Sunday, January 6, 2013

උපන්දින තෑග්ග.....




හ්ම්ම්....හුඟාක් කාලෙකින් post එකක් ලියන්නෙ... කියන්න ගොඩාක් දේවල් සහ ඒවා ගැන ලියන්න ගොඩාක් දේවල් තියෙනවා එත් අවස්ථාවේ හැටියට මොනා ගැනද ලියන්න ඕනි කියල හිතා ගන්න බෑ. හ්ම්ම්... ඔක්කොටම කලින් හැමෝටම හුඟාක් සුබ, ලස්සන, සතුට පිරිච්ච, හැම ආදරණිය ප්‍රාර්ථනාවක් ම ඒ විදියටම ඉෂ්ට සිද්ධ වෙන, ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් කියල සිතූ හදවතින් ම ප්‍රර්ථනා කරනවා... ගෙවිල ඉවර වුන 2012 ට වඩා ලැබූ 2013 හැම අතින් ම හොඳ, ලස්සන, අර්ථවත් එකක් වෙන්න ඕනි.. ඔයාටයි මටයි හැමෝටමයි...... ^_^

හ්ම්ම්..2012 ගැන කියනකොට........මගේ ජීවිතේටම මට අමතක වෙන්නැති... අමතක කරන්නත් බැරි, මම බලාපොරොත්තු නූන දේවල් ගොඩක් වුන අවුරුද්දක්.... මම ජොබ් එකක් කරන්න ගත්තා... ජීවිතේට වටිනා සහ නොවටින ගොඩක් අය අඳුරගන්න ලැබුනා..ගොඩාක් දුක සහ ගොඩාක් සතුට ලැබිච්ච, ජීවතේ සැහෙන්න වෙනස් වෙච්ච අවුරුද්දක්.... 2013 ගැන මට ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. සමහර දේවල් ගැන බලාපොරොත්තු වෙනවා ඇරෙන්න කරන්න පුළුවන් වෙන දෙයක් අපිට නෑ නෙ නේද.... Anything seems impossible until they are done කියල හිතාගෙන සුබවාදීව 2013 ගැන හිතමු!! :D :D

ම්ම්ම්....ආහ්හ්.. සිතූ ගේ විසි එක් වැනි උපන් දිනේ තිබ්බනෙ අප්පා නොවැම්බර් මාසේ.. හී... සිහින සිත්තමටත් දෙසැම්බර් 5 වැනිදාට අවුරුද්දයි...හ්ම්ම්..වෙලාවක් තිබ්බෙ නෑ නෙ මේ පැත්තෙ එන්න :( ඉතිං මේ අවුරුද්ද පුරාවට මේ පැත්තෙ ආව ගිය, අදහස් බෙදා හදා ගත්ත ආදරණිය ඔයාල ඔක්කොටම කියන්න බැරිතරම් ස්තුතියි!!!! ගොඩාක් හොඳේ!!! \(^_^)/

මගේ උපන් දිනේ වෙච්ච අමතක නොවෙන scene එකක් ගැන තමයි අද post එකෙන් කියන්නෙ..  මම හිතන්නෙ මේකෙ නව නළු රසයම තියෙනව..:P hehe.. හරි, අපේ ගෙදර කලින් lap දෙකක් තිබ්බෙ අක්කල දෙන්නට විතරයි.. හරිද! (FYI, දැන් මටත් එකක් තියෙනවා :P hehe) ඉතිං මගේ ක්ලාස් එකක් project report එක කරගන්න මට lap එකක් ඕනි වුණා අනිත් දෙන්නටත් එයාලගේ laps එයාලගේ වැඩ වලට ඕනි වෙලා තිබ්බ නිසා..

