Friday, February 10, 2012

ආදරය වනාහීඊඊ..... :D



මේ ලෝකෙ “ආදරය” කියල දෙයක් තියෙන බව අපි හැමෝම දන්නව.. ඒත් ඇත්තටම මොකද්ද මේ ආදරය කියන්නේ? මම ගෑනු ළමයෙක නිසා මේක ලියවෙන්නෙ පිරිමි ළමයි ගැන වුනත් මේකෙම අනිත් පැත්තත් ගොඩක් දුරට සාධාරණ ඇති කියලත් මම හිතනව. (මක් කරන්නත් කලින් මම බේරිල ඉන්ඩ එපැයි! නැද්ද? හික් හික්!)

මම දැකල තියෙන ගොඩක් කොල්ලො මේ ආදරය කියන එක ‘එක එක’ විදියට අර්ථ දක්වගත්ත අය. සමහරු ඉන්නවා ‘girlfriend’ කෙනෙක් නැත්තම් නිකං මොකද්ද වගේ කට්ටිය. එයාල සාමාන්‍යයෙන් අවුලක් නැති කෙල්ලෙක් දෙක්කොත් ටක් ගාල අහනව “අනේ මං ඔයාට හරී කැමතියි, ඔයා මට කැමතිද?” කියල. ටක් ගාල අහන එකේ පරමාර්ථය තමයි මේ ජාතියෙම තව කොල්ලෙක් අර ළමයගෙන් අහන්න කලින් තමං අහන එක. ඉතිං අර ළමය අවාසනාවට හරි “හා!” කිව්වොත් ඉතිං කරන්න දෙයක් නෑ. වැඩිම වුනොත් මාසයක් දෙකක් හොඳට ඉඳි. ඊට පස්සේ කොල්ලට කෙල්ල ‘වාතයක්’ වෙන්න ගන්නව. හරියට එකම සෙල්ලම කරද්දී bored වෙනව වගේ. ඊට පස්සේ වලි! මොකක් හරි පොඩි දෙයක් අල්ලං දෙන්න breakupවෙනව. ඊට පස්සේ ඉතිං දැන් girlfriend කෙනෙක් නැත්තම් නිකං මොකද්ද වගේ නෙ. ඒ නිසා කොල්ල මේ procedure එක දිගටම කරගෙන යනව.

එතකොට අපි හිතමු අර ළමය පෙර පිනකට “බ්වෑඈ..” කිව්වා කියල. එතකොට මේ ප්‍රධාන කොට්ටාසය අනු කොටස් දෙකකට බෙදෙනව. එක කට්ටියක් ඉන්නව “ආහ් ඉතිං මට පාං ද!” වගේ ටක් ගාල වෙන කෙල්ලෙක් ගෙන් අහන. ඒත් තව කට්ටියක් ඉන්නව එහෙම බැරි! ඇයි කෙල්ලෙක් බෑ කිව්ව කියන්නෙ තමන්ගෙ ආත්ම ගරුත්වයට හානියක් නෙ! (එයාලට අනුව) එතකොට නැට්ටටම මල පැනල අර අහිංසක ළමයට රටේම තියෙන ඒවා කියල බැන බැන යනව. . තවත් උග්‍ර තත්වෙන් ඉන්න කට්ටිය ඊටත් එහා දේවල් කරලා කාලකන්ණි සතුටක් ගන්නව. එතකොට තමන්ගෙ ආත්ම ගරුත්වය හැමෝටම පේනවා.

හරි! එතකොට තව කට්ටියක් ඉන්නව මේ විදියට bored වෙන එක නවත්තගන්න විවිධාකාරයේ girlfriends ල ගොඩක් එක පාර තියා ගෙන ඉන්න අය. සාමාන්‍ය ව්‍යවහාරයේ playersල. එයාලට ආදරය කියන්නෙ time passing. ඒක ඇති වෙලා නැති වෙන කිසිම විශේෂත්වයක් නැති දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට මෙහෙම කොල්ලන්ට set වෙන්නෙ මේ ජාතියෙම කෙල්ලො! ඒ නිසා ඒකෙ ලොකූ අවුලක් නෑ මම හිතන්නෙ! :P

තවත් ජාතියක් ඉන්නව මුලින් යාලුවෝ වගේ කෙල්ලන්ව ආශ්‍රය කරන. එහෙම ඉන්න ගමන් පොඩ්ඩක් side එකෙන් idea එකක් දාලා බලනවා මෙයා හරියනවද කියල. ඒ කියන්නෙ කෙල්ලට එයා තමන්ට ගොඩක් special කෙනෙක් කියල දැනෙන්න ඉඩ අරිනවා. හරියට හොයල බලනවා, ලස්සනට sweet විදියට කතා කරනවා, ඒත් ‘අහන්නෙ’ නෑ. (අර කියනකොට කියන්නෙ hopes දෙනවා කියල. අන්න ඒක!) ඉතිං මුලින් කෙල්ලත් හිතනවා “අනේ මෙයා හොඳ යාලුවෙක්!!” කියල. පස්සෙ පස්සෙ කෙල්ලටත් තියෙන්නෙ අසාමාන්‍ය නොවෙන හිතක් නම් එයාට හිතෙනව “මූ මට ඇත්තටම කැමතියි” කියල. ඉතිං එයා එහෙම හිතාගෙන වැඩ කරනවා “අද අහයි, හෙට අහයි!” කියල හිතාගෙන. දැන් මේ කොල්ලට මේ වගේ තව ගොඩාක් “ගෑනු යාලුවෝ” ඉන්නව. Multiple choice එකක් තියෙනව එයාට. 

