Monday, August 24, 2015

දුම් බීම තහනම්!!!!




පහුගිය දාක අපේ batch එකේ ළමයෙක්ගේ තාත්තා කෙනෙක් අකල් මරණයකට ලක් වෙලා තිබුණා :( මළ ගෙදර තිබුනෙ මොණරාගල නිසා  අපි batch එකටම යන්න බස් එකක් කතා කරගත්තා.
බස් එක කතා කර ගත්තෙ cab service එකකින්. අපරාදෙ කියන්න බෑ මොණරාගල යන්න අපි කතා කරගෙන තිබ්බෙ “කොට seats” තියෙන “138 කඩවත කොටුව” බස් එකක්! දැන් මේ බස් එකක පාරේ ගිහින් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා කොච්චර සුපිරි වේගෙකින්ද මේ  බස් යන්නෙ කියල. කොච්චර වේගෙන්ද කියනවා නම් flying gear එක දාගත්ත නම් පැය කීපෙකින් හඳට වුණත් යන්න පුළුවන්! එච්චරට speed! ෂුහ්!!!

ඉතිං මේ ඉතාම සැප පහසු බස් එකේ රියදුරු තැනට හිටියේ කියන්න තරම් වරදක් නැති මැදිවියේ පසුවන හාදයෙක්. කොන්දොස්තර තැන තමයි මේ කතාවේ එන කතා නායක නොහොත් “the කාලකන්නියා!”

අපි සාමාන්‍ය ව්‍යවහාරයේ “කුඩ්ඩෙක්” කියල කියන හැම රූප ලක්ෂණයක් ම මුට තිබුණ. ඊට අමතරව බැලූ බැල්මට කියන්න පුළුවන් මූ අමු බේබද්දෙක් සහ හෙට අනිද්දා මැරෙන්න ඉන්න එකෙක් කියල. මොකද මුගේ හුස්ම ගන්න කාලය සහ සිගරට් බොන කාලය අතර වෙනස ඉතා........................................................ම පොඩියි!

මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිගරට් වලට විරුද්ධ කෙනෙක්. මීටර් ගානක් ඈතින් සිගරට් දුම වුනත් මට හොඳට දැනෙනවා සහ එකෙන් මම ඉතාම පිළිකුලට සහ අපහසුතාවයට පත් වෙනවා. කෙනෙක් කියන්න පුළුවන් “මම නෙ යකෝ සිගරට් බොන්නෙ, තොට මොකද??? ^&%%#$%@*” කියල! ඔව් ඒක ඇත්ත, තමුන් නිසා කායිකව සහ මානසිකව විපතට පත් වෙන තමුන්ගේ අම්ම තාත්තා ඇතුළු දැන් ඉන්න සහ ඉදිරියට එන්න ඉන්න පවුලේ මිනිස්සුන්ට මිස මට නම් මොකක් වත් නෑ තමුන් සිගරට් බිව්වට, මොකද ඔහොම මිනිස්සු ඉක්මනට මැරිලා යන නිසා ලෝකෙ ඉන්න අඥාන, මුග්ධ ජන ගහනේ අඩු වෙලා අන්තිමට බුද්ධිමත් පිරිසක් විතරක් ඉතිරි වෙනවා. ඉතින් ඒකට මම කැමති! හැබැයි, ඕක බොන එකා බොන්න ඕනි වෙන කවුරුත් නැති, අනිත් මිනිස්සුන්ට වාතයක් නොවෙන තැනක ඉඳන්, විශේෂයෙන් මගේ නහය ඉස්සරහ නැතුව. මොකද කොහෙවත් ඉන්න මෝඩ ගොබ්බයෙක් නිසා මට  සිගරට් බොන්න කිසිම ආසාවක් නැති නිසා. (මම හැකි තාක් ඉතාම සංවර වචන තමයි මේකෙ පාවිච්චි කරන්නෙ, ඒ නිසා සිගරට් බොන එකෙක් මේක කියෝනව නම් තරහ ගන්නෙ නැතුව අවබෝධ කරගන්න තමුන්ලගේ මෝඩ ජනගහය ඇරුනම ලෝකෙ අනිත් මිනිස්සු තමුන් ගැන හිතන් ඉන්නෙ මෙහෙමයි කියල)


මම ඇල්කොහොල් බොන එකටත් තදින්ම විරුද්ධයි. නමුත් බීමත් කමෙයි සිගරට් බොන එකෙයි වෙනස තමයි බොන එකා බීලා බීලා මැරෙන්නේ තනියම. වෙරි වෙච්ච වෙලාවක පොල්ලකින් වගේ ගහලා මැරුවෙ නැත්තං ඌ නිසා වටේ මිනිස්සු මැරෙන්නෙ නෑ. ඒත් සිගරට් බොන එකා එහෙම නෑ, ඌ ඇවිල්ලා මරාගෙන මැරෙන ජාතියේ ඉතාම ආත්මාර්ථකාමී මෝඩයෙක්. ඒ නිසා තමයි මට උන් පෙන්නන්න බැරි.