හැමදාම ඔෆිස් ඇරිලා ගෙදර යන්න කලින් මම normally අම්මට call කරලා කියනවා මම එනවා කියල.. ඔන්න birthday එකට ටික දවසකට කලින් මම හවස අම්මට කතා කලාම අම්ම කියනවා.... “මේ...හ්හ්.... කවුද ළමයෙක් ඇවිත් අද ඔයාට දෙන්න කියල පාර්සලයක් දීල ගියා නෙ!!”
voice එකත් අමුතුයි!
“කවුද? නමක් කිව්වේ නැද්ද?” මම normal එකේ ඇහුව..
“ම්ම්.. නෑ.. සිතූ දන්නව කිව්ව!” හෑ!?? මගේ යාළුවො කවුරුත් එහෙම නම නොකිය ඉන්නේ නෑ නෙ!
“කොල්ලෙක් ද, කෙල්ලෙක්ද??”
“පිරිමි ළමයෙක්!!!”
“අම්ම කලින් දැකල තියෙන කෙනෙක් නෙවෙයි ද? මොනා කියලද දුන්නේ?”
“නෑ දැකල නෑ... සිතුට මේක දෙනවද ආන්ටි කියල දීල ගියා!”
“ම්ම්.. හරි මම ඇවිත් බලන්නම් කො..”
ෆෝන් එක තියල යන ගමනුත් මම කල්පනා කළා කවුරු වෙන්න පුලුවන්ද කියල.. මොකද මගේ බහුතරයක් පිරිමි යාළුවො අපේ ගෙදර තියෙන තැන දන්නෙ නෑ.. තියෙන තැන  අය අම්ම දැකල තියෙනවනේ... මේ මොන මගුලක්ද කියල හිත හිත කොහොම හරි ගෙදර ගියා.. කොල්ලෙක් ගෙදෙට්ට ඇවිත් පාර්සලයක් දීල ගියා ට අපේ තාත්තට මල පැනල ඇති කියල හිතාගෙන අවට, තාත්ත cool එකේ හිටියා... මම wash එකක් එහෙම අරගෙන ෂේප් එකේ අම්මට කතා කරලා ඇහුව “කෝ අර මොකද්ද දුන්න කියපු එක??” කියල.. අම්මත් “ආහ්හ්..!” කියල ගිහින් අලී පාර්සලයක් ගෙනත් දුන්න මට....
ආහ්?? :O මෙච්චර ලොකු? මොකද්ද දන්නෑ හිත හිත මම බෑග් එකෙන් පාර්සලේ එලියට ගත්ත.. Wrapping paper එකක wrap කරපු ලොකු gift එකක්! ඒක ඇතුලේ තිබ්බා පොඩි ලියුමක්.. හරි, මේකෙ කියල ඇතිනෙ දුන්නෙ මොකාද  කියල!
දිග ඇරලා බැලුව!
කඩ්ඩෙන් ලියල තියෙනෙ!

Hi,

Happy birthday! This is my birthday surprise for you. I don’t know if you will like it. If this is not needful please let me know.
If you like it, put your FB status as ‘I like it.’ But I dunno if you could go online tonight so, if you don’t like it, wear a black top when you go out tomorrow. If you like it, wear blue!
Please don’t try to find who I am.. I will tell you on your birthday!
So have a nice time then.
TC

මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම තුෂ්නිම්භූත වුණා!!!! මොන්න්න්න්න්න මගුලක්ද මේ....!!!!!!!!!!????
දඩ බඩ ගාල පර්සල් එක ඇරලා බැලුව ම අර පරිසමාප්ත අර්ථයටත් වඩා රත් වුණා මාව!!

