ඔබේ රතු දියමන්තියේ පැහැය
මා නොදැක්කා යැයි
නොහැඳින්නා යැයි
ගතු කියනා
දයාබර ඔබට ලියමි..........
මගේ දැඩි බව,
නිහඬ බව, නිසල බව
වේදනාවක් වූ බව දනිමි ඔබට,
ඔබට වඩා මා ඔබ ගැන;
ඔබේ සිතැඟියාව ගැන
දත් නිසා
ඔබ නොදන්නවා වුවත්....
ඔබ බලා සිටි දේ
සහ මට කියා ගත නොහී සිටි දේ
ඔබේ රතු දියමන්තිය
දිවි හිමියෙන් මට අවැසි බව,
මට මා ඇවැසියාටත් වඩා වැඩියෙන්
ඔබටත් වැඩ හොඳින් දතිමි; අත්වින්දෙමි
මගේ මිතුරිය, ඔබ නොදන්නා මුත්................
ඔබේ රතු දියමන්තිය
තැන්පත් කරනු වස්
සුදු රනින් සකසා මා තබා ගත් ගර්භය
දිවියේ මා කිසිදා නොපැතූ ලෙසකට
දුබල, දුර්වල, රෝගී බව
එවකට නොදත්තෙමි,
අදටත් ඔබ නොදන්නා ලෙසටම..............
සදාදරණිය මිතුරිය,
මෙය ඔබ අතට පත් නොවන වගට
මා මටම සඵත කොටගත් නිසා
ව්‍යංගයෙන් තොරව කියමි,
ඔබ මගෙන් පැතූ ඒ ජීවිතය
මගේ මුත් මට හෝ අයිති නැති වග,..
ඔබ වෙනුවෙන් දැවෙමින් පවතින
මගේ හදවත කර ඇති නිසාවෙන්
ඔබ සම්මතයේ කියනා “පිළිකාවක්” මඟින්.............
කමා කළ මැනව,
හැඟුමට වහල්ව ඉවසීමේ සීමාව දැක
වරක් කළ වරදට..............
එනමුත්,
පුස් බැඳී පරණව ගිය
මස් කැබැල්ලක් ඉවත ලන්නා සේ
ඔබ මා ඉවත ලූ සැටි නිවැරදිය......
මගේ පවුකාර දිවියද දැන්
ඔබට, මට හෝ අන් යමෙකුට ප්‍රයෝජන නොමැති
කුණු වීමට අසන්න
මස් කැබැල්ලක් බඳු වූ නිසාවෙන්...............
ඔබ උදෙසා මා ඔහුට දන් දුන්
ඔබේ රතු දියමන්තිය
මගේ අතීතය, වත්මන හා අනාගතය වූ නිසාවෙන්
දයාබර මිතුරිය,
දැන් ජීවයේ පැතුමක් මා තුල නොවේ....
එය ඔබ නොදැනගනු ඇති
ඔබ මගේ ඇතුලාන්තය නොදත් නිසාවෙන්.......; හැමදාමත්.......
දිවි තුරාවට ඔබට විදා සිටි දෑත්
කාලයාට යොමාගෙන බලා සිටිමි,
මගේ වාරය පැමිණෙන තුරු,...
එය වැඩි ඈතක නොමැති බව
හොඳාකාරවම දන්නා නිසාවෙන්..................
8 comments:
ලස්සනයි නංගියෝ.... ගොඩාක් දේවල් හිතෙනවා... කියන්න වචන ගොනුකරගන්න බැහැ....
කාලයාට යොමාගෙන බලා සිටිමි..
අන්න ඒ ටික නියමයි අක්කි!
Post a Comment