හරි ඉතිං අපහු කතාවට ගියොත්, මේ බස් එකේ අපරාදෙ කියන්න බෑ ඉස්සරහ උඩින්ම ගහල තියෙනවා බුදු පිළිමයක් සහ තව දෙවි වරු කීප දෙනෙක් ගේ රූප. ඊට පහලින් රතු පාට sticker එකක් අලවල තියෙනව, මොකද්ද එකෙන් කියන්නෙ? ආහ්හ්!! “බස් රථය තුල දුම් බීම තහනම්!!!” හරිද! දැන් මට කවුරු හරි කියන්න බස් රථයේ “foot board” එක කියන්නෙ එකේ කෑල්ලක් ද, නැත්තං බස් එකේ නෙවෙයි ඊට එළියෙන් තියෙන කෑල්ලක් ද කියල. ගොඩාක් මේ තකතීරු අමන සිගරට් කාරයෝ හිතන් ඉන්නේ බස් එකකින් එලියට ඔලුව දාගෙන හරි foot board එකේ ඉඳන් හරි දුම් දානකොට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නෑ කියල. ඔලුව අතගාල බලනව මැටිද තියෙන්නෙ කියල! සමහර විට මැටි නැතුව දුම් වෙන්නත් පුළුවන් පිරිලා තියෙන්නෙ! -_-

කොහොම හරි මම බස් එකට නැග්ගෙ අවිස්සවෙල්ලෙන්. නැගල විනාඩි කීපයක් යන්නත් කලින් මට විතරක් නෙවෙයි බස් එකේ ඉන්න අපි ගොඩ දෙනෙක් ට (විශේෂයෙන් ගෑණු ළමයි) සිගරට් ගඳක් දැනෙනව. ඉතාම සැර ගඳක්, නිකං නහය උඩ සිගරට් එකක් පත්තු කරලා තිබ්බ වගේ. සිගරට් ගඳ නිසා මම ඉතාම ක්ෂනිකයෙන් irritate වෙනවා. මොකද ඒවා ආශ්වාස කරනවා කියන්නෙ අපිත් දුම් බොනවා කියන එක. හැමෝම විමසිලිමත් වුණා කවුද යකෝ බස් එකේ සිගරට් බොන මෝඩයා කියල නමුත් එහෙම එකෙක් පේන්න හිටියේ නෑ. ඉස්සරහ දොරේ කවුරුත් හිටියේ නැති නිසා නිසා දුම් ගහන්නෙ පිටිපස්සේ හිටපු එකෙක් බව තේරුණා. ඇත්තම කියනවා නම් අපේ batch එකේ සමහර උනුත් සිගරට් බොනවා, අපිට උඩ batch වල උනුත් බොනවා, පහල batch වල උනුත් බොනවා ඇති. කොන්දා පේන්න හිටියෙත් නෑ ඒ නිසා කාට බනින්නද කියල නොදන්න නිසා අපි ඔරෝ ඔරෝ නහය වහගෙන පාඩුවේ හිටියා. 


මේක ටික වෙලාවක් මෙහෙම සැරින් සැරේ සිද්ධ වුණා. ඉවසීමේ සීමාව ආසන්න වෙද්දි බස් එක පොඩ්ඩක් නවත්තපු වෙලාවක ඔන්න අර හරි මාර කොන්දා නැග්ගා ඉස්සරහ දොරෙන් සිගරට් එකක් පත්තු කරන්!!! 