හත්වලාමේ ඒක Tab එකක්.. Tablet PC එකක්!!! හපොඊ... මේ මොකාද හොරෙන් ඇවිත් මට tab එකක් දීල ගිහින් තියෙන්නෙ කියල මගේ ඔලුව ඇතුලේ එක එක දේවල් සද්ද පූජා පවත්වන්න ගත්ත... බැරිම තැන මම අම්මට කතා කළා..
“මොනාද?” අම්ම ඇවිත් ඇහුව!
මොනාද කියල දැක්කම අම්මගෙත් ඇස් දෙක උඩ ගියා!
“අම්ම ඇහුවෙ වත් නැද්ද කවුද කියල? ඔයා මාරයි නෙ! එහෙමත් ගන්නවද කවුරු හරි ඇවිල්ල දෙන ඕනි දෙයක්!!???”
“නෑ ඉතිං මම ඇහුවම හිනා වෙලා කිව්වනෙ සිතූ දන්නව ආන්ටි, එයාට කියන්නකො කියල. වෙන වැඩකටත් එක්ක අවේ කියල ඉක්මනට ගියා..”
“මොන වගේ ළමයෙක්ද?”
“ම්ම්..ටිකක් සුදු, උස මහත ළමයෙක් ඉතින්!”
අම්ම ගහයි bat එකෙන්!
“class යන type ළමයෙක් ද, ඔෆිස් යන එක්කෙනෙක් ද?”
“ම්ම්.. ඔෆිස් යන එක්කෙනෙක් වගේ!”
මොකා???!!!  මොන මගුලක් ද අප්පා...
“තාත්ත කොහෙද හිටියේ?”
“තාත්ත ගෙදර හිටියේ නෑ!”
ආහ්! ඒක තමයි!
“ඔයාගෙම යාලුවෙක් වෙන්නැති... තව ටික දවසකින් කවුද කියල කියයි.. බය වෙන්න එපා” කියල අම්ම ගියා!
ඒ වුණාට එහෙම පුලුවන්ද අප්පා!!! හරි මගුලක් නෙ! එහෙම පුලුවන්ද කොහෙවත් ඉන්න එකෙක්ට අපේ ගෙදෙට්ට ම ඇවිත් පාර්සලයක් දීල යන්න.. මොකෙද්ද කියල කවුද දන්නෙ! ඉස්සරහ මගේ මුළු නමයි, address එකයිත් ලියල තිබුණ..  එව්වා මෙව්වා හිතිලා high blood pressure එන්න කලින් මගේ අතිජාත ඉස්කෝලේ යාලුවෙක්ට මම සිද්ධිය කිව්ව.. අනේ අපරාදෙ කියන්න බෑ.. එයා මටත් වඩා බය වුණා.. :P
“අම්බෝ ඒක ගැන හිතනකොටත් මට බයයි.. අනේ ඔයා පරිස්සමින් ඉන්න..” අරකද මේකද advices ගොඩක් එයා මට කියල එව්වා! හා! hehe
Status දානවද? මොන පාට එකක්ද ඇඳන් යන්නේ හෙට?”
“පිස්සුවක් ඇතෑ!!? අන්දුරන්නැති මිනිහෙක් කියන කියන දේවල් කරන්න!” -_-
මම ඒක ඒ විදියටම දාල තිබ්බ, on කළේ වත් නෑ.. ඊළඟ දවසේ මම කොළ පාට  top එකක් ඇඳන් ගියා! Hehe..  B) ඔෆිස් එකේ මගේ යාළුවත් එක එක possible දේවල් කිව්ව එත් ඒ එකක් වත් practical වුනේ නෑ... අනේ අර ඉස්කෝලේ යාලුව මට තවත් message එකකුත් එවල තිබ්බ “අර ලියුම පරිස්සම් කරලා තියා ගන්න buddy, හදිස්සියේ මොනා හරි වුනොත් පොලිසියට හරි දෙන්න පුළුවන්නේ!”
:O  -_- errrr…... හා! hehe.. :P (LOL)

කොහොම හරි මට මේක දීපු එකා එක්ක මට පුදුම විදියට තරහ ගිහින් තිබ්බෙ.. මම අපේ ලොකු අක්ක ගැන කියල තියෙනව නෙ.. එයා ගෙදර ඉන්න වෙලාවක ඔය යකා ආව නම් එහෙම මෙලහට තුන්වෙනි ලෝක යුද්දෙ පටන් අරන් මට සංසාරේ බාගෙට කලකිරිල ඇති!

ඒවා මේවා හිත හිත ගෙදර යනකොට බහින halt එක ලං වෙද්දි මෙන්න එනවා call එකක්! ලොකු අක්කගෙන්!

