ආයෙමත් වහිනවා..
පිළිස්සෙන ගිනි අව්ව
දවාලට පායලා
හවහාට මොර දිදී ආයෙමත්
වහිනවා
රළු අහස ඉරි තලා ලොකුම
ලොකු වැහි බිංදු
වියළිලා ගිය පොළොව
ඉඹිනවා පෙනෙනවා.....
මහ හුළං වැහි මැදින්
කැරකෙමින් දුව දුවා
ගස් කොළන් අතු රිකිළි
කලතන්න හදනවා
කොහේ කැලතිල්ලක් ද මහා ගස්
නට නටා
හුළඟ දෙස ඔච්චමෙන් බලනවා
පෙනෙනවා.....
මගෙ හිතත් ඒ වගේ හිටි
ගමන් වහිනවා
වේලිලැයි හිතන් දිය
ඉහින්නට හදනවා
ඕනැ විට ළඟ නොහිටි මහ
හුළං දඟ දදා
අනේ පවු මගේ හිත
අවුස්සනු බලනවා....
මං මහා වෘක්ෂයක් දුක්
කඳුළු බී වැඩුණු
හුළඟ දැං හිරිකිතයි;
හිරිගඩුත් පිපෙනවා
හැකි තරං කැරකිලා ඇති
තරං වැහි වැටී
ගියාවේ අපට කුම! හිත මගේ
කියනවා.....