මූ අර  “බස් රථය තුල දුම් බීම තහනම්!!!” sticker එක දිහා බලාගෙන අපේ ඇස් දෙක ඉස්සරහ ඉඳන් සිගරට් බොනවා!!! යකෝ මේක හරි මගුලක් නෙ! මට මල පැන්න වුනත් මම බොහොම විනීතව හයියෙන් කිව්ව “සිගරට් බොන අය බැහැල ගිහින් බීලා එනවද!” කියල. එතකොට අර මෝඩ තකතීරු කොන්දා කියනව “එහෙනම් ඉතින් ලංකාව අත ඇරලා යන්න තමයි වෙන්නෙ මිස්” කියල! ගොන් කම් කරලා ඒ ගැන ලැජ්ජ වෙන්නෙ නැතුව තව කියවන්නත් එනවා! මේ ගොබ්බයා හිතන් ඉන්නේ ලංකාවේ බහුතරයක් තාම සිගරට් බොනවා කියල. ඒ උගේ තාත්තගේ කාලේ වෙන්නැති. දැන් සිගරට් බොන්නෙ එකට ඇබ්බැහි වෙච්ච නාකි මිනිස්සු විතරයි. කොල්ලො ප්‍රතිශතයෙන් ඕක බොන්න තමුන්ලා වගේ ආතම ශක්තියක් නැති, තමුන්ට තමුන්ව පාලනය කරගන්න බැරි, හිතන්න මල් පොහොට්ටුවක් තරම් වත් ඔලුවක් නැති මෝඩයෝ විතරයි. මම complaint කළා නම් තමුන්ව පොලිසියට අල්ලන් යනව, මොඩයා!!!

කොහොම හරි ඌ එහෙම කියල බැහැල ගියා. බස් එක ආයෙ ගමන පටන් ගත්ත, ටික වෙලාවකින් ආයෙ එනව සැර සිගරට් ගඳක්!!! ඒ පාර නම් මට අසූ හාරදහට නැග්ගා කියලත් මොකද්ද ආයෙ බොන්නෙ කියල. ඒත් බලද්දි කොන්දා ඉස්සරහ ඉන්නව, උගේ අතේ සිගරට් එකක් නෑ!!! අපි හැමෝම කෙලින්ම හැරුනේ පිටිපස්සේ දොරට. ඔන්න ඉන්නවා, අපේ batch එකේ හොඳ තැනක් තියෙන සහ පහල batch එකේ උන් හොඳින් සළකන සහ ගෞරව කරන කොල්ලෙක්, උගේම වචනෙන් කියනව නම් හුළු අත්ත පත්තු කරන්!!” ඉතිං කාටද කියන්නෙ! අර කොන්දා හිතනවා ඇති මම බිව්වම තමයි මුන්ට තියෙන අමාරුව, උන්ගේම උන්ට සිගරට් බොන්න හොඳයි කියල. ලැජ්ජයි!! ඇත්තටම ලැජ්ජයි!! අපේ මිනිස්සුන්ට මීට වඩා අනිත් මිනිස්සු ගැන හිතන්නන පුළුවන් සංවේදී කමක් සහ ඔලුවක් තියෙන්න ඕනි. කොන්දොස්තර කාරයෙක් සහ කැම්පස් යන කොල්ලේක් අතර වෙනසක් තියෙන්න ඕනි නෙ! පස්සෙ අපි පත් වුණු අපහසුතාවය දැකල ඉස්සරහ හිටපු කොල්ලෙක් ගිහින් උට කිව්ව මම හිතන්නෙ, වැරැද්ද කළේ ඌ නිසා උට තරහ යන්න නැතුව ඇති කියල මම හිතනවා. ඒ වගේම අපරාදෙ කියන්න බෑ ඌ මම දැක්ක විදියට ආයෙ බස් එක ඇතුලේ සිගරට් බිව්වේ නෑ. :)




ඉතිං කොහොම හරි බස් රථය පොඩ්ඩක් වත් කෙටුවේ නැති නිසා පාන්දර තුන වෙද්දී මළ ගෙදරට යන්න අපිට පුළුවන් වුණා. අනේ පැය නවයයි ගිහින් තියෙන්නෙ!!! ඉතාම කාර්යක්‍ෂමයි!! ෂා...!!


ඊට පස්සෙ අපි උදේ 10.30 විතර වෙනකන් ඉඳලා එන්න බස් එකට නැග්ගා අපහු එන්න. එතකොට පණිවිඩයක් අවා අර මහත්වරු දෙන්න දිය ස්නානය සඳහා වැවට ගිහිල්ලා, කොහොමත් එන්න තව විනාඩි පහළොවක්, විස්සක් යයි කියල! -_-