ඔහොම ටිකක් කල් යනකොට අර කෙල්ලට මල පනිනව මූ අහන්නෙ නැති නිසා. ඒක කෙලින්ම අහන්න බැරි නිසා වෙන වෙන හේතුවක් නැති පොඩි දේවල් පිටින් ඒ තරහ දාල කෙල්ල කොල්ලව කන්න හදනව. “අම්බෝ.. මේක නම් වාතයක්!” කියල කොල්ලට හිතුන ගමන් එක්කෝ කොල්ල මොකුත් නූන ගානට ටික ටික contacts අඩු කරලා හරි, බැනලා හරි, අලි බොරුවක් කියල හරි ඔන්න shape වෙනව. බැරි වෙලාවත් අපි හිතමු අර කෙල්ල ඉන්නම බැරි තැන එයා අර කොල්ලට කැමතියි කිව්ව කියල. එතකොට කොල්ල ඇස් දෙක ලොකු කරලා අහනව “අනේ ඔයා කොහොමද මං ගැන එහෙම දෙයක් හිතුවෙවත්?!! මගෙ තුන් හිතකවත් ඔයා ගැන එහෙම අදහසක් නෑ!! අපි ඉතිං යාළුවොනේ..” කියල. මේකත් එක්තරා විදියක player type එකක් තමයි. එකම වෙනස කොල්ල “හොඳ ළමයා” label එකක් ගහන් ඉන්න එක.

එතකොට තව කට්ටියක් ඉන්නව, කෙල්ලෙක් දැක්ක ගමන් තමන්ට දැනෙන දේ තමයි ‘ආදරය’ කියල හිතාගෙන ඉන්න. ඒ වුනාට ඒක ඇත්තටම ආදරේ නෙවෙයි. මේකත් අර මුලින්ම කිව්ව ජාතියට පොඩ්ඩක් සමානයි. මෙයාලට girlfriend කෙනෙක් හිටියත් එකයි නැතත් එකයි. කෙල්ල හොඳයි කියලා හිතුනොත් අහනව, ඊට පස්සෙ එච්චරයි. එයාල කෙල්ලගෙන් හැම දේම බලාපොරොත්තු වෙනව in return කිසි දෙයක් නොකර. “ආදරෙයි, ආදරෙයි, ආදරෙයි...!!!” කියල විතරක් ම කියනව. ඒක ඉතිං ඕනි කෙනෙක්ට කියන්න පුළුවන් නෙ. වචන විතරයි, වෙන කිසි දෙයක් එයාලගෙ ආදරේ නෑ. ඔයාට එපා නම් මටත් එපා මානසිකත්වෙන් තමයි හැම වෙලේම ඉන්නෙ..
තව කට්ටිය ඉන්නව කිසිම හේතුවක් නැතුව හරියට දන්නෙවත් නැති කෙල්ලො පස්සෙන් ලෝකේ නැති බැනුම් අහගෙනත් “අනේ අනේ..” කිය කිය යන අය. ඒ කිව්වේ හේතු පැහැදිලි කරාට තේරුම් ගන්න හැකියාවක් නැති අය. තව ඉන්නව අත් හදා බලන්න කෙල්ලන්ගෙන් අහන අය. අදාළ හරි එකට කලින් rehearsal කරනව වගේ. ආදරේ කියන්නෙ ඇත්තටම මොකද්ද කියල හැඟීමක්වත් නැති අය.

ඉතිං.. මේ අතරේ ඉන්නව ආදරේ කියන්නෙ මොකද්ද කියල ඇත්තටම අඳුරගෙන කෙල්ලෙක්ට ආදරේ කරන, එයාව සතුටෙන් තියන්න මහන්සි වෙන කට්ටියත්. ඒත් එහෙම කට්ටිය සාපේක්ෂව ගොඩක් අඩුයි! ඒ එක්කම සහෝදරයො තරමටම හොඳ යාළුවො වගේම යාළුකම විතරක් හිතේ තියාගෙන ඉඳලා කෙල්ල විහින් වෙන දේවල් හිතා ගෙන අහිංසක කොල්ලව කන්න හදන අවස්ථාත් තියෙනව. නැතුව නෙවෙයි.

කොහොම හරි ආදරේ කියන්නෙ මොකද්ද කියල ගොඩක් අයට වැටහීමක් නෑ. ඒක බොහොම පැහැදිලි සත්‍යයක් නෙ. ඒ නිසා අනේ කොල්ලනේ, කෙල්ලෙක් ගෙන් අහල එක affair එකක් පටන් ගන්න කලින් ඒක ගෙන පොඩ්ඩක් බැලුවනම් හරි නේද? ඇයි අප්පා.. Affairs පනහක විතර කරලා එපා වෙන්නැද්ද!!??? හික් හික්...
ඔන්න මම ලියල ඉවරයි.. දැන් ඉතින් මට බනින්න එපා හොඳේ... :D




12 comments:

This comment has been removed by the author.
 
