Friday, April 13, 2012

සතුට සැප රජයන සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)


ගස් වසා අතු පතර
පිණි දියෙන් ප්‍රමුදිතව
එකින් එක දිග හැරුණු
සියුම් මුදු මල් පියල්
මෙතෙක් හංගාන උන්
පැණි බිංදු සුවඳ පොදි
නැවුම් මද නල දිගේ
දස දෙසට බෙදනවා.........

අහුනාට මදි නොවන
නෙක විහඟ කැල උනුන්
පෙම් කෙලින රස කතා
වැඩිවෙලා ඒ මැදින්
කාලෙකට පසු යලිත්
පුරුදු ලෙංගතු හඬක්
හැංගිලා “කොහෝ!” යැයි
හඬගසනු ඇහෙනවා..........


කුස්සියේ වැඩ ගොඩයි
පිටි කෙටිලි; පිටි හැලිලි,
පැණි කැවුම් බැදෙන හඬ,
සුවඳ දෙක රස දැනෙන
ගෙදර කලඑළි වෙලා
හිරු කුමරු වඩිනවා
අතේ සහ හිතේ වූ
පරණ කුණු ඉවත ලා........

එක බුලත් අතකින්ම
සිත් අවුල් දුරු වෙන්ට
කිරීම විතරක් නොවේ
පැණි ද යස ඉතිරෙන්ට
දෑත් එක් කොට ඔබට
ආයු බෝ පතන්නම්
ලැබූ සුබ අවුරුද්ද
සතුට සැප රජයන්ට..........


6 comments:

කිරි පැණිද ඉතිරෙන්න
නව පැතුම් ඉටුවෙන්න
දිවිමගත් සරුවෙන්න
වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා...........!!!
 
එසේම වේවා!! සියලු යහ පැතුම් ඉටු වේවා!!! :)
 
හැම යහපත් පැතුමක්ම ඉටු වන වාසනාවන්ත-නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
 
එසේම වේවා නංගියෝ.!! සියලු යහ පැතුම් ඉටු වේවා!!! :)
 
සුහ නව වසරක් වේවා..! සුභ පැතුම් ජයෙන් ජය..!
 
එසේම වේවා!! සියලු යහ පැතුම් ඉටු වේවා!!! :)
 

Post a Comment