Saturday, February 20, 2016

',' ', වැස්ස ',' ',


ආයෙමත් වහිනවා..
පිළිස්සෙන ගිනි අව්ව දවාලට පායලා
හවහාට මොර දිදී ආයෙමත් වහිනවා
රළු අහස ඉරි තලා ලොකුම ලොකු වැහි බිංදු
වියළිලා ගිය පොළොව ඉඹිනවා පෙනෙනවා.....
මහ හුළං වැහි මැදින් කැරකෙමින් දුව දුවා
ගස් කොළන් අතු රිකිළි කලතන්න හදනවා
කොහේ කැලතිල්ලක් ද මහා ගස් නට නටා
හුළඟ දෙස ඔච්චමෙන් බලනවා පෙනෙනවා.....

මගෙ හිතත් ඒ වගේ හිටි ගමන් වහිනවා
වේලිලැයි හිතන් දිය ඉහින්නට හදනවා
ඕනැ විට ළඟ නොහිටි මහ හුළං දඟ දදා
අනේ පවු මගේ හිත අවුස්සනු බලනවා....
මං මහා වෘක්ෂයක් දුක් කඳුළු බී වැඩුණු
හුළඟ දැං හිරිකිතයි; හිරිගඩුත් පිපෙනවා
හැකි තරං කැරකිලා ඇති තරං වැහි වැටී
ගියාවේ අපට කුම! හිත මගේ කියනවා.....

Tuesday, January 19, 2016

ලංකාවෙ පිරිමි!!!! (-__-)


හිතේ තියෙන බලාපොරොත්තු ඔක්කොම ඉටු වෙන සුබ  අලුත් අවුරුද්දක් වේවා හැමෝටම කියල ප්‍රර්ථනා කරන ගමන් මම මේ අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලම post එක ලියන්න පටන් ගන්නම්! :) :)

උඩින් කියවෙනව වගේම මේක ලියන්නෙ ලංකාවෙ පිරිමි ගැන. හුඟාක් කාලෙක ඉදං ලියන්න අදහස් ගොඩක් එකතු වෙලා තිබුණ මාතෘකාවක් මේක. අද තමයි ලියන්න නිදහසක් හම්බුනේ. මේක කියවන හැමෝම බොහොම පුළුල් මනසිකත්වෙකින් මේක කියවයි කියල මම හිතනව. සහ තමන්ට අදාළ නැත්තම් කේන්ති ගන්න එහෙම දෙයක් නෑ. :P හරි නෙ?

ලංකාවෙ ගෑණු සහ ඒ අයගේ හැදියාව ගැන කතා කරන්න ගොඩක් අය ඉන්නවා නෙ. ඒත් අපේ පිරිමි සහ ඒ අයගේ හැදියාව ගැන කතා වෙනවා හරි අඩුයි. ඒ නිසා මගේ සහ මම කතා බහ කරපු ගොඩක් ගෑණු පාර්ශවයේ අයගේ අදහස් එකතු කරලා තමයි මේක ලියන්නෙ. එහෙනම් සැරසෙන්... එල්ල වේන් ..හරි? :D

ලංකාවෙ පිරිමි! ඒ අකුරු දෙක ඇහුන ගමන් ඉස්සෙල්ලාම ඔලුවට එන්නේ මොකද්ද? ඔබ හරි! “Sexual Frustration!!!” ඔව් ඒක ඇත්ත. (සමාවෙන්න මම ඒකෙ සිංහල වචනේ හරියටම දන්නෙ නෑ) ඔය මුල අකුරු තුන අන්තර්ජාලයේ හොයපු අය අතරෙන් ලෝකෙන් ම තුන්වෙනි තැන ලෝකෙන්ම උතුම් රට වුණු මේ ලංකාව කියන එක රහසක් නෙවෙයි නෙ. මම අපේ රටේ බහුතරයක් පිරිමි sexually frustrated කියල කියන්නෙ ඒ නිසාම විතරක් නෙවෙයි. එහෙම කියන්නෙ මට සහ මම අවට ඉන්න ගෑණු ළමයින්ට මුණ දෙන්න වුණ අනන්ත අත්දැකීම් සලකලා..