:D :D kohenda appe mechchara dewal hoyagatte ..
" ආදරේ කියන්නෙ මොකද්ද කියල ගොඩක් අයට වැටහීමක් නෑ" danna ekkena ekat kiyamuda balanna .. :p :p
 
hehe.. ඒකනෙ! මම හොඳයි! :P ආහ්හ්.. පස්සෙ වෙලාවක කියන්නම්කො හොඳේ?? :))
 
මට දැන් හිතාගන්න බැරි මේ ගොඩෙන් මම අයිති මොන ගොඩටද කියල. :P එහෙම නැත්තං මෙතන නැති වෙන ගොඩක් තියෙනවද කියලත් හිතාගන්න බෑ. :P
 
hehehe... ඔහොම හිතාගෙන හිතාගෙන යනකොට ඒක කල්පනා වෙයි! :P :P ආහ්හ්... ඒකත් ඇත්ත නෙහ්..? :D අනේ අන්න එහෙම වෙන ගොඩක් මතක් වුනොත් මටත් පොඩ්ඩක් කියන්න හොඳේ..? :D
 
ගරල් පෙන් අනුව පේමය වෙනස් වෙනවා...සමාරුන්ට දවසෙම පෝන් එකෙ ඉන්න ඕනි සමාරුන්ට එහෙම නෑ..කොහොම කිව්වත් සමහර දක්ෂයින්ට කොතන ගියත් කැල්ලක් සෙට් වෙනවා...හිතන්න ඇත්තටම හැමෝටම උදව්කරන හොඳ කොල්ලෙක් කියල..ඉතින් එයා හොඳ නිසාම කෙල්ලො කැමතියි ඌට...
 
hehe..ඔව් ඉතිං... ඒකත් ඇත්ත.. :D
 
ආදරේ කියන්නේ මේවා මේවා කරන එකයි මේවා මේවා නොකරන එකයි කියලා කොටු කරලා පෙන්නන්න පුළුවන්ද?
මේ ඔයා ඔයාගේ රාමුවේ ඉඳන් ආදරේ කියන දේ දකින විදිහ. ආදරේ කියනදේ එක එක අය එක එක විදිහටයි කරන්නේ. ඔයා මේ ලියලා තියෙන දේවල් හැම තැනදිම හැම කෙනාටම ඇප්ලයි වෙන්නේ නෑ!
 
අපොයි ඔව් මම ඒක පිලිගන්නවා.. :) ඕනි කෙනෙක්ගෙ බ්ලොග් එකක තියෙන්නෙ ඒක ලියන කෙනා ඒ දේවල් දකින විදියනෙ ඉතිං.. කොටු කරල පෙන්නන්න නෙවෙයි, නිකන් මගේ අදහසක් ලිව්වා.. තව ගොඩක් ජාති වල කට්ටිය ඉන්නව වුනාට එතකොට පොස්ට් එක දිග වැඩි වෙයි කියල හිතුනා :D හැම කෙනාටම ඇප්ලයි නැහැ තමයි, ඒත් මේ කියල තියෙන ජාතිවල කට්ටිය නම් හැබෑ ලෝකෙ ඉන්නව.. :)
කොහොම හරි මේ පැත්තෙ ඇවිත් අදහස් කිව්වට ස්තූතියි පූසෝ!! :D :P
 
අඩේ...,,, මාව දාන්න මේකේ category එකක් නෑනේ..!! :D ;) තව ජාතියක් ඉන්නවා, උන්ට කෙල්ලව සෙට් කරගන්න බැරි උනාම ආදරේ වැඩි කමට ලොවෙත් නැති දේවල් කියලා සෙට් වෙලා ඉන්න කොල්ලව Break-up කරවනවා. ඒකට ප්‍රතිචාර දක්වන විදිය අනුව කෙල්ලෝ ජාති 2ක් ඉන්නවා,, පලවෙනි ජාතියේ කෙල්ලෝ මේ පැත්තෙන් දාන හෙනහුරාට හොඳවයින් දෙකක්(හෝ තුනක්) කියල ගණන් නොගෙන ඉන්නවා. දෙවෙනි ජාතියේ උන් මුලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ හොඳයි කියල වැඩි සෙනේ පාන්න ගිහින් කෙලවගෙන අන්තිමට පලවෙනි කොල්ලටම ආයේ ප්ලග් එක ගහනවා..!! ලොල්
 
හප්පච්චියේ මේකේ වැරදිමනේ තියෙන්නේ... ඉතින් ඔච්චර දන්න එකේ හරි දේවල් ටිකත් දාන්න.. :පී
 
@හේමලයා & amith -
මේක update කරන්න හිතාගෙන ඉන්නවා අප්පා ඒත් වෙලාවක් නෑ නෙ.. වෙලාවක් ලැබුන වෙලාවක දාන්නම් හොඳේ.. :D
 

Post a Comment