අහ් ඔව්, එයාල නෙ සල්ලි දීල අපි එක්ක ඇවිත් තියෙන්නෙ. වැඩ සිද්ද වෙන්න ඕනි එයාලට ඕනි විදියට නෙ.. ඒ නිසා හිටියා. ඒ දෙන්න නාල කරලා ඇවිත් බස් එකට නැග්ගා. අරුගේ එක අතක පත්තු කරපු සිගරට් එක, අනිත් අතේ ඇඳන් හිටපු තෙත බේරෙන යට කලිසම!! අරකෙන් දුම් විදින ගමන් මූ අර කලිසමෙන් මුණ සහ ඔලුව පිහිදානවා අපි ඉස්සරහ ඉඳන්!! සංසාරේ!!! ඊට පස්සෙ සිගරට් එක අතේ තියාගෙන ම හඳුන් කූරු දෙකක් පත්තු කරලා සිගරට් සහ සුවඳ දුම් මිශ්‍රණයක් ඇල්ලුවා බුදු පිළිමෙට සහ අනිත් දෙවි රූප ටිකට (සංසාරේ.....මෙහෙම මිනිස්සු මොකට ඉපදෙනවද!). සිගරට් කොටේ අන්තිම ටිකත් බීලා හඳුන් කූරු ටික ගැහුව එතන ඉස්සරහ.  ඒ වෙලේ ඉදං මූ කළේ වැටි වැටී නිදා ගත්ත එක. මම දන්නෙ නෑ ඇයි ඌ අපි එක්ක ආවෙ කියල වත්. කන්න බොන්න නවත්තපු හැම වෙලේම මූ කළේ සිගරට් බීපු එක. අපේ batch එකේ කොල්ලන්ට අපි කතා කරන එක එක නම් සහ ඌ,මූ කිය කිය කතා කර කර කිසිම decency එකක් නැතුව  හෙන ලොකු සීන් දාගෙන හැසිරිලා මේ මෝඩ මනුස්සයා හැමෝගෙම අප්‍රසන්නකමට ලක් වුණා. මොකද අපි අපි යාළුවො කතා කරන එක වෙනයි, cab service එකකින් වාහනයක් කතා කරනකොට ඒ මහත්මා ගතිය ඕනි මිනිහෙක් ගෙන් අපි බලාපොරොත්තු වෙනවා නෙ. ඒ නිසා අපි cab service එකේ numberඑක ඉල්ලගත්තා මූ ගැන complaint කරන්න, මොකද එතකොට වෙන මිනිස්සු ටිකක් හරි අපිට වුණා වගේ ලේ කෝප වීමකට ලක් වෙන්න වෙන එකක් නැති නිසා.


ඉතිං කොහොම හරි තවත් පැය නවයකට පස්සෙ ඉතාම සැප පහසු ගමනකින් අනතුරුව මම අවිස්සාවේල්ලෙන් බැහැ ගත්ත. අපරාදෙ කියන්න බෑ එතකොටත් අර මිනිහ නිදි!!!


4 comments:

ඊයේ මම බුකියේ රවුමක් ගහනකොට මගේ පරණ යාලුවෙක් කරන හොඳ වැඩක් share වෙලා තියනව දැක්කා. කව්රු උනත් හොඳ වැඩක් කරනවා නම් එක බලල පොඩි Up එකක් දෙන එක දැන් අපේ සිංහල ජාතියේ නැති වෙලා යන දෙයක් නේ. ඔන්න ඔහොම blog එකේ උඩ ඉඳන් පහලට බලාගෙන යනකොට මම දැක්කේ මේ article එක. පෞද්ගලිකව කියනවා නම් මමත් ඔය කියන තරම් නැති උනත් ඔය වැඩේ කරනවා. එත් ඒ උනාට අපි දන ගන්න ඕනේ අපේ ජීවිතේ අපිට ඕනේ නැත්තන් එකක්, නමුත් අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට කරන කෙන් ගෙඩියක් කරගන්න. මන් දන්නේ නෑ ඔයා මාත් එක්ක මේ කතාවට එකග වෙඉද කියල T....
~~Alpha ~~
 
මේ පැත්තෙ ආවට ගොඩක් ස්තුති මුලින්ම alpha ;) ඔයා කිව්ව දේට මම සම්පුර්ණයෙන් එකඟ වෙනවා. මමත් ඒකයි කියල තියෙන්නෙ, අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ඕනි කරන දෙයක් කරගන්න. ඒ වගේම ඔයාට ඔය ජරා පුරුද්ද ඉක්මනින්ම අත අරින්න ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනව.. ආයෙත් එන්න.. :)
 
කතාව ඇත්ත තමයි. හැබැයි පාවිච්චි කරලා තියන වචන හොඳ මදි....
 
මේ පැත්තෙ ආව එකට සතුටුයි රවිඳු,ඒත් ඔයා කියන එකට මම එකඟ නෑ. ඉතාම සුදුසු සහ හොඳම වචන තමයි මේ පාවිච්චි කරල තියෙන්නෙ :) ඒත් නැවතිලා අදහස් ප්‍රකාශ කළාට ස්තුතියි! ආයෙත් එන්න! :D
 

Post a Comment