මම බොහොම සාමාන්‍ය පවුලකින් එන සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරන ළමයෙක්. බොහොම සාමාන්‍ය ඩෙනිමක් සහ ටී-ෂර්ට් එකක් ඇඳල රබර් සෙරප්පු දෙකක් දාල බස් එකේ ගමන් බිමන් යන කෙනෙක්. මම එහෙම කිව්වෙ සමහර හරි බුද්ධිමත් මිනිස්සු කියනවා නෙ මෙහෙම පිරිමි “පොළොඹවා ගන්නෙ” අපි මයි කියලා. ඉතින් ඔහොම හිරිකිත සත්තු පොලොම්බවා ගැනීමක් මගෙන් වෙන්නෙ නෑ කියන එක මුලින් කියන්න ඕනි වුණා. අනික මම කැමති ඇඳුමක් මගේ පාඩුවේ ඇඳන් යන්න මේ නිදහස් රටේ මට අයිතියක් තියෙන්න ඕනි! ඇයි නැද්ද?කොහොම හරි ඉතින් මම උදේ කොහේ හරි ගමනක් යන්න එලියට බැස්ස වෙලේ ඉඳලා... ඒ අදාළ තැනට යන කන් ටිකට මගේ ලේ කොච්චර පිච්චෙනවා කියල ද ඕගොල්ලෝ හිතන්නෙ? නිකං දල වශයෙන්?

බස් හෝල්ට් එකේ විනාඩි පහළොවකට වඩා හිටියොත් අවංකවම මගේ ඔලුව රිදෙන්න ගන්නවා පාරේ යන ත්‍රී වීල් ඇතුළු අනිත් වාහන වල යන "පිරිමියි" (??) කියා ගන්න මිනිස්සු කියන දේවල් අහල. අඩුම තරමේ හෝන් එකක් ගහන්නෙ නැතුව, හෙඩ් ලියිට් දාන්නේ නැතුව යන්නෙ නැති වහනයක් නැති තරම්. එහෙම කරන එක නෙවෙයි ප්‍රශ්නෙ. මගේ ඇඟේ වදින්නේ නෑ, ඇත්ත! ඒත් ප්‍රශ්නෙ, ඇයි එහෙම කරන්නෙ?

බස් එකට නැග්ග වෙලේ ඉඳලා බහිනකන් විඳින්න වෙන කරදර ඊළගට! ඔය ෆේස්බුක් එකේ එක එක pages වල සිංහල බෞද්ධ කම ගැන, ගෑණු ළමයින්ගේ හැදියාව ගැන එහෙම හරි හිත් වේදනාවෙන් කතා කරන්න අයියලා, අංකල් ලා බස් එකකට ගොඩ වුණාම බලන්න ඕනි හැදියාව! උන් තරම් බස් වල  ගෑනුන්ගෙන් බැණුම් අහන තවත් ජාතියක් නැතුව ඇති! රටේ ලෝකෙට පේන්න කාඩ්බෝඩ් සිල්වත් කමක් පෙන්නන් ඉන්න මේ විදියේ ගොඩක් මිනිස්සු තම තමන්ගේ sexual frustration එක නැති කරගන්න හදන්නෙ බස් එකේ යන ගෑණු පාර්ශවය පිටින් දාල. මේ බස් වල ගිහින් මගේ ලේ පිච්චිලා තියෙන ප්‍රමාණය මෙච්චරයි කියන්න බැරි තරම්. එච්චර හරිම කළකිරීමකට, පිලිකුලකට පත් වෙනවා ලංකාවෙ ඉන්නේ මෙහෙම පිරිමි ද කියල. මුන් ගේ තියෙන්නෙ මොන “ලේ” ද බලන්න හැම ගෑණියෙක් අතටම පිහියක් දීල තියන්න ඕනි!  අවුරුදු ගානක අත්දැකීමෙන් දැන් මගේ නිගමනය තමයි ඕනෑම බස් එකක ඉන්න නාඳුනන හැම පිරිමියෙක් ම ජරා පිරිමියෙක්! කෙනෙක් කියන්න පුළුවන් මම paranoid කියල. නමුත් ඒ විදිය වඩා ආරක්ෂා සහිතයි.


