Thursday, January 5, 2012

වැත්තක් වයිනෝ...

වැත්තක් වයිනෝ...


“වැත්ත වයිනවා - මිඩුලෙ වතුල පිලෙනවා...”
හඬ තලයි එහා ගෙදර පොඩි එකා
කණ ගාව හිඳ...
ෂික්!!!!!
මේ මල ජරා වැස්ස නිසා
ඌට ගිය ආතල් එකක්!!
ලැපේ බැට්‍රිත් ෂුවර් නැතුව
කොහොමද යන්නෙ net වත්!
හොඳයි ගියා මයි කියමුකො!
සිග්නල් දෙන්නෙ බාප්පද එතකොට??!!!
(දැන් ඉතිං tooth paste ද අහල මගේ වැදගත් mood එක අවුල් කරන්න එපා.. හරිය????)
“බීප් බීප්!” කෙල්ල message එකක් එවල!
කමක් නෑ... පැමිණි දුක් පැණි රසයි!
මලක් කඩා ගන්න ආව ඇඳට..


Battery low!” හරි මාරයි!!!!
හුටා!! ගියා ලයිට්!!! කාල වරෙන්කො!
පැණි රසක් කොහෙද ඕයි! තිත්තයි; අජූතයි!!
එනව කෝල් එකක්!
“හෙලෝ?”
“හෙ..ඇ..ස්ස්..බ..ස්ස් ම...ස්ස්..ස්ස්..”
“ආ.. ඔව්! ඒක තමයි!! හා!!”
හරි! off වුනා ෆෝන් එක!
දැන් ඉතිං මතක් වෙනව වි.බ.ම. යේ සදාදරනීයයන්,
සෙත් කවි ගලාගෙන එනව හිතට; වැල නොකැඩී...
ලෑන්ඩ් ෆෝන් එක??
පට්ටාස්!!! ගැහුවා අකුණක්!
එක්කො ඕන්නෑ ..
පවුල බේරගත්ත වගේ ද මං මළොත්!
ජංගියක් ගහගෙන මෙලෝ විචාරයක් නැතුව
උඩ පනින අර පොඩි එකාට
තේරෙනවෑ ඔව්ව!!!
“ලේන් ලේන් ගෝ අවේ - කම්ම ගේන නද ඩේ..!!”
හා කමක් නැද්ද???
අනේ මුගේ ගෙදට්ටම ආයෙ වැහැපන්
මෙහාට නං එපා දෙයියනේ!!!


පට්ටාස්!!!! ගැහුවා තව අකුණක්!!!!
අ... නෑ මං මොකුත් කිව්වෙ නෑ!!
*#@(>>#@/*

4 comments:

හික්ස්.... සිරා!! ලං.වී.ම. ට මම දිග ලියුමකුත් ලිව්වා අවුරුදු දෙකකට කලින් අපේ ගෙවල් පැත්තට හැමදාම ශෝක් එකට කරන්ට් දුන්නු එකට පින් දීලා!! ඒ මදිවට වෙනම පොතකුත් ගත්ත එයාලගේ හපන්කම් සටහන් කරගන්න...දින වේලා ඇතුව!!! ඒක මතක උණා , මේක දැකලා!!! :))))
 
අහ්හ්හ්.. උණා ද?? lol.. හා කෝ!! :P :P hahaa..
අනේ පවු.. ලංවීමේ අසරණයෝ... hehe.. ස්තුතියි වේවා anyway අයියා... :D :D
 
නියමයි..
 
@ Ice (අයේෂා කුලතුංග)- hehe...එල! ස්තුතියි මේ පැත්තෙ ආවට... :) :)
 

Post a Comment