වනමි ද කෙලෙස දළ රළ වරුණ.....!
සිඳු....
ජීවයෙන් හා කෙළිදෙලෙන් පිරී ඇත...,
කලකට ඉහත
මා ද පසු වූ පරිද්දෙන්............
නමුත් අද....,
වේදනා වළලු මගේ හද ඉවුරේ හැපී
ලය පලන්නට තැත් දරන්නාක් මෙන්
දළ රළ වැල්ල අරක් ගන්ට
වෙර වීරිය යොදනු පෙනේ......
මගේ දිවියේ පැතුම් පොදි ලෙස
පිඬු ගැසී ඈතින් නැගෙන රළ
දෙපා අබියස බිඳී,
සුණු විසුණු වී යන හැටි...............
සිඳු කුරිරු ය......
එනමුදු නොහැක කිසිවෙකුටත්
සතුරු හෝ අමනාප වීමට ඈ හා,
විජ්ජා බලයෙන් ඈ සියල්ලන් ම
තමා නතු කර ගන්නා බැවින්.....
ඒ ඇස් බැඳුමට මම ද හසුවී සිටිමි.....
නමුත් වනන්නට නොහැක මට පෙර සේ
කුරිරු බව වසා ගත් වෙස් මුහුණක් වූ
ඔබේ කෙළිලොල් දඟකාරකම,
මට සදා සරදමක් වූ.........
4 comments:
සිතන්නට යමක් ඇති පද ටිකක්...ලස්සනයි නංගා..
anyway, හැමදාමත් වගේ ස්තුතියි අයියා!!! :):)
mage blog ekatath evith yanna velavak thiyenavanam!
Post a Comment