Wednesday, April 18, 2012

තාත්තට; තාත්තගේ චූටි දුවගෙන්.....................


පුංචි සංදියේ අතින් අල්ලාන
එක්කාන ගිය හැටි ඉස්කෝලෙ
කොච්චර මහන්සි වුණත් වැඩ ඇරිල හවසට
බිංදු පත්තරේ මැද පිටුවෙ කතාව
කියෝපු හැටි මට ඇහෙන්න රස කර කර
තාමත් ඇහෙනවා, තාමත් මතකයි
තාත්තේ, තාත්තගෙ චූටි දුවට................

අද වගේ මේ වහින රෑ වල
ගුලි වෙලා ඇඳේ උණුහුමට මා එක්ක
කියපු සිංදු, කවි එක එක තාලෙට
තාත්ත මට දීපු කටහඬින්
අදත් ගයනවා එත් දුකයි මට
ලස්සන උරුවම් බෑ ඔබ වාගේ
තාත්තේ, තාත්තගෙ චූටි දුවට................

අම්මගෙ ආදරෙන් ලු සංවේදි වෙන්නෙ ළමයෙක්,
තාත්තගෙ ආදරෙන් ලු පෞර්ෂය හැදෙන්නෙ..
දැන් අපි ලොකුයි; හැමදේම වෙනස්
ඕගොල්ලො වෙනම - අපි වෙනම අපේ ලෝක වල..
ඒත් අහම්බෙන් ඔබ කවන බත් කටක
තියෙන්නෙත් එදා ඒ තිබුණු රස සුවඳ මයි..
තරඟකාරී අමුතු ලෝකෙක
ගොඩක් දේ වෙනස් වෙලා; ඇත්ත..
ඒත් මගෙ පෞර්ෂය මට දීපු තාත්තගෙ
ආදරේ අමතක නැහැ තාත්තගෙ චූටි දුවට...........

ඉස්සර වගේ නොපෙන්නුවාට දැන්
ඒ ආදරේ එහෙමමයි දන්නව මං
බැරි වුණත් හුරතල් වෙන්න ඒ වගේ,
සණ්ඩු වුනාට ඉඳ හිට
එකට එක කිය කිය,
තාත්තත් දන්නව නේද මං
තවමත් ඔබේ චූටි දූ වග;
තවමත් අතේ එල්ලීගෙන
ඇවිදින්න ඉගෙන ගන්න ආස වග.................?


10 comments:

ලස්සනයි සිතූ! හිතට දැනෙන්න ලියල තියෙනව. කාලයේ හැටියට ලෝකයත් ඒක්ක තරඟෙට දුවන්න වුනාට, අම්මල තාත්තල ගාව හැමදාමත් අපි පොඩි එවුන්.
 
මට මම ජීවත් වෙනව කියල දැනුනා ඔයාගේ මේ සටහන දැකලා. මෙතන තියෙනවටත් වඩා දේවල් මම කරනවා. ඒ දේ මගේ දූටත් ඒ වගේම දැනෙයි කියන සතුට මට ආවා. තාත්තා කෙනෙක්ට ලැබෙන ලොකුම තෑග්ග ඒක තමයි.
 
ඔයා කව්ද කියල නම් මම දන්නේ නැහැ.ඒත් මට මගේ දුවව මතක් උනා මේ පෝස්ට් එක කියවන කොට.ලබන අවුරුද්දේ එයා මොන්ටිසෝරි.කන්ට්‍රෑක්ට් එක ඉවර වෙනකම් මම ඇගිලි ගැන ගැන ඉන්නේ, එයාගේ අතින් අල්ලගෙන ස්කෝලේ[මොන්ටිසෝරි] එක්ක ගෙන යන්න.[ඔයාගේ නිර්මාණය ලස්සනයි]
 
@~HèáléR~ - :) බොහොම ස්තුතියි!! ඒකනේ, කවුරු කොහොම කිව්වත් ඒක තමයි ඇත්ත.. ළමයින්ට දෙමව්පියෝ තරම්වත්, දෙමව්පියන්ට ළමයි තරම්වත් වටින තවත් වෙන දෙයක් කොයින්ද!!! :)
 
@ඇවිද්ද පය ...... - :) තාත්තා කෙනෙක් ළමයෙක් වෙනුවෙන් කරන දේවල් මේ පුංචි පද දෙක තුනකින් ලියල ඉවර කරන්න බැහැ කියල මම දන්නවා. :) .. අනිවාර්යෙන් ඔයාගෙ ආදරේ ඔයාගේ දුවටත් මේ විදියටම දැනෙනවා ඇති.. එයා පෙන්නුවත් නැතත්, එයත් ඔයා හිතනවටත් වඩා හැමදාම ඔයාට ආදරේ කරාවි.. :)
 
@Sarath Chandrasiri- ඔයාට ගොඩාක් ස්තුතියි!! :) ඉක්මනටම ඔයාගේ වැඩ කටයුතු ඉවර කරගෙන ඔයාගේ චූටි දුව ගාවට යන්න, එයාට ඇති තරම් ආදරේ දෙන්න ඔයාට පුළුවන් වෙන්න කියල මාත් ප්‍රර්ථනා කරනව! :) මොකද චූටි දුවෙක්ට එයාගේ තාත්ත තරම් එයා ආදරේ කරන වීරයෙක් තවත් නැති නිසා.. :) ඔයාගේ චූටි දුව, ඔය එයාව මොන්ටිසෝරි එක්කන් ගිය හැටි හැමදාම මතක තියා ගනීවි.. බලන්න බොරුද කියලා!!! :)
 
ලස්සනයි. ගොඩක් සරල විදිහට අපුරුවට විඳින්න පුළුවන් නිර්මාණයක්. දූගේ ආදරෙයි තාත්තගේ ආදරෙයි මැවී මැවී පේනවා.
 
:) :) ගොඩක් ස්තුතියි පැතුම්!!
 
ඔන්න මාත් ආවා මේ පැත්තට. නිර්මාණය ලස්සනයි :)
 
^_^ හී... බොහොම ස්තුතියි... අයෙත් එන්න මේ පැත්තෙ හොඳේ... :) :)
 

Post a Comment