Monday, April 16, 2012

වහින්න...........


ඉරිතැලුණු බිම තෙමා
දූලි රැලි නවතන්න
සිඳුණු දිය පොකුණු වැව්
යලිත් පුරවාලන්න
වහින්න..........
කාලෙකට පසු යලිත් සිත් සේ තෙමෙන්න.........

මිලින හැකිලුනු පියල්
මල් පුබුදු කරවන්න
වලාකුල් රැල් පලා
පිණි දියෙන් නහවන්න
වහින්න..............
ආයෙමත් ඒ නැවුම් සුවඳ විඳගන්න.........

වැහි පබළු බිම සිඹින
හඬ දෝංකාරයෙන්
හෝ හඬින් කන් පිරී
අන් දෙයක් නෑසෙන්න
වහින්න..................
හෙණ ගිගුම් නගමින් රිසිසේ වහින්න........

විඩාපත් තෙමුණු නෙත්
අගින් වෑහෙන කඳුළු
සීත වැහි බිංදු සේ
කාටවත් නොපෙනෙන්න
වහින්න......
බිඳී ගිය හදවතක
වේදනා දෙවන ඒ
සීත සුළඟක් දිගේ
හුස්ම අරගෙන යන්න
වහින්න.............
පෙර වහැපු නැති තරම් වියරුව වහින්න......... වහින්න..............




8 comments:

හ්ම්ම්.... වහිනකොට අපි අඬනවා කියලා ලෝකෙට පෙන්නේ නෑනේ.... වැස්සට මමනං කොහොමත් ආසයි.... ඉස්සර ඉඳන්ම....

හැමදාමත් වගේ ලස්සනයි නංගා....
 
:) හ්ම්ම්.. ඒකනෙ..හැමදාමත් වගේ ස්තුතියි අයියා.. :)
 
නියමයි...

අපේ පැත්තටත් වහිනවා නොවැ මේ දවස්වල :-)
 
hehe..ඔව් අප්පා.. මේකත් මේ වැස්සෙ ඉඳගෙන ලිව්වෙ.. :P බොහොම ස්තුතියි.. :)
 
ලස්සන වැස්සක්!
 
හී..ස්තුතියි..!!! :) :)
 
harima lassanai
 
ගොඩාක් ස්තුතියි....:) comment එක publish කරන්න පරක්කු වුණාට සමාවෙන්න ඕනි... ආයෙත් මේ පැත්තෙ එන්න... ^_^
 

Post a Comment