Saturday, December 31, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)

සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)


සති මාස ගෙවී ගොස්
සිනා කඳුලැලි මැදින්
කල කියූ විඳි සියල්
හදවතේ ඉතිරි කර
මිතුරු කෙලි කවටකම්
අඬ දබර සිත් තැවුල්
ජය පරාජය සමඟ
වසරක් ම නික්මිලා...

ගෙවුණු වසරේ මෙන්ම
අදත් අත අල්ලාන
සෙනෙහසින් ළඟ ඉන්න
දයාබර යාලුවේ...,
ගෙවුණු වසරේ දෙයක්
සිත් රිදුම්, වැරදීම්
ගැන හිතා එපා තව
ටිකක් වත් ලතැවෙන්න.....


ගෙවුණ දින පසෙක ලා
හෙට පිණිස නැගිටින්න
අලුත් වසරක මිහිරි
උනුහුමට ඉඩ දෙන්න
ජිවිතේ ගෙවෙන හැම
මොහොතක්ම විඳගන්න
අද නැතොත් හෙට ඔබේ!
එපා සැකයක් ගන්න.....

සිත් කයේ රෝ සිඳී
දුක් තැවුල් නිවේවා...!!
සිත් තොසින් සත් සතන්
සිනා මල් පිපේවා..!!
නොහුණ හැම පැතුමක් ම
ඒ ලෙසේම පිරේවා...!!!
ලැබූ දෙදහස් දොළහ
සතුට රජ කෙරේවා....!!!!


6 comments:

පතන්නා වූ සියලුඋම දෑ,ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!! ඔබටත් ලැබූ නව වසර,සුබම සුබ වේවා!!!!
 
:) බොහොම ස්තුතීයි අයියා.. සියලු යහ පැතුම් ඉටු වේවා!!! :)
 
පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
නෙළුම් විලක් සේ සුවද සැදේවා!
වසන්තයක් සේ දිවි සරු වේවා!
මේ නව වසරේ කිරි ඉතිරේවා!
 
උඹට නම් කෙල්ලෙ කිරි ඉතිරේ වා කියල වැඩක් නෑනේ ...
සිතුම් පැතුම් ඉටු වෙන නව වසරක් වේවා .. කියල පතන්නම්.
 
කිරි ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!
 
@ බට්ටි - හරිම ලස්සනට එකතු කරපු අවුරුදු පැතුමක්!! :) බොහොම ස්තුතීයි!! සියලු යහ පැතුම් ඉටු වේවා!!! :)

@kumaraya - ඇයි අපිට කිරි ඉතිරුනොත් නරකද?? :P :P hehe.. බොහොම ස්තුතීයි!! සියලු යහ පැතුම් ඉටු වේවා!!! :)

@අසරණයා - බොහොම ස්තුතීයි!! සියලු යහ පැතුම් ඉටු වේවා!!! :)
 

Post a Comment