හපෝයි! කියන හැඟීමෙන් මම call එක answer කළා.. “හෙලෝ?”
“කොහෙද ඉන්නේ?”
“බස් එකේ.. ඇයි?”
“මේ.... මොකද්ද අර හම්බුණා කිව්වේ?”
:O අඩේ... අම්ම ගහයි! ඒ ටිකට මේක කවුද මෙයට කිව්වේ! SHIT!
“මොකද්ද!??” මාත් පොඩ්ඩක් මල පැනල ඇහුව..
“ඇයි අර අම්ම කිව්වෙ කවුද පාර්සලයක් ගෙනත් දුන්න කියල!?”
ආහ්හ්.. අම්මද කිව්වේ! මට අපේ අම්මත් එක්ක ආපු තරහක් මම විතරයි දන්නෙ.. මේ මනුස්සයගේ හැටි හොදටම දැන දැනත් මොන මගුලටද අම්ම ඒක එයට කිව්වේ! >.<
“ආහ්හ්..ඒකද. ටැබ් එකක්!” මම who cares? වගේ කිව්ව.
“කවුද දීල තියෙන්නෙ?”
“මම දන්නෙ කොහොමද?”
“ඇයි කවුද කියල හිතා ගන්න පුළුවන් කිසිම දෙයක් නැද්ද? මොනාද ඒකට කරන්න ඉන්නෙ දැන්??”
සාමාන්යෙන් එයත් එක්ක මගේ ඉවසීමේ සිමාව හරි පොඩියි.
“මේහ්හ්..... මම ඉස්සරහ බහිනවා... පස්සෙ ගන්නවද?”
ලොකු උදව්වක්!
මම කේන්තියෙන්ම බැස්ස.. ඇයි අප්පා.. මනුස්සයෙක් වුනාම ඕනි දේවල් තියෙනව, එපා දේවල් තියෙනව... හරියට මම කියල ගෙන්න ගත්ත එකක් වගේ නෙ!
මෙන්න එතකොටම අපහු call කරනවා! දැන් limit එක කණ හරියේ..
“ඇයි?”
“බැස්සද?”
“ඔව් ඇයි?”
“දැන් අරක දීපු කෙනා හොයා ගන්නෙ කොහොමද?”
“මම දන්නෙ කොහොමද?”
“ඇයි ලියුමක් තිබ්බ කිව්වේ!”
“ඉතිං?”
“මොනාද කියන්නේ?”
“මොනා කියන්නද! මොකුත් විශේෂ දෙයක් කියල නෑ..”
“කවුරු කියලද හිතන්නෙ??”
මොන මගුලක් ද අප්පා.. මටම හිතා ගන්න බැරුව ඉන්නකොට කවුද දුන්නෙ කියල මාව කන්න හදන්නේ.. ඒ පාර නම් ඔලුවට උඩින් ගියා..
“මොකද්ද දැන් ඔයාට වෙන්න ඕනි? මම දන්නෙ නෑ කවුද දුන්නෙ කියල. මට ඕනිත් නෑ.. ඔයාට තව මොනා හරි දැනගන්න තියෙනව නම් ඔයාට කියපු කෙනාගෙන් ම අහගන්න.. මම නෙවෙයිනේ ඔයාට කිව්වේ.. අම්මටත් නිකන් ඉන්න බෑ කිය කිය යනවා!”
ඒ ටික කියල call එක cut මම.. දැන් මට හොඳටම මල! කන් දෙකෙන් දුන් දාන size. මං සුනාමියක් වගේ ගියා ගෙදර, හෙණ ගැහුව වගේ කතා කළා අම්මට!

“ඔයාට පිස්සුද එක එකාට ඕප දූප කියන්නේ?????$@@#%@$$@%”
මට 100ට ත් එහා මල පැනලා ඇති බව අම්මට තේරෙන්න ඇති..
“ඔයා කේන්ති ගන්න එපා, අක්කයි අයියයි තමයි ඕක ගෙනත් දුන්නෙ කියන එපා කියල!!!”