මේ පුංචි උදාහරණයක්.. දවසක් මම ආපු බස් එකේ සාරියක් ඇඳන් වැදගත් විදියට වාඩි වෙලා ගිය අහිංසක අක්ක කෙනෙක්ට ඊට එහා පැත්තෙ වාඩි වෙලා ගිය කොල්ලො යැයි කියාගන්නා සත්තු තුන් දෙනෙක් නා නාප්‍රකාර දේවල් කිය කිය ආවා. මේ එක බොහොම සරළ අවස්ථාවක් විතරයි! ඒ කියන ගමන් කියනවා,
“නංගි තරහ වෙන්න එපා නංගි, අපි වගේ කොල්ලො ඔයාල වගේ කෙල්ලන්ට විහිලු නොකර ආච්චිලට විහිලු කරන්නද!” කියල! මතක් වෙද්දීත් මගේ ලේ පිච්චෙනවා! ඇයි දෙයියනේ! දැන් එතකොට අපේ රටේ කොල්ලොයි කියාගන්න ඒ වගේ කාලකන්නි හිතාගෙන ඉන්නේ බස් වල යන ගෑණු ළමයි ඉන්නේ උන්ගේ විහිලුවට ලක් වෙන්න කියල!??? ඒ කියන්නෙ කොල්ලො නම් කාට හරි මොනා හරි කියන්නම ඕනි? අපිත් බස් වල යන්නෙ ආසාවට නෙවයි. වැදගත් ගමනක් යන්න හරි ,මහන්සි වෙලා අපහු ගෙදර යන්න හරි බස් එකකට නැග්ගම ඒකෙ පාඩුවේ යන්න දෙන්නේ නැතුව මෙහෙම හරි මීට අන්ත හරි කුණු ගොඩක් සෙට් වුණාම ඉතිං හරි, දවසම ඉවරයි!


ඊළගට බස් එකෙන් බැහැල පාරේ ඇවිදන් යද්දි..සංසාරේ!!! “ගුඩ් මෝර්නින්!” එකේ ඉදං “ආ නංගි.., ලස්සනයි ආ, කොහෙද යන්නෙ, hi, සුදූ, චුටි,මැණික..”  විදියට ගිහිං මේකෙ කියන්න බැරි දේවල් වලින් ඉවර වෙන ලිස්ට් එකක් උන් ගාව තියෙනව. මුණට හම්බෙන හැම කෙල්ලටම මොනවාම හරි අද කියනවා.......... කියන තිර අධිෂ්ඨානයෙන් වෙන්නැති මුන් ගෙදරින් එලියට බහින්නේ! ඒ දේවල් වල තේරුමක් තියෙන්න ඕනි නෑ.. කටට එන මොනා හරි කියනවා! කුනුහරුපයක් හරි කමක් නෑ! මොකුත්ම කටට එන්නේ නැත්තම් විසිල් එකක් හරි ඒකත් නැත්තම් නිකං සද්දයක් හරි දානවා. ඇයි මේ? මොකද්ද මෙච්චර අසහනේ? ගෑණු කියන්නෙ දැකල නැති ජාතියක් ද? ඇයි යකෝ ගෙදර අම්මෙක්, සහෝදරියෙක් නැද්ද බලා ගන්න ගෑණු කියන්නෙ මුණුන්ටයිකියල? දැන් ගොබ්බයෙක් වගේ අහන්න එපා  ඉතින් ගුඩ් මෝර්නිග් කිව්වම මොකද වෙන්නෙ, අරකද මේකද කියල. මනුස්සයෙක් දෙයක් කියන විදියක් තියෙනව නෙ. හුස්ම හිර වෙන්න එනවා වගේ කට දෙපැත්තෙන් කෙල බේරගෙන ගුඩ් මෝර්නිග් කියන්නෙ සුබ උදැසනක් කියන ප්‍රර්ථනාවකින් නෙවෙයි. ඔයාවත් මමවත් බබ්බු නෙවෙයි නෙ! -_- වෙන රටවල් වල නම් මේවා නීතියෙන් දඬුවම් ලැබෙන අපාරාධ!

