Sunday, January 22, 2012

රතු දියමන්තිය...




කුඩා කල පටන්
ජන්ම දයාදයෙන් ලත්තෙමි
‘රතු දියමන්තියක්’.....
සියක් කැටයමෙන් ඔපලූ
දාසක් මල්කමෙන් සැරසූ,
සියුම් උණුහුම් බිතුයෙන් සැදි,
මිලක් දිය නොහැකි
අසම වූත්; අසම සම වූත්,
‘රතු දියමන්තියක්!’.........
දත් නොදත් සියල්ලෝම
එහි පැහැයට, දීප්තියට,
සුමට බවට හා උණුහුමට
ලොබ කළහ....
විවිධ මිලයන්ට ඒ වෙනුවෙන්
රැස් කමින් බැගෑපත් වූහ....
නමුත්........
කිසිදා එහි ප්‍රභාව නුදුටුවකු මෙන්
නිසලවම; නිහඬවම සිටි
ඔබ වෙනුවෙන්
එය සුරැකිව තබා ගතිමි
අගුලු ලා වැසි කුටිරයක....,
නැසූ කන්ව ඒ සියල්ල.........
අද....,
කාලයක් ගෙවී ගොස් ඇති මුත්
රතු දියමන්තියේ දිස්නය
එලෙසම ය...........
සහස් සුවහස් දෙනා
ඒ කෙරේ ලොබ බැඳ
අයදිමින් ලුහු බඳිති.........
එහෙත් තවමත් එය සුරැකිය,
අගුලු ලා වැසි කුටීරයක.......
එහි අවැසියාව දැනෙන තුරු ඔබට
බලා හිඳිමි...,
නොමිලයේම ඒ ඔබට දීමේ රිසියෙන්
ඔබ මගේ ප්‍රාණ සමාන
අතිජාත මිතුරා වූ නිසා............
නමුත් ඔබ......
එහි ප්‍රභාව නුදුටුවකු මෙන්
නිහඬය; නිසලය
තවමත්...............




5 comments:

නිහඬ නිසල 'ඔහු'
යම් දිනක
ප්‍රභාවය දකිනු ඇත
ඔබේ රතු දියමන්තියේ...
එතෙක් ඉවසන්න...
නියම වටිනාකම ලැබේවී එදාට....
 
hehe.. අනේ හා! හරි මාරයි!!
"මේ කතාවේ කතා නායිකාව අහිංසක මම නොවන බව කරුණාවෙන් සලකන්න!!" :P :P
මේක කවි හයක පලවෙනි එක! :)
 
ලොල්! හා ඈ.!!!!!
 
rathu diyamanthiya-godak lassana upamavak akki...
 
:) :) ගොඩක් ස්තුතියි වර්ෂා...!!
 

Post a Comment