TOINGGGGGGGGGGGG!!!!! :O :O :O

මොකද්ද වුනේ කියල හිතා ගන්න මට විනාඩි කීපයක් ගියා.. මම හිටපු විදියටම ඇස් දෙක ලොකු කරගෙන අම්ම දිහා බලාගෙන හිටියා..
Ohhhh shit!!!.. මගේ ඇතුලේ ඉන්න එකා මට කෑගහන්න පටන් ගත්ත..
“හයියොහ්... මම බය වෙලා ඉන්න වෙලේ මෝඩ ජෝක් කරන්න පිස්සු අප්පා ඔයාලට.....” දිව හපාගෙන ඔලුව මේසෙ ගහගන්න හිතිල මම කිව්ව..
“මම කිව්ව ඔයා බය වෙයි මට බොරු කියන්න බෑ කියල, surprise එකට කියල කියන්න එපා ම කිව්වනෙ... අයිය තමයි අරන් ආවෙ..”
Err..ටිකක් සුදු, උස මහත????? -_- අනේ මගේ කට!!! :P :P hehe..
ඊට පස්සෙ තමයි මම එක switch on කරලා වත් බැලුවෙ.. පස්සෙ මම අපේ එකාට කතා කරලා sorry එහෙම කිව්ව ඉතිං.. :D එයා මම call එක cut කරපු ගමන් අම්මට කතා කරලා කිව්වලු “අම්මෙ මට බැන්න, දැන් හොදටම මල පැනල ඇවිත් ඔයාට බණියි, මම දුන්නෙ කියල කියන්න අද.. කමක් නෑ” කියල... නැත්තම් මගේ birthday එක වෙනකන් නොකිය ඉන්නලු හිටියේ.. පිස්සු හැදෙයි!            Hikz!

ඊට පස්සෙ මගේ අහිංසක යාලුව අර ලියුම පොලිසියට පෙන්නන්න තියාගන්න කිව්ව එක මතක් වෙලා මට මැරෙන්න හිනා ගියා! නිවැරදි චුදිතයා දැනගත්තම එයාගෙ බලාපොරොත්තු සුන් වීමේ reaction එක මට හපන් වුණා! මම හිතන්නෙ මට වඩා එයා surprise වෙන්න ඇති! :P lol

කොහොම හරි mission well accomplished තමයි! :P හරිනේ, මම බයිට්! hehe.. කොහොමත් අවුලක් නෑ.. ලොකු අක්ක මේක කියවන්නෙ නෑ.. එයාගෙ wedding එකට මම ලියපු post එකවත් තාම කියෝලා නෑ එයා..ඒ නිසා over byt වීම ගැන බයක් නෑ..hehe.. පස්සෙ දවසක මගේ යාළුවො කීප දෙනෙක්ට අපි lunch එකක් දුන්න.. එකටත් අක්කල දෙන්න ගොඩක් මහන්සි වුණා... කොහොම හරි 2012 මම වැඩිපුරම surprise වෙච්ච සිදුවීම් වලින් හොද ම එකක් තමයි මේක!
හ්ම්ම්ම්... ඉතිං ඕඕන්න ඔහොම තමයි කොහොමින් කොහොමින් හරි සිතූ විසි එක ලැබුවෙ! :D :D :D

ම්ම්..හරි මං කියල ඉවරයි...අත්පුඩියක් ගහාන්න!!!! Heheee… ^_^


9 comments:

හප්පට සිරි, ඒකනම් පට්ට සප්‍රයිස් එකක්නේ..අද කියවන්න හම්බෙන ඔක්කොම ජීවිත කතා කෙටි කතා ටයිප් එකේ ඒවමයි..කෝ ඉතින් ටැබ් රාජයාගේ පින්තුරයක්වත් දාලා නෑනේ
 
hehe.. කියලානම් වැඩක් නෑ... ආහ්හ්! මම එක මාරු කරලා ලැප් එකක් ම ගත්තා අප්පා.. හැම අතින්ම ඒක වඩා හොඳයි කියල හිතුන! හී...:D :D
 
This comment has been removed by a blog administrator.
 
ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
 
හරිම ලොල් සහගත විදියට බයිට් වෙලා කියල නම් තේරෙනවා.. :P බයි ද වේ, අර කිව්ව ලන්ච් එක කොයි කොයි යාලුවන්ටද දන්නෑ දුන්නේ.. :P
 
are you playing the role of a drunkard in this scene? :)
 
lol.. no i gues my role is somewhat worse than that here :P :P
 
හොදයි අයෙ එන්නම්කො වෙලාවක සම්පූර්ණ එකම බලන්න
 
:) :) :) ස්තුතියි මේ පැත්තෙ ආවට..... අනිවාර්යෙන් ආයෙත් එන්න...
 

Post a Comment