පිටකොටුවේ වට රවුම ගාවින් යන හැම ගෑනියෙක් දිහාම එතන ඉන්න පිරිමි බලන්නෙ ගණිකාවක් දිහා බලනව වගේ. ඒ හරියේ මිනිස්සු ගාවින් යද්දිත් හරිම පිළිකුල් සහගත හැඟීමක් දැනෙනව.මම මේ කතා කරන පිරිමින්ට වයස බේදයක් නෑ.හැරමිටියෙන් යන වයසක සීයලා ගේ ඉදං පහලට..මේ පොඩි ඇටකිච්චා කොල්ලො පවා දැන් ගෑනියෙක් දැක්කම විසිල් ගහනවා!මොකුත්ම කරගන්න බැරි නම් චිත්ත රුපයක් හරි මවල ඇති!

ඊළඟ එක තමයි, අපේ "ජව සම්පන්න" ලංකාවෙ පිරිමි තමන්ගේ අර කලින් කිව්ව frustration එක නැති කරගන්න කරන තව ශෝකජනක දෙයක් තමයි, අවස්ථාවක් හොයා.......ගෙන ගිහින් කොහේ හරි ඉන්න කෙල්ලෙක්ට තිත්ත කුණු හරුපෙන් fb එකේ බනින එක. අර ගෑනුළමයෙක්ට Enrique කිස් එකක් දුන්නයි කියල අපේ "විනීත" පිරිමින්ගේ ජවය අවදි වෙලා තිබ්බ හැටි දැක්කද fb එකේ? දෙයියනේ කොයි තරම් කැක්කුමක් ද! පවු! හරියට නිකක් ඒ මිනිස්සුන්ගේ කසාද ගෑණු වෙන මිනිහෙක් එක්ක හොටෙල් රූම් එකක ඉදල අහු වුණා වගේ! මේවා හිනා යන වැඩ! අපිට නම් මුන් පේන්නෙ "ඉඹින්න බැරි අත හපනවා" වගේ වැඩක් කරන දුක්ඛිත desperate මිනිස්සු ටිකක් කියලා විතරයි. එහෙම ජීවිතේට දැකලවත් නැති, තමුන්ට කිසි වැරද්දක් කලෙත් නැති කොහේ හරි ඉන්න ගෑනියෙක්ට කුණුහරුප කියද්දි මේ මිනිස්සුන්ට හරි "MANLY" ගතියක් එනව ඇති මගේ හිතේ!

ඔහොම මිනිස්සුම තමයි මුණු පොත පුරාම තියෙන කුණුහරුප pages maintain කරන්නෙයි, ඒ වයේ වමනෙට එන තරම් අප්‍රසන්න comments දාන්නෙයි! අපිට එනවනේ මේක report කරන්න කියල ඉල්ලලා සමහර pages වල links ඒවෙන් පීඩාවට පත්වුණු ළමයින්ගෙන්. එහෙම ගිහින් බැලුවම දෙයියනේ මෙහෙම පහත් මානසික මට්ටමක් තියෙන මිනිස්සු ඉන්න රටකද අපි ජිවත් වෙන්නෙ කියල හරිම සංවේගයක් වගේම පිළිකුලක් ඇති වෙනවා! චික්!


අනික concert එකේදි ම ඔය විසි කරයි කිය කිය නටන undergarment එක විසි කළේ කවුද කියල කවුරුත් දැක්කද? ඕක විසි කළේ පිරිමියෙක් වෙන්න බැරි ද? මම සාධාරණීකරණය කරනවා නෙවෙයි, නමුත් එක වෙන්න පුළුවන් දෙයක්! මේ කෑගහන්නේ හරියට හොයල බලල නෙවෙයි? පිරිමි පාසල් වල big matches වලට ඕනි තරම් ප්‍රසිද්ධ කාන්තා විද්යාල වල uniforms ඇඳගෙන කොල්ලො එනවා! tv එකේ ඈතට එක පාරට පේන්නේ අරුන් අස්සේ අපේ එකෙක් uniform එකෙන් ඉන්නවා වගේ! එහෙමයි කියල ඒ ඉස්කෝලෙට බැනල හරිද?ඒක නෙවෙයි හේතුව! ලංකාවේ ඕනි දෙකට බනින්න ගෑණු ඉන්නවා! මොකද අපේ උන් හිතන් ඉන්නෙ සදාචාරේ සහ හැදියාව ගෑණුන්ට විතරක් තියෙන්න ඕනි දෙයක් කියල! අර පහත් තැනින් යයි ගලා ජලේ කියන්නෙ ඕක තමයි! හරි මගුලක් නෙ!

