Monday, June 4, 2012

නොතේරෙන මගේ හිත....




දුර දකින විටම ඔබ
ඇඳෙන ඒ හසරැල්ල
මගෙ මුවේ මට හොරා
හේතුවක් නොතේරෙන
ඔබ අසල ගැවසෙද්දි
පහසුවක් දැනෙන වග
මහා සතුටින් මගේ
හිත සිනා සලන වග
වැටහෙනා නමුත් මට
හේතුවක් නොතේරේ
කෙසේ කාගෙන් අසම්,
බොළඳ මා සිත අරුම.......

ඔබ අසල නැති විටදි
තනිකමක් දැනෙන වග
ඔබ කොහේදැයි මගේ
ඇස් ඉබේ සොයන වග
නිසි හේතුවක් නැතිව
හිටි වනම නොකියාම
හරි මෝඩ ලෙස මගේ
හිත තරහ දෙවන වග
වැටහෙනා තරමට ම
හේතුවක් නොතේරෙන
මට මගේ පාඩුවේ
ඉන්න හිත ඉඩ නොදෙන................

විය නොහැකි මෝඩ බොරු
හේතු එකිනෙක දෙමින්
මගේ හිත එක විටෙක
මටම වදයක් දෙවන
හිතනවා වැඩියි මා!’
ඔවුන් හැම මට කියන
කියාපන් හිතට එය
නවත්වන්නට කියා
හැම විටම හිත හිතා
මගෙ හිතට බණ දෙසා
ඒත් වැටහෙනු නැතිව
මමත් දැන් හෙම්බත් ය..............


14 comments:

පෝය හින්දද මන්දා. ඔහොම හිතෙන්නේ.. ( පුංචි විහිලුවක් )


හිරිමල් යොවුන් හිතක ඇතිවන ප්‍රථම ප්‍රේමනීය හැඟීම් වෙන්ටැති මයෙ හිතේ මේ...

සුභ පැතුම් නිසැඳසට
 
ඉක්මනට කේන්ති ගිහින් ප්‍රශ්නයක් උනාම මටත් හිතෙනවා..මම ඉක්මන් වැඩිද මන්දා කියලත්..
 
කෝඩුකාර ආදරයක්ද මංදා. හැබැයි හිත පිරිලා ගොඩක්,ගොඩක් ගොඩාක්... එහෙම නේද..? ජය...!
 
දිව්ව තරමටනේ හති... එහෙමයි කතාවට කියන්නේ!
 
හපොයි සිතූ! කවුද ඔයාගෙ හිත ලෙඩ කලේ?
සරලයි, ලස්සනයි!
 
නිර්මාණයේ තියන විදිහටනම් මේක ලොකු රෝගයක රෝග ලක්ෂණයක්. රෝගේ මොකක්ද කියල දන්නවනේ.

විය නොහැකි මෝඩ බොරු අතරින් වෙන්න පුළුවන් එකම එක ඇත්තක් හරි හොයා ගත්තනම් උත්තරයක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.
 
@Mee Godayaa - බොහොම ස්තුතියි... :D :D hehe..ආහ්හ්.. ඔව ඔව.. එව්වා කියන්න බෑ... සමහරවිට හඳේ බලපෑමක් වෙන්නත් පුළුවන් නෙහ්? :P :))
 
@නිම්ශා - ඒක ගොඩක් අයට වෙන දෙයක් නෙ නේද? ඒකනේ අර කියන්නෙ සතුටින් ඉන්න වෙලාවට පොරොන්දු වෙන්න එපා, තරහ ගිහින් ඉන්නකොට තීරණ ගන්න එපා කියල.. :)
 
@Sarath Chandrasiri- අනේ මන්දා.. හිත නම් ගොඩක්,ගොඩක් ගොඩාක් පිරිලා තමයි.. ප්‍රශ්නෙ තියෙන්නේ මොනවෙන් ද පිරිලා තියෙන්නෙ කියල... :P
hehe.. ස්තුතියි මේ පැත්තෙ ආවට හොඳේ.... :) :)
 
@ලහිරු- hehe.. අනේ මට ඒක තේරුනේ නෑ නෙ :D :P
 
@~HèáléR~ - තැන්කූ තැන්කූ.. ^_^ ඒකනේ අප්පා.. කවුද මේ හිතක් පපුවක් නැති වැඩේ කළේ නේහ්? :P :P hehe..
 
පැතුම් [සිතුම් පැතුම්]- ඒකනම් ඇත්ත.. ඒත් අර කිව්ව රෝග ලක්ෂණ හරියට අඳුරගන්න බැරි අවුලක් තමයි මෙතන වෙලා තියෙන්නෙ මං හිතන්නෙ.. :D :D නැත්තම් මෙහෙම එකක් ලියයි යැ :P
 
හැම වදන් පෙත්තකම දැවටිලා..
දැනෙන්නේ එක දෙයකි,
ඒ තමයි ආදරය!

අපමණට සොදුරු වන ආදරය..
තව විටෙක හද දවාලන අරුම!

අවංක ආදරේ තරම් ලස්සන දෙයක් මේ ලෝකෙ නැහැ.නමුත් ආදරේදි ගෑණු අපි වරද්දාගන්න තැන් ගොඩක් තියෙනවා සිතූ,
ඒ නිසා මුළු ජීවිතේම ආදරේ බවට පත් කරගන්න එපා..
 
මං දන්නව මං දන්නව පුංචි එකෝ... :) :)
මටනං දෙයියනේ කියල එහෙම ආපදාවක් තාම නෑ හැබැයි... :P :P මේ පැත්තෙ අවටයි, ලස්සන පද පේලියටයි ගොඩක් ස්තුතියි හොඳේ..
 

Post a Comment