Monday, March 26, 2012

පොලිස් පාක්... එකායි!! :D :))


මේ එක post නම් මම ලියන්නෙ ඒක මතක් වෙන හැම වෙලේම මට හයියෙන් හිනා යන නිසා. :)) සමහර විට ඔයාලට හිනායන එකකුත්  නෑ, ඔන්න ඔහේ කමක් නෑ ඉතිං නෙහ්?.. hehe.. J

අපේ ඉස්කෝලෙන් out වෙච්ච අයට character, leaving ගන්න වගේ වැඩ වලට යන්න දෙන්නෙ සඳුදයි, සිකුරාදයි විතරයි. ඉතිං ඒ වගේ වැඩකට සඳුදා ඉස්කෝලෙ යන්න ලකයි මායි set වුණා. උදේ 8.30 ට විතර යමු කියල ලකා කිව්ව නිසා මමත් අපරාදේ කියන්න බෑ උදේ පා..න්දර 7ට alarm එකත් තියලයි නිදා ගත්තේ. ඔන්න සඳුදා උදේ මට alarm එක වදිනව ඇහෙනව දැන්.

“ආහ්! තවම හතයි නෙ, තව වෙලා තියෙනව!”

මම නින්දෙන්ම අත පත ගාල phone එක හොයාගෙන ලාවට ඇහැක් ඇරලා බැලුව alarm එක off කරන්න. එතකොටයි දැක්කෙ ඒක alarm එක නෙවෙයි, ලකාගෙන් call එකක් විත්තිය..

“මෙයා මොකෝ මේ වෙලාවෙ call කරන්නේ....?” කියල හිතන ගමන් මම නිකන් ජොලියට වගේ වෙලාව බැලුව.

වෙලාව 8.45 යි!!! :O

හාපොයී..මාව නැගිට්ටවන්න අම්මටත් අමතක වෙලා. ඇයි ඉතිං මම ලේසියකට එහෙම අවේලාවේ නැගිටින්නෙ නෑ නේ.. :D message එකක් එවල සෑහෙන වෙලාවක් reply නැති නිසා තමයි ලකා call කරල තියෙන්නෙ. කොහොම හරි “මම ටක් ගාල එන්නම්” කියල ලකාව shape කරලා මම එක හුස්මට ලෑස්ති වුණා.. වෙලා, යාන්තං පැයකට විතර පස්සෙ ඔන්‍න‍ bus halt එකට ගියා. ( ආ එහෙම තමයි, මම “ටක්” ගාන්න සෑහෙන්න වෙලා ගන්නව! මදෑ ඔය වෙලාවට ආවා! :P )

කොහොම කොහොම හරි ලකයි මායි දෙන්නම ඔන්න අදාළ බස් එකට නැග්ගා..

දැන්...ඕන්න බස් එක යනව. මම හිටියෙ බස් එකේ දොර ගාවම seat එක ළඟ හිටගෙන. ලකා මට එහා පැත්තේ හිටගෙන. ඔන්න දැන් කොන්දොස්තර මහත්මය ටිකට් කඩාගෙන කඩාගෙන එනව. එයා මට පිටිපස්සේ නතර වෙලා ලකාටයි  ඒ වටේ අනිත් අයටයි ටිකට් දුන්න. මම ලාවට වගේ දැක්ක එයා අර uniform shirt එක නෙවයි නිකන් සාමාන්‍ය T-shirt එකක් ඇඳලා හිටියෙ කියල.

Hehe.. ඔන්න ඊට පස්සෙ ඒ මනුස්සයා foot board එකට බැස්ස. ඉතිං කොන්දොස්තරගේ හිසේ සිට දෙපතුල දක්වා සාමාන්යෙන් අධීක්ෂණය කරන්නෙ නෑ නෙ ටිකට් ඉල්ලද්දි. මමත් ඉතිං ලාවට වගේ උගේ මූණ බලලා රුපියල් සීයක් දික් කරා. ඌ මගෙන් මොකක් හරි ඇහුව. කොන්දොස්තර ඉතිං වෙන මොනා අහන්නද සල්ලි දුන්නම. බහින තැන ඇරෙන්න?
මමත් ඉතිං “පොලිස් පාක්!” කියල කිව්ව. ඌ ටිකක් ඇස් ලොකු කරලා වගේ බලං හිටපු නිසා මම තව පොඩ්ඩක් හයියෙන් ඒකම කිව්වා, මොකද මම කියන එක පලවෙනි පාර කොන්දොස්තරලට ඇහෙන්නෙ නැති එක සෑහෙන්න සාමාන්‍ය සිද්ධියක්..

“පොලිස් පාක්!!”