වරදවා වටහා ගන්න එපා! මම ස්ත්‍රී මත වාදය දරන feminist කෙනෙක් වත්, සම අයිතීන් ඉල්ලන් සටන් කරන කෙනෙක් වත් නෙවෙයි! සහ මම මේක මුළු ලංකාවටම සාමාන්‍යයිකරණ කරනවා කියල හිතන්න එපා! මටත් ඉන්නවා මම සහෝදරයන්ට වඩා ලඟින් ආශ්‍රය කරන පිරිමි යාළුවො ටිකක්! එහෙම මිනිස්සු නෑ කියල කියනවා නෙවෙයි. තොප්ප්පිය හරියන අයට තමයි මේක ලිව්වේ. පාරේ තොටේ වැඩිපුර හම්බවෙන්නේ අර වගේ sexually frustrated මිනිස්සු කියන එකට පාරේ ගිහින් තියෙන හැම ගෑනු කෙනාම එකඟ වෙයි . ඒ නිසා ලංකාව ගෑනු අපිට  භයානක තැනක් බවට පත් වෙලා! ඇයි ගෑනියෙක් දකින හැම වෙලේම මේ මිනිස්සුන්ට හිතන්න බැරි මේ ඉන්නේ මගේ අම්ම හරි,මගේ ලොකු අක්ක හරි, මගේ චූටි නංගි හරි, මම කසාද බැඳල ඉන්න හරි මම ආදරේ කරන හරි ගෑණි, අහවල් තැනදි මට උදවු කරපු නෝනා හරි වගේ තවත් කෙනෙක් කියලා? ඇයි කෑමක් හරි පාවිච්චි කරන්න තියෙන දෙයක් හරි විදියට අපිට සලකන්නෙ? ඇයි හිතන්නෙ නැත්තෙ මේ ඉන්නෙත් මම වගේ තව කාගේ හරි අම්ම කෙනෙක්, සහෝදරියෙක්, බිරිඳක් කියල? ඇයි ගෞරවේ අපිට දෙන්නෙ නැත්තෙ? ලැජ්ජයි!

ඒ නිසා කවුරු කවුරුත් එලොවටත් නැති මෙලොවටත් නැති ජාතිවාදයක් අල්ලන් නටන වෙලේ, මේ වගේ දේවල් නවත්තන්න මොනව හරි කරන්න උත්සහ කරා නම් වටිනවා! ගිහින් spray කරනවකෝ කාන්තා හිංසනය එපා!!! කියල කොහේ හරි! එච්චර දෙයක් කරන්න අපේ පිරිමින්ට මොලේ පාදගන්න පුළුවන් නම් තව මොනව කරන්න බැරි ද!

පොඩ්ඩක් හිතල බලන්න, මේ කිව්ව එක දෙයක් වත් කවදාවත් තමුන් කරලා නැද්ද කියල. එහෙම නම් රටක් විදියට අපි හිස නමා ඔයාට ආචාර කරනවා! ඔයාගේ අම්ම ඔයගැන ආඩම්බර වෙයි! එහෙම නැත්තම් ඉතින්, තමුසෙගෙ ඇඟේ මොන ලේ තිබ්බත්, තමුසෙට ආයෙත් කවදාවත් පිරිමි ආත්මයක් නම් ලැබෙන එකක් නෑ. කරපු දේවල් වලට වන්දි ගෙවන්න වෙද්දි  හිතාගන්න බැරි තරම් ගොඩක් රිදෙයි!

කෙනෙක් මරණාසන්න මොහොතෙදි මුළු ජීවිතේම තමන් කරපු දේවල් fast forward  කරපු ෆිල්ම් එකක් වගේ ඇස් ඉස්සරහ දිග ඇරෙනව ලු! ඉතිං පොඩ්ඩක් පරිස්සමෙන්! (-__-)