Sunday, December 25, 2011

සුබ උපන් දිනයක් වේවා!! සිනා බෝ වේවා!!! :)

සුබ උපන් දිනයක් වේවා!! සිනා බෝ වේවා!!! :)


විසි වසක පෙර ඇරඹි
ලබැඳි ඒ කතාවේ
එදා ඒ බැඳුණු මුදු
ළපටි අතැඟිලි අදත්
එදා මෙන් සෙනෙහසින්
බැඳී ඇති මහ අරුම
උණුහුමින් රුහිරයේ
උනුන් සුවපත් කෙරුණ....

සිනහවෙන් කඳුළකින්
පිරුණු රස පිරි කතා
ආදරෙන් බෙදා ගත්
විසම සම හැම සිතැඟි
වැටුණු හැම විටෙකදිම
නැගිටින්ට අත පාපු
කඳුළු වැල් පිස ද දා
සිනහවෙන් දිරි දීපු....


සීත උඳුවප් මහේ
ජේසු බිලිඳුන් ඉපිදි
පින් පිරුණු නත්තලේ
මෙලොව ඉරු දැකල ඔබ
අදට වස් විසි තුනයි
දයාබර සොයුරියේ,
මහමෙරක් සේ දැනුන
හරි පුංචි කාලයක්....

ගෙවෙන හැම මොහොතක්ම
සුබ වෙන්න පතන්නම්
සතුට ඔබ සොය සොයා
හුස්ම සේ හඹා එන
පැතුම් මල් ඒ ලෙසින්
අතු වසා පූදින්ට
දුක් කඳුළු සිත් තැවුල්
කොහේ දැයි නොපෙනෙන්ට
තවත් මතු භවේදී
මටම සොයුරිය වෙන්න
ඔබ තැබූ පියවරේ
මට යන්ට ඉඩ දෙන්න....


සිතූගේ චූටි අක්කාට සුබ උපන් දිනයක් වේවා!!
සිනා බෝ වේවා!!! :)

3 comments:

සිතුගේ අක්කාට සුබ උපන් දිනක් වේවා!!!
 
මාත් සුභපැතුවා කියන්න....
 
හී... අක්ක වෙනුවට මම බොහොම ස්තූතියි කියන්නම් oky? :D :D :)
 

Post a Comment