ඇරඹුවෙමි,
විඳවූ ජීවිතය විඳින්නට.........
නිදහසේ පියාසර කළෙමි
සැනසුමේ කඳු මුදුන් සිසාරා
ක්ෂිතජයෙන් ඔබ්බට
මිටින් හල කිරිල්ලක සේ..........
රතු දියමන්තිය සස්වාමික වී
තිබූයෙන් රැකවල් ලා සුරැකිව.......
සිනාසුනෙමි,
හද පුරවා සැහැල්ලුවෙන්
ගිලුණු ඊයම් බරුවක් ඇද
ඉවත ලුවාක් මෙන් සැනසුමක් ලත් නිසාවෙන්..........
මිලින වීමට ආසන්නව සේ
වියැකුණු වර්ණයෙන් යුතු කඩා වැටුණු මිණි පතින්
නිරතුරුව තැවෙමින් හුන්
කුඩා කුසුමක,
සිත්තම් වී ඉන්ද්‍රචාප පැහැයෙන්
ජීවයෙන් පිරී ගිය වෙනස දැක
වලාකුල් වියන් පලා වට
තුටු මල් වැසි දියෙන් තෙමි
කඩුපුල් පියුම් රිවි හමුවේ
විකසිත වීය.........
තාරකාවෝ සිසි පසෙක ලා
ඉරු වට රඟන්නට වූහ.......
අසිරිමත් වීය එය,
ඕනෑවටත් වඩා වැඩියෙන්...............
මේ සියල්ල දැකීමෙන්
සදා නිහඬ වූ, නිසල වූ - ‘සුනෙර’
සර්වාංගය කිලි පොලා සසල විය......,
සිදු නොවිය යුතු පරිද්දෙන්
වාසනාවක් ව විය හැකිව තුබූ මුත්
අවාසනාවන්ත ලෙස....................
රතු දියමන්තියේ ස්වාමිත්වය පිලිබඳ
පැන නැගිණි නැවතත්
මට අවැසි නොවූ අනපේක්ෂිත පැනයක්...........
සදාදර මිතුර,
සසල ඔබ ඉදිරියේ අද
ඔහු නිහඬ හා නිසල වුවද,
ඔහු කළ- කී, සිතූ පැතූ,
අතීත වත්මන් සියලු දෑ
දනිමි මම් මොනවට........
කළ යුත්ත කළ යුතුව ඇත..........
දුම්රියපළේ දී විමසයි ඔබ
ඒමට නියමිත දුම්රිය පිලිබඳ මගෙන්,.......
මගේ මිතුර,,
මට ඔබට දීමට ඇත්තේ
මා දිය යුතුව ඇති එකම පිළිතුරකි........
“දුම්රිය පිටව ගොස් බෝ වේලා ය....,
ඔබට මීළඟ දුම්රිය තෙක් බලා හිඳින්ට වනු ඇත....”
අමනාප නොවනු මැනවි........
ඔබට වටහා ගැනීමට හෝ
ඉවසා සිටීමට අපහසු
ඔබට වෙනස්, වෙසෙස් මඟක යාමට අවැසි නිසාවෙන් මට,
නික්ම යා යුතුව ඇත................,
ඔබේ හා මගේ ගමනේ එක් නැවතුමක දී
නැවත මුණ ගැසෙන පැතුමෙන්,
ඔබ මගේ ප්‍රාණ සමාන අතිජාත මිතුරා වූ නිසා........
රතු දියමන්තිය ඔබේම වරදින්
අන්සතුව ඇති මුත්....අද.......
මගේ සදාදර මිතුර,,
ඉතින් මට සමු!!!!!..........
6 comments:
ඒ වුනාට ඉතින් ඒ විදිය හරි ඇති මම හිතන්නෙ.. :D
Post a Comment