ඒක නම් ඇහෙන්න ඇති. ඒ මනුස්සයගෙ කට පුරා හිනාවක් ගියා. එයා ඔලුවෙන් මට පිටිපස්සෙ පේලිය පෙන්නුවමයි දැක්කෙ කොන්දොස්තර මහත්මයා වගේ වගක් නැතිව තාම එතන ටිකට් කඩන බව.

අනේ අර මනුස්සයා ගඩුගුඩා වෙළෙන්දෙක්!!!! :))) heheheee.. LOL

ලකා හිතල තියෙන්නෙ මම ඒ මනුස්සයගෙන් ගඩුගුඩා ගන්න යනව කියල.. hehehe..  මට දිව හපාගෙන මැරෙන්න හිතුනා.. ඒත් ඊට කලින් මගේ වෙලාවට ඒ ,මනුස්සය එතනින් බැස්සා..

ඉතිං මම හිතාගත්ත  “හරි! අද දවසම නෑමේ පෙර ලකුණක් තමයි මේක” කියල. ඒත් ඔන්න බලන්න, ලකාගෙයි මගෙයි යාළු ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි දෙන්න ඉස්කෝලෙ ගිය වැඩේ විනාඩි විස්සකට අසන්න කාලයකදී කරගෙන හිස් seats ගොඩාක් තිබුන  බස් එකක අපහු ආව.

එකේ කොන්දොස්තර නම් uniform shirt එක ඇඳලා හිටියා. ඒත් මම ඌ ඇවිල්ල ඇනලා ටිකට් ඉල්ලන කම්ම ටිකට් ගත්තෙ නෑ.. hehehe :D





16 comments:

adenawa ane mewa dakkama mewath post da?meeta wada hodai oyaa ......... karai kiyala liuwa nam
 
-_- err.. you know, you can always 'not read' my posts if you really don't like them. But there are people who like what i write and i enjoy what i write in my personal way. Anyway,thanks for stopping by and spending your valuable time reading my post and 'commenting' on it.
 
me post eka baluwama mata num hinagiya hondatama. So keep up the good work Sithu :). ayyo oyatath wena wada. :D
 
Thank youuuu BoxMan :) :)
Me thank you alot ;) :P
 
හය්යෝ.. ඔයාටත් වෙන දේවල් අක්කේ.මට නම් හොදටම හිනා.
 
hahaa... ඔව් අප්පා.. කියලා වැඩක් නෑ..:P hehe.. ගොඩක් ස්තුතියි නංගියෝ..:) මේ,මට link එක එවන්නකෝ ඔයාගේ blog එකේ..
 
ඕ ලෙවල් ළගයිනේ අක්කේ..අපේ අම්මා වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලොග් එක වහලා දැම්මා.
 
අයියෝඕඕ.. එහෙමද..? කමක් නෑ කමක් නෑ..exam හොඳට කරලා ආපහු blog එක active කරපු කාලෙක මට එක link එවන්නකො එහෙනම් :) :)
 
හෆ්ෆ්ෆා...!!!! ඇඩෙනවා!!! ලොල්!!
 
hehe.. ඇඩෙනවදත් අහනවා!! මට වහ කන්න හිතුනා..:P lol
 
"කොහොමත් මෙලෝ සිහියක් නැති එක් පුදුම වෙන්න දෙයක් නෑ ඉතින් ..විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ !
Comment : හබැයි බොරු කියන්න ඔනෙ නැහ් මටත් පොස්ට් එක දැකල හිනා ගියා වගේ ම මගේ පාසැල් මතකයන් දෙක තුනකුත් මතක් උනා.:P
 
hehe..අනේ මගේ සිහිය ගැන කියන්නෙ ෂෝක් එක්කෙනා නෙ!! :))
 
හපොයි! මොනවත් අහ අහ ඉන්නෙ නැතුව රුඃ100 අරන් ගඩි ගුඩා මල්ලක් දුන්නා නම් ඉවරයිනෙ නේද?
( මම හිතන් හිටියෙ මම විතරයි ඔහොම වැඩ කර ගන්නෙ කියල :D)
 
හපොයි ඔයා මේ පිස්සු කතා කරනවා!! lol. මට ඒ මනුස්සයා ගඩුගුඩා වෙළෙන්දෙක් කියල ක්ලික් වෙන්නත් සෑහෙන වෙලාවක් ගියා!! :P ඒ අස්සෙ ඔව්වා මතක් වෙනවද!!! hehe. මම එයා බහිනකම් පැත්තවත් බැලුවෙ නෑ.. :D
 
U r so creative kid..time to time I have looked at ur site..so good to read..I really enjoy it..how r u doing..what is ur name ??? Tina or something close to it ? Correct me ?- Rohan Kaduwela
 
Thank you sir. I really appreciate it. Well, not Tina, I go by Sithu! :) Thank you for stopping by!
 

Post a Comment