Monday, December 5, 2011

එන්න... සිතූගේ සිහිනයට....



එන්න... සිතූගේ සිහිනයට....




එන්න අතින් අල්ලාන
සිහින සිත්තම් තුල සැරිසරන්න...
හැම විසල් ජයක්, නිර්මාණයක් පසු පස්සෙම
කොහේ කොතැනක හෝ
පුංචි හීනයක් ඊට මුල පුරපු බව අමතක නොකරම...
ජිවිතේ දහසකුත් එකක් ප්‍රශ්න වල බර
මොහොතකට බිමින් තියල
සුවබර සිහිනයක  සැහැල්ලු සතුට
හදවතට දන්වන්න.....
සහසක් පැතුම් මල් පිපුණු  ආදරණිය ජීවිතය
විඳගන්න එන්න; සිහින සිත්තම් කරන්න....

4 comments:

බලාන ඉන්නවා හැමදාමත් ,
සිත්තම් වන සිහින දිහා...
ජීවිතේ ලස්සන,
ගලපන්න සිහිනෙකට,
හැමදාම හැකිවෙන්න,
පතනවා හදවතින්....

ලස්සනයි පද ටික...දිගටම ලියන්න නංගෝ...
 
Thank youuuuuuuu ayyaa... i owe you BIG TIME!!!
මට ලැබුණු පළවෙනි comment එක.. it means A LOT to me!
Thanks a million times! :)
 
ලස්සනයි..
දිගටම ලියන්න නංගී...
 
Thank you ayya!! :) :)
 

Post a Comment