දුර දකින විටම ඔබ
ඇඳෙන ඒ හසරැල්ල
මගෙ මුවේ මට හොරා
හේතුවක් නොතේරෙන
ඔබ අසල ගැවසෙද්දි
පහසුවක් දැනෙන වග
මහා සතුටින් මගේ
හිත සිනා සලන වග
වැටහෙනා නමුත් මට
හේතුවක් නොතේරේ
කෙසේ කාගෙන් අසම්,
බොළඳ මා සිත අරුම.......
ඔබ අසල නැති විටදි
තනිකමක් දැනෙන වග
ඔබ කොහේදැයි මගේ
ඇස් ඉබේ සොයන වග
නිසි හේතුවක් නැතිව
හිටි වනම නොකියාම
හරි මෝඩ ලෙස මගේ
හිත තරහ දෙවන වග
වැටහෙනා තරමට ම
හේතුවක් නොතේරෙන
මට මගේ පාඩුවේ
ඉන්න හිත ඉඩ
නොදෙන................
විය නොහැකි මෝඩ බොරු
හේතු එකිනෙක දෙමින්
මගේ හිත එක විටෙක
මටම වදයක් දෙවන
‘හිතනවා වැඩියි මා!’
ඔවුන් හැම මට කියන
කියාපන් හිතට එය
නවත්වන්නට කියා
හැම විටම හිත හිතා
මගෙ හිතට බණ දෙසා
ඒත් වැටහෙනු නැතිව
මමත් දැන් හෙම්බත්
ය..............
14 comments:
හිරිමල් යොවුන් හිතක ඇතිවන ප්‍රථම ප්‍රේමනීය හැඟීම් වෙන්ටැති මයෙ හිතේ මේ...
සුභ පැතුම් නිසැඳසට
සරලයි, ලස්සනයි!
විය නොහැකි මෝඩ බොරු අතරින් වෙන්න පුළුවන් එකම එක ඇත්තක් හරි හොයා ගත්තනම් උත්තරයක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.
hehe.. ස්තුතියි මේ පැත්තෙ ආවට හොඳේ.... :) :)
දැනෙන්නේ එක දෙයකි,
ඒ තමයි ආදරය!
අපමණට සොදුරු වන ආදරය..
තව විටෙක හද දවාලන අරුම!
අවංක ආදරේ තරම් ලස්සන දෙයක් මේ ලෝකෙ නැහැ.නමුත් ආදරේදි ගෑණු අපි වරද්දාගන්න තැන් ගොඩක් තියෙනවා සිතූ,
ඒ නිසා මුළු ජීවිතේම ආදරේ බවට පත් කරගන්න එපා..
මටනං දෙයියනේ කියල එහෙම ආපදාවක් තාම නෑ හැබැයි... :P :P මේ පැත්තෙ අවටයි, ලස්සන පද පේලියටයි ගොඩක් ස්තුතියි හොඳේ..
Post a Comment