Sunday, March 11, 2012

මගේ සිනහවද ගෙන, සදා හිනැහෙනු සබඳ....


සහස් සුවහසක් පෙම්
පැතුම් මල් පොදි බැඳන්
රෑ දකින සෑම සුබ
සිහිනයක් පාසාම,
මම දැකපු, අත් විඳපු
ලබැඳි ඒ හසරැල්ල
හදවතට ලං වෙලා
සිනහවම දුන්නු හැටි....

දුක සැපේ අත බැඳන්
එක්ව පා පොඩි නැගූ
ප්‍රාණ සම ඔබේ සිත
මගේ සිත සේම වූ,
මා සේම නොදැනීම
කාටවත් නොකියාම
මා පැතූ ලබැඳි ඒ
සිනහවම පැතූ හැටි......

මට එපා, ඔබ ගන්න
ලබැඳි ඒ හසරැල්ල
තුරුළු කොට හදවතට
හැමදාම හිනැහෙන්න
සදා මා තනි නොකර
මාව සතුටින් තැබූ
සොඳුරු ඒ මිතුදම ම
විතරක් ම මට දෙන්න...........

විඩාපත් නෙතු අගින්
බැඳුනු දෑතක් දිහා
ආත්මය මොර දිදී
මද සිනා හෙලූ හැටි....
මගේ සිනහව මතින්
ඔබේ පිය නැගෙද්දී
මගේ වෙවුලන දෑත්
සුබ පතා වැනුණු හැටි......


2 comments:

හරිම ලස්සනයි නංගියෝ

මගේ වෙවුලන දෑත්
සුබ පතා වැනුණු හැටි......
හුගක් දුකයි ඒටිකට නම්
 
:) ගොඩාක් ස්තුතියි අක්කේ.. මම දුක හිතිල හිටපු වෙලාවක ඔයාගෙ comment එක දැකල මගෙ mood එක හරි ගියා.. thank youu! :)
 

Post a Comment