Sunday, January 15, 2012

වනමි ද කෙලෙස දළ රළ වරුණ.....!

වනමි ද කෙලෙස දළ රළ වරුණ.....!


සිඳු....
ජීවයෙන් හා කෙළිදෙලෙන් පිරී ඇත...,
කලකට ඉහත
මා ද පසු වූ පරිද්දෙන්............
නමුත් අද....,
වේදනා වළලු මගේ හද ඉවුරේ හැපී
ලය පලන්නට තැත් දරන්නාක් මෙන්
දළ රළ වැල්ල අරක් ගන්ට
වෙර වීරිය යොදනු පෙනේ......
මගේ දිවියේ පැතුම් පොදි ලෙස
පිඬු ගැසී ඈතින් නැගෙන රළ
දෙපා අබියස බිඳී,
සුණු විසුණු වී යන හැටි...............
සිඳු කුරිරු ය......
එනමුදු නොහැක කිසිවෙකුටත්
සතුරු හෝ අමනාප වීමට ඈ හා,
විජ්ජා බලයෙන් ඈ සියල්ලන් ම
තමා නතු කර ගන්නා බැවින්.....
ඒ ඇස් බැඳුමට මම ද හසුවී සිටිමි.....
නමුත් වනන්නට නොහැක මට පෙර සේ
කුරිරු බව වසා ගත් වෙස් මුහුණක් වූ
ඔබේ කෙළිලොල් දඟකාරකම,
මට සදා සරදමක් වූ.........


4 comments:

කතානායකයාට ජීවිතේ වටිනා කියන දෙයක් නැතිවෙලාදෝ කියලා හිතෙනවා 'ඇය' නිසා...

සිතන්නට යමක් ඇති පද ටිකක්...ලස්සනයි නංගා..
 
:) හ්ම්ම් හ්ම්ම්.. ඒ වගේ නේද...! :P :D
anyway, හැමදාමත් වගේ ස්තුතියි අයියා!!! :):)
 
lassanai akki..
mage blog ekatath evith yanna velavak thiyenavanam!
 
:) thanx නංගියෝ...අනිවාර්යෙන් එන්නම්.. :) thank you මේ පැත්තෙ ආවට!
 

Post a Comment