Tuesday, July 3, 2012

නුඹ අහසක්????!!!!!! :D :D



දවසක් බස් එකේ එනකොට ඇහුන ප්‍රසිද්ධ සින්දුවක පද පේලියක් තමයි මේ පොස්ට් එක ලියන්න පාදක වෙන්නෙ..

“ඇත්තමයි නුඹ අහසක්!!!”

වෙන වැඩකුත් නැති එකේ බස් එකේ ආපු මුළු පැය දෙකකට ආසන්න කාලෙම මේ ගැන කල්පනා කරලා මං පත්
වුණු නිගමන තමයි මේ!!! :D :D

එකක් තමයි මේ ගෑණු ළමයා අහසක් වගේ විහිදී පැතිරී ගිය විසාල තරබාරු දේහයක් තියෙන කෙනෙක් වග.
(මොකද අහස වගේ අසීමිතයි කියල හිතන්න බෑ නෙ අප්පා මනුස්සයෙක්!! ඔන්න තව ආදරේ අහස වගේ වත් කිව්ව නම් කමක් නෑ වත් කිව්ව හැකි!! Lol )

දෙක... එක්කෝ මේ ළමයා මේ කාලෙ අහස වගේ හිටි හැටියේ මූඩ් මාරු කරනව!  නැත්තං ඍතු භේදය අනුව වගේ මේ මූඩ් මාරු කිරීම වෙනස් වෙන නිසාද දන්නෙත් නෑ.. ඒ කියන්නෙ කාලෙකට අඬන්න ගත්තම දිගටෝම අඬනව, ගොරවන්න ගත්තම දිගටෝම ගොරෝනව, හිනාවෙන්න ගත්තම දිගටෝම හිනා වෙනව, සමහර කාලෙට අඬනවද, හිනා වෙනවද, ගොරෝනවද කියල හිතා ගන්න බෑ. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්.. :D

තුන...මේ ළමයා මොන මඟුලක් කළත් වටේ ඉන්න හැමෝගෙන්ම බැණුම් අහන්න වෙන කෙනෙක් කියන අර්ථයෙන් මේක කිව්ව වෙන්නත් පුළුවන්!

මනුස්සයෙක් අහස වගේ නිල්පාට වෙන්න බැරි නිසා එක්කෝ මේ ළමයා වලාකුළු පිරිච්ච වැහිබර අඳුරු අහසක් වගේ හරි, වලාකුළු එකක් වත් නැති මෙලෝ රහක් නැති හිස් අහසක් වගේ හරි වෙන්නැති කියල කියන්නත් පුළුවන්. ම්ම්... පුළුන් වගේ සුදු රැවුලක් තියෙන නිසා මෙහෙම කිව්ව කියල හිතන්න අමාරුයි නෙ නේද?! Heheh.. Lol

සමහර විට ඉරක් වගේ ගිනි බෝලයක් නිතරම ළඟින් ගැවසෙන  නිසා මෙහෙම කිව්ව වෙන්නත් පුළුවන්. ඔය ඉරේ රස්නෙත් එක්ක අහස දිහා ටිකක් වෙලා බලං ඉන්නකොට ඇස් දෙක නිකං නිලංකාර වෙලා යන ගතියක් එනව වගේ අදහසක්?

ම්... මතක හැටියට නම් එච්චරයි ද කොහෙද! තව මතක් වුනොත් පස්සෙ කියන්නම් හොඳේ!!! කොහොම හරි මීට පස්සෙ කවුරු හරි ඔයාට කිව්වොත් එහෙම ඔයා අහසක් වගේ කියල එහෙම මතක් කරලා අහන්න ඒකෙ තේරුම මොකද්ද කියල!!! Hehehe… :D

ප:ලි:

ආහ්...නවත්තන්න කලින් කියන්න ඕනි මේ සිංදුව පෞද්ගලිකව මමත් ආස සිංදුවක්. ඒ වගේම මේක මේ සිංදුවට හෝ ඒකෙ පද රචකයාට පහර ගහන්න වත්, පණ්ඩිත කතා කියන්න වත් ලියපු ‘විචාරයක් නෙවෙයි මගේ සතුට පිණිස කාලෙකට පස්සෙ ලියපු තවත් එක ‘කුරුටු බලියක්’ විතරක් ය කියන එක. ඒ නිසා මේක ඕනවට වඩා serious අරගන්න එපා... හොඳද! :D :D


8 comments:

he he nice thinking. මමත් ආස සින්දුවක් :)
 
hehe.. thankuUuu :D :D
 
එහෙම හිතන්න අයිතියකුත් තියනවනේ.අහස කියන්නේ මාතෘකා කීයක එකතුවක්ද..

බලාගෙන සින්දුව කියන එක්කෙනා වලියක් හෙම ඇද්දොත් අපිහෙම නෑ හරි...
 
Hehe…ඒකනේ ඒකනේ... අලේ එහෙම කියන්න එපා අප්පා... එයා මට ගහන්න ආවොත් එහෙම ඔයාල මගෙ support එකට එන්න ඉතිං... :D :D
 
හැමෝම ලං වෙන්න ට්‍රයි කරන ඒත් කාටවත් ලං වෙන්න බැරි කෙනෙක් වගේ වෙන්නත් පුළුවන්..!! (උපමාව ලස්සන හින්ද සහ ගොඩක් හිතන්න තිබුන හින්ද ගොන් කමෙන්ට් එකක් දාන්න හිතුනේ නැහැ) :P :)
 
ඒ කියන්නෙ???? හයිඩ්රජන් පුරෝපු බැලුම් බෝල වගේ උඩ යන්න try කරනවයැ අප්පා මිනිස්සු!!!? lol .. :P මම දන්න කවුරුත් නම් තාම අහසට යන්න try කරලා නෑ.. අනේ මන්ද ඉතිං.. :D :))
Nice thought anyway! ;)
 
"මේ ළමයා මේ කාලෙ අහස වගේ හිටි හැටියේ මූඩ් මාරු කරනව! නැත්තං ඍතු භේදය අනුව වගේ මේ මූඩ් මාරු කිරීම වෙනස් වෙන නිසාද දන්නෙත් නෑ"

man dekka paththareka giyapu article ekak me sinduwa gena.eeke thibuneth oyaa oya liyala thiyena kathavama thamai.eya ehema mood maru karana kellek.eekane kiyanne'nawathinna hithuvada aayemath aadaren'kiyala.. anyway,oyata hithena KURUTUBALI nam maru affa..p
 
hahaa...ඒ කියන්නෙ නිකං “ආහ්, හිතුවද ආයෙමත් නවතින්න??? දෙන්නං!!!!” වගේ තේරුමක් ද? hehehe...ඒකත් හොඳයි.. :P
තැන්කූ නංගෝ.. ^_^
 

Post a Comment