Wednesday, March 7, 2012

කැත කවිය...


 මේක කැත කවියක්..
මේක කැත කවියක් නිසා
මගෙත් නැහැ උවමනාවක්; කැමැත්තක්
ලස්සන කරන්න ඒක.....
මුළු ලෝකෙම අඳුරුනං,
හිනාවක්, එළියක්‌, ආදරයක් නැතිව...
ඒත් ඔබ තවමත් හිනැහෙනවනම් පිටතින්...,
ලෝකය හිතනවනං
ඔබ සතුටින්, හොඳින් කියා
ඔබට පිස්සුද...? ලෝකයට පිස්සුද...??
මුළු ලෝකයම ගොළුයි නං,
කුරිරුයි, වේදනාකාරී, මූසලයි නං.....,
ඒත් ලෝකය කියනවනං
මූසලයි කියල ‘ඔබ’,
බාග වෙලාවට පිස්සු ‘ඔබට’ වෙන්න ඇති!!..
ලෝකය ගැන කලකිරිලනම් ඔබ,
හුස්ම හිරවෙනවනම් කළුවරේම,
හිනැහෙන්න අවැසිනම් ඔබට
හදවතින්ම අයෙමත් පෙර වගේ....
ඒත් මුළු ලෝකයම අඳුරුයි නං, ගොළුයි නං,
ඔබ කාගෙන්ද පාර අහන්නෙ...??
කාගෙන්ද එළිය ඉල්ලන්නෙ.....????..


2 comments:

ලෝකෙට පේන්න අඩන්න ඕනේ නෑ එක මෝඩකමක්. නැද්ද මං අහන්නේ
 
:) ඔව් ඒක ඇත්ත.. ඒත් ලෝකෙට පේන්න හිනා වෙන්න වෙන එකත් තමන් ගැනම දුක හිතෙන දෙයක් වෙන්න පුළුවනි නේද? :)
 

Post a Comment