Tuesday, December 6, 2011

මං බල්ලා..


මං බල්ලා..


මං බල්ලෙක්....
අනේ වරදවා වටහා ගන්ට එපා,
නොහොඹිනා කමකට කීවා නොවේ..
මං අවංකවම බල්ලෙක්...
අර ඔබ දන්නා,
බුඃ කියන ජාතියේ එකෙක්...
මගේ නම ‘සෝමපාල’..
මගෙ අම්ම, තාත්ත දාපු නම තමා ඒ
මා උපන් කොට......
“ෂැගී !!”
මේ ගෙදර එව්වො කොහෙවත් යන
‘බල්ලෙක්’ ගෙ නමින්
කතා කරන්නේ මට ඒ වුනාට....
හත් දෙයියනේ මේ මොන අපරාදයක් ද??
මගේ නම සෝමපාල කොට,
වෙන නං වලින් බැන අඬගහන්නෙ
අහවල් එහෙකටද!!!???
මට ෂැගී කියන හැම වෙලාවේම
ඊට වඩා හයියෙන් කෑගහනව
“සෝමපාල” කියල මං!
ඒත් උන් හිතන්නෙ
මං හරී අසාවෙන්
ප්‍රතිචාර දක්වනවා කියලා!!
(වචනෙ හරිද මන්දා...
කමක් නෑ...
මං බල්ලෙක් විත්තිය ඔබ නොදන්නවා යැ!)

දවසක් දා මං
එලි පහලියට ගිය වේලේ
“බලු වැඩ කරන්න එපා!” කියා
බැන වැදුනා ගෙදර අය නොසැහෙන්න මට!
ඇයි දෙයියනේ!
මං උපතින් බල්ලෙක් වුනු කොට,
බලු වැඩ නොකර
‘වලස් වැඩ’ කරන්ඩ යැ!
අනේ මන්ද!
මං මේ කල්පනා කොළේ,
බල්ලො වෙච්චි අපට
ඇහැකි තේරුම් ගන්ට
ඔය මිනිස්සු කියන හැම උලව්වක් ම!
ඒත් ඉතිං මිනිස්සුන්ට කියලා
පුළුවනෑ ඒ තරම් දෙයක්??
උන් හිතන්නෙ අපි ඉන්නෙ
‘බුක්’ ගා ගත්ත ගමන් මයි කියලා,
හැම දෙකටම!
ඒ අතින් බලනකොට
දැන් මිනිස්සු ‘බල්ලට ගිහිං’ කීම,
අපට ඒ තරං හොඳ මදි හැඩයි මටනං.......
හැමෝටම වඩා උසස් යැයි කියා ගන්නා
ඔය මිනිස් මොලේට වඩා,
උන්ව තේරුම් අරං කටයුතු කරන
අපේ බලු මොලය උසස් බවයි
ඉතිං මගේ නම් ‘බලු හැඟීම!’
(ඇයි යකෝ රවන්නේ???
මං කලිනුත් කිව්වේ,
මං බල්ලෙක් ය කියලා!!!)

-මීට සෝමපාල.


10 comments:

හහ් හහ් හා...තේමාව හොඳයි නංගී.. හැබැයි බල්ලො එක්ක නිදා ගත්තොත් බලු මැක්කො එක්ක තමයි නැගිටින්න වෙන්නෙ.. ලොල්
 
අනේද කියන්නේ මේ බල්ලෝ නං!!!! :p
 
බුඃ කියන ජාතියේ එකෙක්...ලොල්
 
බුහ් බූහ්...
(හොඳයි කියලා කිවුවෙ...)
 
හූ ලෙට් ද ඩෝග් අවුට්???
 
@Dulitha Sameera- hehe...දන්නවා අයියා.. එකනේ අපි බල්ලොත් එක්ක නිදා ගන්නෙ නැත්තේ... ;) :P

@ජංජාල චාමර- එකනේ.. අනේද කියන්නේ.. බල්ලොත් එක්ක බෑ නෙහ්??? hehe :P

@PULASTHI- බුඃ නෙවෙයි අනේ.. " බුක්!!" hehe ;)

@Mahesh Wickramasinghe- ආහ්හ්..ඒකද කිව්වේ?? බොහෝම ස්තූතියි!!!! ^_^ ('බුහ් විදියට කියන්න නම් කොහොමද දන්නේ නෑ.. :D :P )

@ඒෂියන්-අනේ සෝමපාල කියන්නෙ කඩ්ඩ බැරි සිංහල බල්ලෙක්. hehehe.. ;)
 
සෝමපාල නියමෙට බුක් කියල තියෙන්නෙ. :ඩී
 
@Apple Malli - hehe..ඌ එල බල්ලෙක් නෙහ්?..:P
 
ඇත්තටම මූ බල්ලෙක්ද? උන්ට සිංහලත් බෑනෙ
 
@MY world- බල්ලෙක් තමයි අනේ.. කවුද කියන්නෙ සිංහල බෑ කියලා..? hehe :P
 

Post a Comment