ස්තූතියි෴ බට්ටි... ගොඩාක් ස්තුතියි... :)

@වර්ෂා.. - thank you නංගියා.. :)

@lucky- ඔව් buddy.. ගෑනු ළමයෙක්ට එයාගේ අම්මට වඩා වටින කෙනෙක් නෑ නේ... hehe..ඔව්.. ඔයා දන්නවනෙ අපේ අම්ම මම 'ඔයාට මං ආදරෙයි!' කියල ලියල දුන්නත් අඬන්න තරම් සංවේදී කියල.. :)
 
matat ammi tamai mage jeewithema
 
@Shashika- :) ඔයාගේ අම්මිත් ගොඩාක් වාසනාවන්තයි එහෙනම්... :)
 
ඇත්තටම ලස්සනයි....
 
:) ස්තුතියි ගොඩක්!!
 

Post a Comment