මගේ මිතුරේ රකිමි මුනිවත...
හිරු එබෙන්ටත් පෙර පටන් ලොව
සිහිලසින් සනහා නිවාලන
තුසරයක් වී සැලේ නම් ඔබ,
හිස් තුඩින් එය දරා ගන්නට
පතමි වීමට බලා සිටිනා
පුංචි පඳුරක තණ පතක්..........
නියං කාලෙට අහස දෙදරා
හාත් පස නහවා දිලෙන මහ
වැහි කඳක් වී වැටේ නම් ඔබ,
ඔබේ දිය ලැබ දිවි ලබන්නට
පතමි වන්නට ජීවයෙන් තොර
වියලි අත්තක මල් මිටක්................
දනන් තුටු කර සවණ නිවනා
සිත් සතන් ගී හඬින් සදනා
කොවුලෙකුව නුබ සරයි නම් නුඹ,
ඔබට උණුහුම සපත සැදුමට
පතමි වන ලෙස පෙරුම් පුරනා
ඔබේ සුරතේ පියාපතක්............
අඳුරු අඹරේ තරු පහන් කර
සඳක් සේ දිස් දෙවයි නම් නුඹ,
සිත පිරෙන තුරු රස විඳින්නට
පතමි නැවතත් හිරු නො ඒ වැයි
වෙතත් හැමකල් ගනඳුරක්..............
මගේ දෑසින් ඔබ දැකීමට
නොහැකි වූ මුත් ඔබට කිසි කල,
මගේ මිතුරේ රකිමි මුනිවත
අවසියෙන් මට ඔබේ මුහුණේ
එදා අද මෙන් සදා දැක්මට
සදාදර වූ සිනහවක්!!!!.............
5 comments:
පාළු වී තනිකමෙන් විඳවන
මතක පොදිබැඳ කඳුළු වපුරන
යුගයකුත් එනු හැකිය මිතුරිය...
නිසා එබැවින්
පමාවනු පෙර,
තවත් දුක් විඳ
නොවැලපෙනු මිස,
පද පෙළක් ගලපා
සොඳුරු ඉතිරෙන,
ගයනු මැන ඔබ
හදේ රිද්මය...
~~ ලස්සනයි නංගි... හැමදාමත් වගේ.... ~~
Post a Comment